UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර අටවක 2014.09.02

නිසි රැකවරණය දෙමු

දරු සෙනෙහස ඇති මව්පියවරුන්ට තම දරුවන් තරම් වටිනා වස්තුවක් මේ ලෝකය තුළ වෙනත් නැත. ස්වකීය දරුවන්, මව්පියවරුන් ආරක්ෂා කරනුයේ සිය පණමෙන් ය.

දරුවකු මෙලොවට බිහිකරන මව තම දරුවා පිළිබඳ ඇති කර ගනුයේ අප්‍රමාණ බලාපොරොත්තු රැසකි. දහඩිය වගුරුවා වෙහෙස මහන්සි වී ධනය උපයමින් සිය පියාද දරුවා ආරක්ෂා කර ගැනීමට ගන්නා උත්සාහය කෙතරම්ද?

එහෙත් අවාසනාවකට මෙන් ඉතා කලාතුරකින් හෝ, සමාජයේ වෙසෙන ඇතැම් දරුවකුට සිය මව්පියවරුන්ගේ ඇති අවුල් වියවුල් නිසා අසරණ දරුවාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවන අවස්ථා නැතුවා නොවේ.

සමාජයේ වෙසෙන බොහෝ මව්පියවරු සිය දරුවන් පණමෙන් ආරක්ෂා කිරීම සුලභව දක්නට ලැබේ. එහෙත් ඇතැම් විට මව්පිය අවුල් හේතුවෙන් කිසිවක් නොතේරෙන කලාතුරකින් හෝ කුඩා දරුවකුට නොසිතූ නොපැතූ අකල් මරණයට ගොදුරුවන්නට සිදුවීම කනගාටු දායකය.

දහසක් අපේක්ෂා පොදි බැඳ ගනිමින් දෙදෙනෙකු අතිනත ගන්නා සේම දිවි ඇතිතෙක් එම බැඳීමෙන් ඈත් නොවී සතුටෙන් සෙනෙහසින් දිවිගෙවන ආදර්ශවත් මව්පියවරු කොතෙකුත් ඇත.

එහෙත් විවාහයේ අරුත වටහා නොගත් ඇතැම් අයෙකු තමා විසින් මෙලොවට බිහි කළ දරුවාගේ ජීවත්වීමේ අයිතිය අහෝසි කිරීමට තරම් සැහැසි වී තිබේ. එවන් අයිතියක් උල්ලංඝනය කරන අකාරුණික පියවරු ද නැත්තේ නොවේ.

මව්පියවරුන්ගේ අවුල්වලට විසඳුම තම දරුවාගේ ජීවිත අයිතිය පැහැර ගැනීම නොවන බව කාරුණිකව කල්පනා කළ යුතු ය. ඇතැමෙක් තම දරුවාද ජීවිතක්ෂයට පත්කර තමාද එවැනි අවාසනාවන්ත ඉරණමකට පත්වේ.

රටේ පවතින නීතිය අනුව කවර අපරාධයක් කුමන අයුරකින් සිදු කළ ද එය කෙසේ හෝ නීතියේ රැහැනට ගොදුරු වන බව එවන් අවාසනාවන්තයන් කල්පනා කරන බවක් නොපෙනේ.

අපරාධයක් සිදුකර නීතියේ රැහැණින් පලායාමට කිසිවකුට අවස්ථාව නොලැබෙන බව කල්පනා නොකිරීම අවාසනාවකි. වරදක් කළ වැරැදිකරුට දඬුවම් විඳීමට සිදුවන බව අමතක නොකළ යුත්තකි.

තම නෙත් මෙන් හදන, වඩන, රකින, බලන දරුවන් ජීවත් කරවීම මව්පියවරු සතු වගකීම හා යුතුකම වෙයි.

දරුවකු ඇති දැඩි කර ගත නොහැකි වූ විට ඒ දරුවා ආරක්ෂා සහිතව හදා වඩා ඇති දැඩි කරන සමාජ සේවා ආයතන අපේ රටේ පවතී. අවම වශයෙන් මව්පිය පාර්ශ්වයේ වැඩිහිටි ඤාතීන්ට හෝ එබඳු දරුවකු ඇතිදැඩි කිරීමට නොහැකි නම් දරුවාගේ ජීවිතය ආරක්ෂා කරමින් හදා වඩා ඇති දැඩි කිරීමට නීත්‍යානුකූලව බාරදිය හැකි භාරකරුවකු වෙතට හෝ ඉදිරිපත් කිරීම වගකීමය.

දරුවාට රැකවරණය සලසන එබඳු අවස්ථා කොතෙකුත් තිබිය දී වුවත් අවාසනාවකට මෙන් දරුවන් ජීවිතක්ෂයට පත් කරන අකාරුණික ඇතැම් මව්පියවරුන්ගේ මනසට එබඳු පිහිටක් වත් තම දරුවාට ලබාදීමට නොපෙළඹීම නම් අවාසනාවකි.

රටේ විවිධ පළාත්වලින් ගෙවීගිය කාලය පුරා ස්වකීය මව්පියවරු විසින් ඇතැම් දරුවන්ට අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවූ අවස්ථා කීපයක් වාර්තා විය.

ස්වකීය දරුවාගේ ජීවිත පැවැත්ම අහිමි කරන ඉතා කලාතුරකින් හෝ ඇතැම් මව්පියවරුන් වෙත එබඳු අවාසනාවන්ත තත්ත්වයකට තම දරුවා පත් කිරීමෙන් නීතියේ රැහැණින් ගැලවීමට නොහැකිය. එබඳු අවස්ථාවක නීතියේ රැහැණට ගොදුරුවීමෙන් ඇතැම්විට තම ජීවිත කාලය පුරා සිර දඬුවම් විඳීම ඇතුළු අවම වශයෙන් එහි විපාක වශයෙන් තමන්ටද දුක්ඛිත තත්ත්වයකට පත්වීමට සිදුවන බව අමතක නොකළ යුතු ය.

එබැවින් දරුවන් බිහිකිරීම මෙන්ම එසේ බිහිකළ දරුවන් ආරක්ෂා කිරීමද මව්පිය වගකීම බව අමතක නොකළ යුත්තකි. එසේ නොකිරීමෙන් ස්වකීය ජීවිත කාලය පුරා විඳින්නට සිදුවන දුක් ගැහැට කෙතරම් දැයි කිව නොහැකි ය. දරුවන් වෙත නිසි රැකවරණය සැලසීම මව්පිය වගකීම බව අමතක නොකළ යුතු වේ.

 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]