UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙරභවය යි කර්ම විපාකය යි 03

මිහිපිට වටිනාම ප්‍රාසාදය හිමි වුණත් දරුවන් අහිමි වූ යුවළ

මිහිපිට අසදෘශ දෙවිවිමනක් බඳු වූ කෝකනඳ ප්‍රාසාදය තමාගේ පරිහරණයට ගැනීමට පෙර තෙරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට සිතූ කුමාරයා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ සඟනට තම ප්‍රාසාදයෙහි දානයට ආරාධනා කළේය. එතෙක් දරු සම්පත් නොලබා සිටි බෝධිරාජ කුමාරයා හා කුමරිය මේ දානය පිරිනැමීමේ ප්‍රධාන අපේක්ෂාව වශයෙන් තබා ගත්තේ දරු සම්පත් ලබා ගැනීමයි. ඒ බලාපොරොත්තුව ඉටුවන්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා නිවසට ප්‍රවේශ මාර්ගයේ විශේෂ පළසක් ඇතිරීය. බුදුරදුන් ඇතුළු මහසඟන පළස මතින් වැඩිය හොත් දරුවන් ලැබෙන බවත්, පළස නොපාගා වැඩියහොත් දරුවන් නොලැබෙන බවත් ඔහු සිත් තබා ගත්තේය.

බෝධිරාජ කුමාරයා මිහිපිට වෙනත් ප්‍රාසාදයකට සම කළ නොහැකි වන පරිදි ‘කෝකනද’ නම් වූ අනර්ඝ ප්‍රාසාදයක් කළේය. මෙම ප්‍රසාදය ඉදිකළ වඩුවා වෙනත් කිසිඳු ප්‍රාසාදයක් කළ නොහැකිවන පරිදි අත් පා කැපීමට හෝ අන්ධ කිරීමට හෝ මරා දැමීමට බෝධිරාජ කුමරු කල්පනා කළේය. තම ප්‍රාසාදය කළ වඩුවා ඊට වඩා අනර්ඝ ප්‍රාසාදයක් කළහොත් තමාගේ ප්‍රාසාදය දෙවෙනි තැනට වැටෙන බැවින් මේ විශ්වකර්ම නිර්මාණකරුවා නැවත එවන් දෙයක් කළ නොහැකි තත්වයට පත් කිරීමට බෝධීරාජ කුමාරයාද සිතීය. කෙසේ හෝ රජුගේ මේ කුමන්ත්‍රණය දැනගත් වඩුවා අඹූදරුවන් සමඟ හිමවත් ප්‍රදේශයට ගොස් විශ්වකර්ම නගරයක් නිර්මාණය කොට කාෂ්ඨවාහාන නමින් එහි රජ බවට පත්ව ඇත.

මිහිපිට අසදෘශ දෙවිවිමනක් බඳු වූ කෝකනඳ ප්‍රාසාදය තමාගේ පරිහරණයට ගැනීමට පෙර තෙරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට සිතූ කුමාරයා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ සඟනට තම ප්‍රාසාදයෙහි දානයට ආරාධනා කළේය. එතෙක් දරු සම්පත් නොලබා සිටි බෝධිරාජ කුමාරයා හා කුමරිය මේ දානය පිරිනැමීමේ ප්‍රධාන අපේක්ෂාව වශයෙන් තබා ගත්තේ දරු සම්පත් ලබා ගැනීමයි. ඒ බලාපොරොත්තුව ඉටුවන්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා නිවසට ප්‍රවේශ මාර්ගයේ විශේෂ පළසක් ඇතිරීය. බුදුරදුන් ඇතුළු මහසඟන පළස මතින් වැඩිය හොත් දරුවන් ලැබෙන බවත්, පළස නොපාගා වැඩියහොත් දරුවන් නොලැබෙන බවත් ඔහු සිත් තබා ගත්තේය. ඔහුගේ සිතෙහි වු මේ පැතුම දැනගත් බුදුරජාණන් වහන්සේ ඒ පළසම එලු තැනට වැඩ එය නොපාගමින් වැඩ සිටියේය. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගත් බෝධිරාජ කුමාරයා තෙවරක්ම බුදුරජාණන් වහන්සේට එම පළස මතින් වඩින ලෙස ආරාධනා කළද නොවැඩ සිටියේය. මෙය දුටු ආනන්ද තෙරුණූවෝ එම පළසම කිසිදා ශ්‍රී පාදර්පර්ශයෙන් ස්පර්ශකොට බුදුරදුන් නොවඩින බව දැන එය ඉවත් කරන ලෙස බෝධිරාජ කුමාරයාට දැන්විය. එය ඉවත් කළ පසු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟ රුවන මාලිගයට වැඩමකොට දානය පිළිගෙන වැළදූහ.

දන් වළදා අවසන් වු බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණී බෝධිරාජ කුමාරයා බුදුරදුන්ට මෙසේ සැළ කළේය.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේට බොහෝ උපකාර කළ අයෙක්මි. තෙවරක්ම ඔබ වහන්සේ සරණගිය අයෙක්මි. පළමුවාරය නම් මව් කුසෙහිදීය. දෙවනවර තරුණ කාලයේය. තෙවැනිවර නුවණැත්තෙක් වූ විටය. එසේ වු මා කෙරෙහි කුමක් නිසා මාවිසින් එළන ලද පාවඩය නොපාගා වැඩියේද යනුවෙන් විචාළේය.

