UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපත අයහපත

යහපත අයහපත

බුදුහාමුදුරුවනේ, ඔබවහන්සේ යහපත් වැඩට නිසිමඟ දේශනා කළත්, අයහපත් වැඩට නිසි මඟ දේශනා කරන්නේ නැහැ නේද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවන් දේශනා කරනවා මම යහපත් වැඩට නිසිමඟත් දන්නවා. අයහපත් වැඩට නිසිමඟත් දන්නවා. නමුත් මම දන්න සියල්ල ලෝක සත්වයාට දේශනා කරන්නේ නැහැ. මම ලෝක සත්වයාට දේශනා කරන්නේ ඒ අයට යහපතක් සිද්ධවෙයි කියල සිතන දේ පමණයි කියලා. එසේ දේශනා කරන බුදුපියාණන් වහන්සේගෙන් බමුණා ඉල්ලා සිටිනවා බුදුපියාණන් වහන්ස, වැඩ අවැඩ දෙකම පැහැදිලි කරදෙන ලෙස.

බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන සමයෙහි සැවැත්නුවර එතරම් ප්‍රසිද්ධියක් නැති බමුණෙක් ජීවත් වුණා. මේ බමුණා බොහෝ මිල මුදල් තිබුණ ධනවත් පුද්ගලයෙක්. ධනවත් වුවත් ඔහුගේ වැඩි කැමැත්තක් තිබුණේ සූදු ක්‍රීඩාවටයි. ඔහු සූදු ක්‍රීඩාවෙහි ඉතාමත් දක්ෂයි. සූදු ක්‍රීඩාවෙහි දක්ෂ පුද්ගලයකු වුවද ඔහු එම ක්‍රියාවෙහි ඇබ්බැහිවෙලා හිටපු නිසාම තමන් සතු වූ ධනවත්කම ක්‍රමයෙන් වෙනස් වුණා.

