UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයට සෞභාග්‍යය

ජීවිතයට සෞභාග්‍යය

විශේෂයෙන්ම කුටුම්භයක අම්මා තාත්තා අතර සමඟි “ස” යන්න දරුවන්ගේ ප්‍රවර්ධනයට ආයෝජනයක්. දරුවන් ගසක් නම් එම ගස හැදෙන්නේ වැඩෙන්නේ අම්මා තාත්තා කියන වතුරයි පොහොරයි නිසයි. වතුරයි පොහොරයි සමඟි නැත්නම් ගස කියන කුටුම්භය හැදෙන්නෙ නැහැ. දරුවන් කියන ඵලත් හැදෙන්නේ නැහැ. වතුර පොහොර සමඟ අමනාපවෙලා පොහොර වතුර සමඟ අමනාප නම් එක ගසක් හදන්නෙ කොහොමද? එනිසා වතුරයි පොහොරයි කියන්නේ අම්මා තාත්තා වගෙයි.

ජීවිතය එළිය කරන “ස” පිළිබඳව අන්තර්ගතවී ඇති වටිනා කාරණා අප දැනගත යුතුයි. සමෘද්ධිය ,සාමය, සෞභාග්‍යය,සතුට, සන්තෝෂය ,සමඟිය. සල්ලි, සම්පත් කියන “ස” යනු රාශිය ජීවිතයට කෙතරම් වටිනාකමක් එකකු කරනවද? ව්‍යාකරණයේ පවතින දන්තජ “ස” යන්න මූර්ධජ “ෂ” තාලුජ “ශ” යන්නට අමතරව ජීවිතයට අත්‍යවශ්‍ය “ස” යනු දෙකක් තිබෙනවා. ජීවිතය එළිය කරන විශාල වටිනාකමක් ඇති “ස” යනු දෙක වන සම්පත් “ස” යන්න සහ සන්තෝෂ “ස” යන්නයි. සම්පත් “ස” යන්නයි.

සන්තෝෂ “ස” යන්න ඉතා පැහැදිලි වටිනා සාධක දෙකකි. සම්පත් යනු කෑම් බීම්, ඉඳුම් හිටුම්, බේත්හේත් , ඇඳුම් පැළඳුම් , ගෙවල් දොරවල්, යානවාහන , ඉඩකඩම් වැනි බාහිරින් පෙනෙන්නට තිබෙන ජීවිතයට අත්‍යවශ්‍ය භෞතික දේවල්. සම්පත් නැතිව මිනිසුන්ට ජීවත්වීමට බැරි වුණත් සම්පත් “ස” යන්න තිබුණාට වැඩක් නැහැ සන්තෝෂ “ස” යන්න නැත්නම්. සම්පත් “ස” යන්න අවශ්‍ය කරන්නේ ජීවිතය ඉදිරියට ගෙනයන්න වුවත්, සම්පත් “ස” යන්නෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ, සන්තෝෂ “ස” යන්න නැත්නම්.සන්තෝෂය යනු ඉතාම මානසික තෘප්තියකින් ජීවිතය ගෙවීමයි. දරුවන් දෙමාපියන් ඇතුළු කුටුම්භය තුළ සම්පත් “ස” යන්න සමඟ සන්තෝෂ සුවඳ තිබෙනවා නම් එය ඉතාම වටිනා කාරණාවක්. සම්පත් තිබුණට සන්තෝෂයක සුවඳ වැදිල නැත්නම් ඒ තුළ අර්ථයක් නැහැ. සම්පත් “ස” යන්න හම්බ වෙන්නේ සල්ලි “ස” යන්නෙන්. සන්තෝෂ නමැති “ස” යන්න ලැබෙන්නේ සමඟි කියන “ස” යන්නෙන්, සම්පත් ලබාගැනීමට සල්ලි අවශ්‍ය වුවත්, එය ලබාගැනීමට සමඟි “ස”යන්න නැතිකරගෙන සන්තෝෂ “ස” යන්න විනාශ කරගන්නවා නම් වටිනාකමක් නැහැ. මෙතනදී සමඟිය පිළිබඳව විග්‍රහ කරන විට විශ්වීය සමඟියට වඩා යුක්තිසහගතව කුටුම්භය තුළ ඇතිවන්නා වූ සමඟියත් එක්ක කුටුම්භයකට ඉදිරියට ගමන්කළ හැකි බවයි. කිසියම් ධනවන්තයින් විසින් ආරම්භ කරන ලද ව්‍යාපාර ලංකාව තුළ තිබුණා. මීට දසක දෙක තුනකට පෙර යම් යම් කමිස , සරොම් නිෂ්පාදනය කරනු ලැබුවා. ඇතැම් විට එම දේශීය කර්මාන්ත නැතිවෙලා තිබෙනවා. එම දේශීය කර්මාන්ත වැටීමට තිබූ කුමන්ත්‍රණවලට හසුවුණා නම්, හසුවුණේ කොහොමද? තාත්තා සතු වූ විශාල ධනස්කන්ධය දරුවන් අතර බෙදාදීමට යාමේදී කම්පැණිය වැටිල දරුවන් යැපෙනවා. ලාංකේය ව්‍යාපාරිකයන්ට වැටහෙන්නේ නෑ දරුවන් සියලු දෙනාම සමඟ එක ව්‍යාපාරයක් කළ යුතුය. ව්‍යාපාරය දරුවන් අතර බෙදාදීමේදී ව්‍යාපාරය වැටෙනවාය කියන ආකල්පය වැටහෙන්නෙ නැහැ. සමහර ආයතන අදටත් රඳා පවතිනුයේ දරුවන් සියලුම දෙනා එක්කාසු වී එක කම්පැණියක් ආරක්ෂා කරන නිසා. එම සමාගමෙන් දරුවන් සියලුම දෙනාට යැපීමට හැකියාව තියෙනවා. එක සමාගමක් එක එක කොටස් වශයෙන් කෑලි කෑලි වලට කඩා දරුවන් අතට පත්කර දීමෙන් එය සමාගමක් වශයෙන් පවතින්නේ නැහැ. එය සමඟියේ ස්වභාවයයි. එම සමඟියත් සමඟ සන්තෝෂය පවතී. එනිසා ලංකාවේ ව්‍යාපාර කරන පිරිස හැම වෙලාවෙම තනි පුද්ගල ව්‍යාපාරයක් කරනවා නම්, දරුවන් අතර ව්‍යාපාරය බෙදෙන වට වඩා සියලු දරුවන් එක්කාසු කර එක ව්‍යාපාරයක් කිරීමට. සන්තෝෂ “ස” යන්න සමඟි “ස” යන්න එන්නේ එවිටයි. ගම දෙස බලන විට, සමහර පවුල් තියෙනවා නංගිලා මල්ලිලා . අයියලා අක්කලා අම්ම අප්පච්චිත් සමඟ සන්තෝෂයෙන් සමඟියෙන් ජීවත්වනවා. බිම් අඟලකට මරාගන්න සහෝදරයන් ඉන්න තැන් සියලුම දෙනා එක පාර පිරිහෙනවා. සන්තෝෂ “ස” යන්නේ සැඟවුණා. රහස එයයි. කවුරු හෝ පවුලකට දියුණු වෙන්න ඕනේ නම් “සමඟි” “ස” යන්න අවශ්‍යයි. සන්තෝෂයෙන් ඉන්න ඕනේ නම්, බුදුපියාණන් වහන්සේගේ සප්ත අපරිහානීය ධර්මවල අන්තර්ගතය ද එයමයි. නිතර නිතර රැස්වීම, සමඟියෙන් රැස්වී සමඟියෙන් විසිරීයාමයි. එනිසා කුටුම්භයක සමඟිය ඉතාම වැදගත්. සල්ලි කියන “ස” අමතක නොකළ යුතුයි. සල්ලි කියන “ස” යන්න නිසා සමඟි කියන “ස” යන්න නැතිකරගත හොත් සර්පයකු ආපසු හැරී වලිගය සපාගන්නවා වගෙයි. සල්ලි රැකගැනීමට සමඟි කියන “ස” යන්න බිලිදීම භේරුණ්ඩ පක්ෂියා එක ඔළුවකින් වස කනවා වගේ වැඩක්. භේරුණ්ඩ පක්ෂියාට ඔළු දෙකක් තිබෙන නිසා මේ ඔළු දෙක තරහ වුණාම එක ඔළුවක් අනෙක් ඔළුව අයිතිකාරයාව මරන්න ඕන නිසා එක ඔළුවක් වස කනවලු. නමුත් භේරුණ්ඩ පක්ෂියාට ඔළු දෙකක් තිබුණත් ඔහු ජීවත්වන්නේ එක ශරීරයකින්. සල්ලි කියන “ස” යන්න රැකගැනීමට සමඟි කියන”ස” යන්න බිලිදීම භේරුණ්ඩ පක්ෂි න්‍යායක්. පහේ න්‍යායට වඩා “ස” යන්න න්‍යාමය තුළ වටිනාකමක් ගැබ්ව ඇත.

