UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
ධන කාමයෙන් උද්දාමයට පත්වූ එක් පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

සෝචති පුත්තෙහි පුත්තිමා - ගොමිකො ගොහි තථෙව සොචති
උපධීහි නරස්ස සෝචනා - නහි සො සොචති යො නිරූධති

දරු සම්පතින් පොහොසත්. තැනැත්තා එම දරුවන් නිසාම ශෝක පසුතැවිල්ලකට පත්වෙයි. ගව හිමියාද ගව සම්පත් නිසාම කිසියම් අවස්ථාවක ශෝකයට පත්වෙයි. මිනිසා (කෙලෙස්) උපධි සම්පත් නිසාම කෙදිනක හෝ ශෝක කරන්නට සිදුවන අතර නිරුපධි (කෙලෙස් රහිත) තැනැත්තා කිසි දිනක ශෝක නොකෙරෙයි.

(සු.නි. උරග වග්ග ධනිය සූත්‍ර)

මෙම දේශනාව කවුරුන් උදෙසා දේශනා කරන ලද්දක්ද?

පිළිතුර
භෞතික සම්පතින් උමතු වූ “ධනිය” ගෝපාල නම් තැනැත්තා බුදු හිමියන් වෙත පැමිණ තම සම්පත් පිළිබඳව අහංකාර පරවශව කළ කථාකළ අවස්ථාවෙහිදි දුන් පිළිතුරකි.

ප්‍රශ්නය
එක් සුවිශේෂ අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අයෙකු විසින් අසන ලද පැ නයට උන්වහන්සේ දුන් පිළිතුරයි මේ.

සද්ධීධ චිත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මො සුචිණ්ණො සුඛමාවහාති
සච්චං හවෙ සාදුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං

මෙලොව පුද්ගල ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාවයි. දාන, සීල, භාවනා සද්ධර්ම මනාව පුරුදු පුහුණු කරන ලද්දේ සදා සුවපහසුවයි. සත්‍යය සදාකල්හි ‘මියුරස” වේ. නැණවත් ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨම වේ.

භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම පැන ඇසු තැනැත්තා කවුද?

පිළිතුර
අලව් යක්” භාග්‍යවතුන් වහන්සේගෙන්
කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසු සුචිණ්ණො සුඛමාවහාති
කිංසු හවෙ සාධුතරං රසානං
කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨං

මිනිසාට අයත් විය යුතු ශ්‍රේෂ්ඨ ධනය කුමක්ද? සැපය සඳහා පුහුණු කළ යුත්තේ කුමක්ද?

රස අතරෙන් මධුර රසය කුමක්ද? ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨ යැයි කිව හැක්කේ කුමන පැවැත්මක් අනුවද?

යනුවෙන් අසනලද පැනයන්ට දුන් පිළිතුරුය

ප්‍රශ්නය
පුබ්බේ නිවාසානුස්සති ඤාණය යනු කුමක්ද ? පැහැදිලි කරන්න.

පිළිතුර
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කරගත් රාත්‍රි යාමයෙහි දී උන්වහන්සේ සිය පූර්ව ජන්මයන් දැන ගැනීමෙහි ඤාණය වූ පුබ්බේ නිවාසානුස්සති ඤාණය

ප්‍රශ්නය
අකුසල චෛතසික වලින් එකකි. අනොත්තප්ප චෛතසිකය පැහැදිලි කරන්න.

පිළිතුර
කාය –වාග් දුශ්චරිතාදීන්ට බිය නොවීම හෙවත් තැතිගැන්මක් ඇති නොවීම ලක්ෂණ කොට ඇති චෛතසිකය අනොත්තප්ප චෛතසිකයයි. අරමුණ ස්වභාවය වරදවා ගැනීමෙහිදී පිළිකුල් නොකරන අහිරිකය මෙන් මෙම අනොත්තප්ප චෛතසිකයද අරමුණූ ස්වභාවය හඳුනා ගැනීමෙහිදි බියක් තැතිගැන්මක් ඇති නොවන්නේය.

අහිරික –අනොත්තප්ප යන මේ චෛතසික දෙක සත්වයන් අකුසලයෙහි යොදවන මහා බලශක්ති දෙකකි. මේ ශක්ති දෙකින් තොරව අකුසල් කළ නොහැකිය.

ප්‍රශ්නය
බුදු දහමට අනුව කර්මයෙහි එක් ප්‍රභේදයක් මෙම ගාථා ධර්මයෙහි ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.

කම්මස්ස කාරකො නත්ථි
විපාකස්සච වේදකො
සුද්ධ ධම්මා පවත්තන්ති
එබතං සම්ම දස්සනං

පිළිතුර
කර්මය “කාරක” නමින් වෙන්කොට හඳුනාගත හැකි තැනැත්තෙක් නැත. විපාකය විඳින පුද්ගලයෙක් නැත. සුද්ධ වු ස්කන්ධ ධර්මයෝ පමණක් පවත්නාහ. මෙසේ දක්නා විදසුන් නුවණම යහපත් දැකීම වෙයි.