(භන්තේ අහං තුම්භාකං උපකාරකෝ තික්ඛත්තුං සරණාගතෝ කුච්ඡිගතෝච කිරම්හි ඒකවාරං සරණාගතෝ, දුතියං තරුණ දාරකකාලේ, තතියං විඤ්ඤුනාචාං පත්තකාලේ, තස්ස මේ තස්මා වේලපත්තිකං තං අනක්කමිත්ථාති)

එවිට බුදුරජාණන් වහන්සේ, “රාජ කුමාරය ඔබ එම පාවාඩය එළන ලද්දේ යම් අභිලාෂයක් ඇතිවද එම අභිලාෂය ඉටුනොවන නිසා එය පාගා නොවැඩියේය. යනුවෙන් පැවසූහ”

(කිංපන ත්වං කුමාර චින්තෙත්වා වේලානි අත්ථරිති ...තේනේවාහං තං නාක්කමින්ති)

මෙයින් කනගාටුවට පත් බෝධිරාජ කුමාරයා තමාට මෙසේ දුවාදරුවන් අහිමිවීමට හේතුව කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් විචාළේය. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙය ඔහුගේ හා ඔහුගේ භාර්යාවගේ අතීත අකුශල කර්මයක ප්‍රතිඵලයක් නිසා ඇතිවූ කර්මවිපාකයක් බවයි. එම අකුසල කර්මය ඇසීමට කැමැති වූ බෝධිරාජ කුමාරයාට බුදුරජාණන් වහන්සේ ඔහුගේ හා බිරිඳගේ අකුශල කර්මය මෙසේ ගෙනහැර දැක්වූහ.

අතීතයෙහි එක් දිනක මේ දෙදෙනා සමඟ විශාල පිරිසක් නැව් නැගි වෙනත් දිවයිනක් කරා ගමන් කරන්නේ මුහුද මැද දී නැව අනතුරකට ලක් වී කැඩි ගියේය. මේ දෙදෙන ලී කොටයක ආධාරයෙන් පිහිනා එක්තරා ගොඩබිමකට පැමිණියහ. සෙසු සියලු දෙනා එහිදී මරණයට පත් වූහ. මේ දෙදෙනා සේන්දු වු ගොඩ බිමෙහි විශාල පක්ෂි සමූහයක වාසස්ථාන විය. ආහාරයක් සෙවු ඔවුන්ට කිසිත් නොලැබුණු නිසා පක්ෂීන්ගේ බිත්තර දැක ගිනි දල්වා ඒවා ගින්නෙහි ලා පුළුස්සා කන්නට විය. එතැන්සිට බිත්තර ඔවුන්ගේ ආහාරය බවට පත්විය. මෙසේ කාලයක් බිත්තර වලින් ජීවත් වු ඔවුන්ට ඒවා ක්‍රමයෙන් අඩු වූ නිසා කුඩා කුරුළු පැටව් ද ගින්නෙහි ලා පුළුස්සා කන්නට විය. පසුව කුරුළු පැටව් ද හිඟ වූ නිසා ක්‍රමයෙන් මධ්‍යම වයසේ ලොකු වයසේ ආදී වශයෙන් පක්ෂීන් ද මරා පුළුස්සා කන්නට වූහ. මෙසේ ඔහුගේ දිවි අවසන් වන තෙක් ආහාර වූයේ පක්ෂි බිත්තර හා පක්ෂීන්ය. එහි විපාක වශයෙන් ඔවුන් දරුවන් නොලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

(තේ අඤ්ඤං පාදිතබ්බ් අදිස්වා ජාතජ්ඣත්තා කතුනණ්ඩකානි අගාරෙසු පචිත්වා බාදිංසු,තේසු අප්පහොන්තේසු සකුණච්ඡාසේ ගහෙත්වා බාසිංසු ඒවං පඨමවයසේපි මජ්මවයසේපි පච්ඡිමවයසේපි ඛාදිංසුයේව)

එම දිවයිනෙහිදී විශේෂයෙන් පක්ෂීන්ගේ බිත්තර හා පක්ෂීන් ආහාරයට ගැනීමේ අකුශල කර්මයේ විපාක වශයෙන් ආත්ම ගණනාවක් දූදරුවන් අහිමිව ඉපිදී මේඅත් බවෙහිද දරුවන් ලැබීමේ වාසනාව අහිමි කරගත්හ.

ජීවත්වන අප කාටත් මේ කතාව තුළින් ලබා දෙන්නේ වටිනා උපදේශයකි. විශේෂයෙන් සත්වයන්ගේ ජීවිත තොරකිරීම මෙලොව වශයෙන්ම ශාරිරික දුබලතා ඇතිවීමට මෙන්ම විවිධ ආබාධයන් ඇතිවීම සඳහා ඍජුවම බලපාන බැවිනි. මතු ආත්මයන්හි ශරීර අංග අහිමිව ඉපදීමට මෙන්ම ජීවිතයේ වටිනාම සම්පත වන දූදරුවන් අහිමිව ඉපදීමට එය ඍජුවම බලපාන බව මෙම බෝධිරාජ කතාව තුළින් අපට ලබා දෙන වැදගත් පාඩමකි.


පෙරභවය යි කර්ම විපාකය යි 02 භාග්‍ය සම්පත්තියකින් යුක්ත වූ සීවලී මහරහතන් වහන්සේ

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]