දූකෙළියෙහි යෙදීමට කැමැත්ත දැක්වූ බමුණා මිල මුදල් ආර්ථිකය අතින් අඟ හිඟ තත්ත්වයට පත්වුණත් බොහෝ විශාල පිරිස් බලයක් ඔහු සතු වුණා. ප්‍රඥාවෙන් අඩු වූ පුද්ගලයකු වුවද යම් තැනක කතා කිරීමට යාමේදී ඔහු සතු වු මුඛරිකම නිසාම අවස්ථානුකූලව කතාකරන්නට හැකියාවක් තිබුණා. ඥානයෙන් අඩු වුවත් ඥානය ඇතිකෙනකු ලෙස කතා කිරීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඒ වගේම ශ්‍රද්ධාසම්පන්න බවක් නොතිබුණත්,ආගම දහම පිළිබඳ පුළුල් වැටහීමක් නොතිබුණත්, ඔහු ආගම දහම පිළිබඳවත් කතාකරනවා. මිනිසුන් සමඟ ආගම දහම පිළිබඳ දොඩමළු වෙමින් නිතර කතාබහ කරන නිසාත් ආගම පිළිබඳව පුළුල් වැටහීමක් ඔහු සතුව ඇතිබවට අනෙක් පිරිස් විශ්වාස කළා. මොහුගේ කටේ පවතින වියත්කම නිසා වටපිටේ ආශ්‍රය කරන පිරිස සමඟ මෙසේ සාකච්ඡා කළාට ඔහුට එවැනි දැනුමක් තිබුණේ නැහැ. “බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන්ම යහපත් දෙය සඳහා මාර්ගය කියලා දුන්නට, බුදුහාමුදුරුවෝ වුණත් අයහපත් දේට ඒව කරන්නේ කොහොමද කියන මාර්ගය කියලා දෙන්නේ නැති බවට දිනක් ඔහු ප්‍රකාශ කරනු ලැබුවා. සමාජයේ අනෙක් පිරිසත් සමඟ මෙවැනි අදහස් කතාබස් කරමින් විවේචනය කරමින් සිටින එක ඔහුගේ කාර්යයක් වුණා. දිනක් බුදුපියාණන් වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවක බමුණා ප්‍රකාශ කරනවා” බුදුහාමුදුරුවනේ, ඔබවහන්සේ යහපත් වැඩට නිසිමඟ දේශනා කළත්, අයහපත් වැඩට නිසි මඟ දේශනා කරන්නේ නැහැ නේද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවන් දේශනා කරනවා මම යහපත් වැඩට නිසිමඟත් දන්නවා. අයහපත් වැඩට නිසිමඟත් දන්නවා. නමුත් මම දන්න සියල්ල ලෝක සත්වයාට දේශනා කරන්නේ නැහැ. මම ලෝක සත්වයාට දේශනා කරන්නේ ඒ අයට යහපතක් සිද්ධවෙයි කියල සිතන දේ පමණයි කියලා. එසේ දේශනා කරන බුදුපියාණන් වහන්සේගෙන් බමුණා ඉල්ලා සිටිනවා බුදුපියාණන් වහන්ස, වැඩ අවැඩ දෙකම පැහැදිලි කරදෙන ලෙස. එම ඉල්ලීම කළාට පසුව මෙම පුද්ගලයාගේ ගති ස්වභාවය බලා සමාජයේ පිරිහීමට පත්වන ගති ලක්ෂණ කිහිපයක් බුදුපියාණන් වහන්සේ පැහැදිළි කර දුන්නා. උන්වහන්සේ කාරණා හයක් පෙන්වා වදාළා. මෙම කාරණා හය ජීවිතයේ දියුණුවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුගේ දියුණුව වසා දමන කරුණු. ජීවිතයේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වන පුද්ගලයකුගේ එම බලාපොරොත්තු අභියෝග නැතිකරන කරුණු. උට්ඨාන වීර්යය නැති, අලසබව, වැඩිවන, තමන්ගේ දියුණුවට අවකැපෙන කරුණු තමයි බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබුවේ. උන්වහන්සේ මෙම කරුණු කාරණා පැහැදිලි කරනු ලැබුවේ සූදුවේ යෙදුන අලස කමින් කල්ගෙවපු තමන් සතු වූ ධනය ක්‍රමයෙන් විනාශ කරගත්ත බමුණාට. බුදුපියාණන් වහන්සේ දේශනාකරනු ලබනවා කිසියම් කෙනකු ඉර නැගෙන තුරු නිදාගන්නවා නම්, බමුණ ඒ කාරණාවම ඒ පුද්ගලයාගේ අවැඩ පිණිස හේතුවනවාය කියලා. පුද්ගලයකු හැටියට තමන්ගේ ජීවිතයේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් උදෑසන අවදි වී අදාලවැඩ කටයුතු වල යෙදෙන එක පුද්ගලයකු කළ යුතුම වැඩක් . නමුත් එහෙම නොකර මහා රාත්‍රිය වන තුරු අවදියෙන් සිටිමින් උදය වරුවේ වැඩිපුර නිදාගන්නා පුද්ගලයන් ඉන්නවා. ඒක තමන්ගේ ජීවිතයේ අවැඩට හේතුවන ප්‍රධාන කාරණාවක් බවට බුදුපියාණන් වහන්සේ වදාරණවා.

අලසව සිටීම ඊළඟ කාරණාව ලෙස පැහැදිලි කරනු ලබනවා. සමහර අයකු පෙරවරුවේ කිරීමට තිබෙන වැඩකටයුතු පස්වරුවේ කරන බවට සිතමින් කල්යවමින් නැවතත් දවල්ට යෙදුන වැඩකටයුතු සවසට කරනා බවට සිතමින් කල් දමනවා. සවසට වැඩකටයුතු උදයටම කල්දමනවා . දැන් අව්ව නිසා අව්ව බැස ගියාම පසුව කරනා බව සිතමින් කල් දමනවා. දැන් වැස්ස නිසා වැස්ස පායපු විට කරනා බව සිතමින් කල් දමනු ලබනවා. පින්න තිබෙන වෙලාවට අසනීප වැඩි බව සිතමින් පසුව කරනා බව සිතමින් කල්දමනවා. කම්මැලි පුද්ගලයා වැඩ කරනවාට වඩා වැඩියෙන් කරන්නේ වැඩ කල් දමන එකයි. කල් දමන වැඩ කල්යනවා මිස නැවත එය කිරීමක් වන්නෙත් නැහැ. එවිට තමන්ගේ දියුණුව අභිවෘද්ධිය නැතිවෙලා යනවා.