ප්‍රශ්නය
දැලි පිහියක් මෙන් මුවහත් සකකින් (රෝදයකින්) සියලු සතුන් මරා මස් ගොඩක් කළත් ඒ හේතුවෙන් පාපයක් නැත. පව් සිදු වීමකුත් නැත. යමෙකු දන් දෙවමින් මහායාග කරමින් උතුර ගං තෙර දක්වා ගියත් ඒ හේතුවෙන් පිනෙක් නැත්තේය. පින්සිදු වී මෙකුත් නැත්තේයි. පැරණි දඹදිව බුද්ධ කාලීන යුගයේ සිටි ශාස්තෘවරයෙකුගේ දේශනාවක මෙසේ සඳහන් වෙයි.මොහු කවුද?

පිළිතුර
පූර්ණ කාශ්‍යප

ප්‍රශ්නය
තෘතීය මහාශ්‍රාවක අනුබුදු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වූ සංගායනාව සුවිශේෂ නාමයකින් හඳුන්වා තිබේ. ඒ නාමය කුමක්ද ? එයට හේතුපාදක වු කරුණු මොනවාද?

පිළිතුර
ප්‍රථම ධර්ම සංගායනාව පන්සියයක් මහ රහතන් වහන්සේ විසින් කරන ලද හෙයින් පංච සතිකා නම් විය.මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන මහතෙරවරුන් විසින්ම කරන ලද බැවින් “ථෙරිකා ,ථෙරවාද ස්ථවිරවාද යන නම් වලින්ද හැඳින්වේ.

ප්‍රශ්නය
මේ අංග නවය නවාංග ශාස්තෘ ශාසනය නම් වේ. ඒ මොනවාද?

පිළිතුර
තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තන්හි දේශනා කොට වදාළ ධර්ම විනය බුද්ධ කාලීන යුගයෙහි දීම

1.සුත්ත 2.ගෙය3. වෙය්‍යාකරණ 4.ගාථා 5.උදාන 6.ඉතිවුත්තක 7.ජාතක 8. අභ්භූතධම්ම 9.වෙදල්ල යනුවෙන් අංග නමයකට බෙදා වෙන් කරන ලදී.

ප්‍රශ්නය
යථාහි අංග රාශිම්හා
හොති සද්දො රථො ඉති
එවං ඛන්ධෙසු සත්තෙසු
හොති සත්තොති සම්මුති

අවයව සමූහය හේතුකොට ගෙන යම්සේ රථය යන ශබ්දයක් වේද, එසේම ස්කන්ධ පංචකයක් ඇතිකල්හි, සත්වා යන ලෝක ව්‍යවහාර ඇතිවේ. (ස.නි. වජිරසූත්‍ර 1 2 4 6 සූත්‍ර මේ දේශනා පාඨය අනුව සත්වයා, පුද්ගලයා, මම යන සංකල්පයන් විවරණය කරන්නේ කෙසේද? පැහැදිලි කරන්න.

පිළිතුර
සත්වයා යනු සංස්කාර පුංජයක් ඒ සංස්කාර පුංජය ස්කන්ධ පංචකයත් බවත් මෙම ගාථා පාඨයෙන් පැහැදිලි වෙයි. ස්කන්ධ (කොටස් –ගොඩ) පංචකයේ සමවායේ අඛණ්ඩ ප්‍රවෘතියෙහි සත්වයා පුද්ගලයා – මම යන ප්‍රඥප්ති ඇතිවෙයි. බුදු දහමය අනුව සත්වයා පුද්ගලයා වෙනස්වන සුළු (ස්ථාවරත්වයක් නැති කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායෙක් පමණකි. මේ සියල්ල කොටස් පහකට බෙදාදැක්විය හැකිය.

ප්‍රශ්නය
අනුරාධපුර මහාවිහාරය ශ්‍රී ලංකික ශාසනික මෙහෙවරේ සුවිශේෂ අවස්ථාවක් පැහැදිලි කරන්න.

පිළිතුර
මහින්දාගමනයෙන් පසු මෙරට බිහිවූ පළමු ආරාමය මෙන්ම අධ්‍යාපන ආයතනයයි.

ප්‍රශ්නය
සිදුහත් කුමරු ජන්ම භූමිය පැරණි දඹදිව අයත්වන ජනපදය කුමක්ද?

පිළිතුර
සල රට ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර (කපිලවස්තු පුර) බෝසත් උපත සිදුවිය.

ප්‍රශ්නය
දෙවියන්ට පවා පි‍්‍රය වූ නිසා “දෙවනපිය” පියදස” යන සම්මානනීය අන්වර්ථ නමින් ප්‍රකට වූ රජවරුන් දෙදෙනා කුමන නාමයකින් හඳුන්වනු ලැබේද?

පිළිතුර
දඹදිව රාජ්‍ය විචාළ ධර්මාශෝක මහ රජතුමා සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විචාළ දෙවන පෑතිස් මහරජතුමා

 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]