විශේෂයෙන්ම කුටුම්භයක අම්මා තාත්තා අතර සමඟි “ස” යන්න දරුවන්ගේ ප්‍රවර්ධනයට ආයෝජනයක්. දරුවන් ගසක් නම් එම ගස හැදෙන්නේ වැඩෙන්නේ අම්මා තාත්තා කියන වතුරයි පොහොරයි නිසයි. වතුරයි පොහොරයි සමඟි නැත්නම් ගස කියන කුටුම්භය හැදෙන්නෙ නැහැ. දරුවන් කියන ඵලත් හැදෙන්නේ නැහැ. වතුර පොහොර සමඟ අමනාපවෙලා පොහොර වතුර සමඟ අමනාප නම් එක ගසක් හදන්නෙ කොහොමද? එනිසා වතුරයි පොහොරයි කියන්නේ අම්මා තාත්තා වගෙයි. ඒ දෙදෙනා අතර නිතර අඩදබර කලකෝලාහල අර්බුද ඇතිවීම වනාහි ගහ බාලවීමට හේතුවක්. වතුරයි පොහොරයි නමැති අම්මාගේ කුටුම්භය නම් වූ ගහේ ස්වභාවය එයයි. එහි පල හටගන්නේ ඒ ආකාරයට. එනිසා “ස” යන්නෙහි නියාමය ජීවිතය ලස්සන කරගන්න ඉතාම වැදගත් වෙයි.එම “ස” යන්නත් සමඟ සෞභාග්‍ය, සෞඛ්‍ය, සුවතාවය, සනීපය, සැප, සතුට යන සියල්ලම පෙළ ගැසූ විට සම්පත් සහ සන්තෝෂ කියන “ස” දෙක තුළ අන්තර්ගතයි, එය ජීවිතයේ සාර්ථක කියන “ස” යන්නට ලඟා කරගත හැක්කේ එවිටයි. එනිසා “ස” යන්න නියමයක් ලෙස අදින් පසු පාවිච්චි කරමු.

සටහන හේමමාලා රන්දුනු

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]