දරුණු වු රළුපරුෂ ගති ස්වභාවයත්, පුද්ගලයකුගේ සිතේ තිබෙනව නම්, ඒ පුද්ගලයාත් දියුණුව නැති අඩපණ වු පුද්ගලයකු බවට පත්කිරීමට හේතුවන බවට බුදුපියාණන් වහන්සේ වදාළ සෑම අවස්ථාවකදීම ඔලුව නොසන්සුන්. නිතරම තරහෙන් ඉන්නේ. කුරිරු සිතිවිලිමයි තියෙන්නේ. අනුන්ට විපත්තියක් කරන්නේ කොහොමද කියලයි සිතන්නේ. මේ සිතිවිලි වලින් දවස ගතකරන ඔහු තමන්ගේ ජීවිතයේ දියුණුව පිණිස හේතුවන වැඩක් කරන්නේ නැහැ. එබඳු මානසික තත්ත්වයන් තිබෙන පිරිස් සමාජයේ ඉන්නවා. ඒ අය දවසින් දවස තමන් ඉන්නා තැනින් පහළට වැටෙනවා.

බුදුහාමුදුරුවන් පැහැදිළි කරනු ලබනවා කළ යුතු දෙය කල්දැමීමට කටයුතු කිරීම කටයුත්ත නොකටයුත්ත අදය, හෙටය, අනිද්දා ය වශයෙන් සිතමින් කල්දැමීම සමහර අය තුළ තිබෙන පුුරුද්දක් .එසේ පුරුදු වීමත් ජීවිතයේ පිරිහීමට හේතුවෙනවා.

තමන් දුර බැහැර ගමනක් යන විට තමන් තනියෙන් යාමත් පිරිහීමට හේතුවන කාරණාවක් බව බුදුපියාණන් වහන්සේ වදාරනු ලබනවා. තමන් හුදකලාවම හැමදෙයම කරන්නට යාමෙන් දුර බැහැර වුවද ගමනක් බිමනක් යාම තමන්ට වෙන්නට තිබෙන විපත්තිදායක බව වැඩිය කියල දේශනා කළා. පරදාරසේවනය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන, ඒ ඔස්සේ හඹායන පුද්ගලයන් පිරිහීමට පත්වන බවට බුදුපියාණන් වහන්සේ වදාරණු ලබයි.

මේ ආකාරයට නොකටයුත්ත අයහපතෙහි යෙදුනාම එම අයහපතෙහි යෙදීමෙන් තමන්ගේ ජීවිතය පහළට වැටෙන ආකාරය බුදුපියාණන් වහන්සේ බමුණාට පැහැදිලි කරදෙනු ලැබුවා.

බුදුබණ ඇසීමෙන් පසු කාරණා හොඳින් තේරුම් ගත් බමුණා සිතන්නට පෙළඹුණා. තමන් ළඟ නැති අය පිළිබඳව විවේචනය කර කර සිටින එක සුදුසුද? නැද්ද? යන කාරණය ඔහු සිතන්නට පටන් ගත්තා. තමන්ට දැනුම නැතත් දැනුම තිබෙන ආකාරයෙන් අනෙක් පිරිසට ඇඟවෙන ලෙස කතාබහ කිරීමත් සුදුසුද නැද්ද යන කාරණාව සිතන්නට පෙළඹුණා.

සටහන හේමමාලා රන්දුනු

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]