UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 අභිධර්මය - අභ්‍යාසය -15

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

අභිධර්මය - අභ්‍යාසය -15

මෙම ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න

1.පරමාර්ථ දේශනා හා වෝහාර දේශනාවලට අයත් පිටක දෙක නම් කරන්න.

2.සර්වාස්තිවාදින්ගේ අභිධර්මයේ දැක්වෙන අසංකත ධර්ම සංඛ්‍යාව දක්වා ඒවා නම් කරන්න.

3.ත්‍රිවිධද්වාර පිළිවෙළින් නම් කරන්න

4.අසප්පජාති සංඛාර යන්න හඳුන්වාදෙන්න

5.චිත්තවීති හා සම්බන්ධ තුදුස් කෘත්‍යයන් අතර ඇති ‘වොත්ථපන’ යන්නෙහි කාර්ය භාරය කුමක්ද?

6.”ධම්ම සංගනී” අටුවාවට අනුව අභිධර්මයට අදාළව ඇති නිදාන දෙක නම් කරන්න

7.ලොව පවත්නා සියල්ල ධම්ම ලෙස හඳුන්වන අභිධර්මය එහි මූලික ප්‍රභේද 4 ක් දක්වයි. ඒවා පිළිවෙළින් නම් කරන්න.

8. “ධම්ම පිළිබඳව“ විවිධ වර්ගීකරණයක් ඇතුළත් විභංග ප්‍රකරණයෙහි මාතෘකා 18 ක් න්‍යාය තුනකට අනුව දක්වයි ඒවා නම් කරන්න

9.අභිධර්ම පිටකයෙහි ධර්මයක පැවැත්ම පිළිබඳව විස්තර කෙරෙන ක්ෂණ 3 ක් ලෙස දක්වයි. ඒවා නම් කරන්න.

10. අඤ්ඤ සමාන චෛතසික සංඛ්‍යාව දක්වා එහි මූලික ප්‍රභේද දෙක නම් කරන්න

11. “කර්මය” හා “කර්මපථ” අතර වෙනස දක්වන්න.

12. “උද්දච්ච” සහ “උක්කුච්ච” යන චෛතසික දෙකේ මුලික ලක්ෂණ පෙන්වා දෙන්න.

13.රූපාවචර පළමු විපාක සිත නම් කරන්න

14.අභිඥා අතර දැක්වෙන “චේතෝපරියඥානය” නම් කුමක්ද?

15.අකුසල කායකර්ම පිළිවෙළින් දක්වන්න

පිළිතුරු

1.අභිධර්ම පිටකය හා සූත්‍ර පිටකය

2.අසංඛත ධර්ම 3 යි එනම්
1.ප්‍රතිසංඛ්‍යා නිරෝධ
2.අප්‍රතිසංඛ්‍යා නිරෝධ
3.ආකාය

3.කායද්වාර, වචිද්වාර, මනෝද්වාර

4.කාලයක් තිස්සේ යටි සිතේ සැගවී ඇති වරින්වර ක්‍රියාශීලි වන චිත්ත රූප

5.අරමුණු ගතදේ තවදුරටත් විමර්ශනය කරමින් තහවුරු කිරීමය

6.අධිගම නිධානය සහ දේශනා නිධානය ,

7.චිත්ත,චෛතසික ,රූප , නිබ්බාන

8.සුත්තන්න භාජනීය, අභිධර්ම භාජනීය, පඤ්ඤවිච්චා

9.උප්පාදක්කන, තිට්ක්ඛන, භඩංගක්ඛන

10. 13 යි
සබ්බචිත්තසදාරණ 7 යි
ප්‍රතිකිරණ චෛතසික 6 යි

11.කර්මයක ඇත්තේ ප්‍රවෘත්ති විපාකයන්ය. කර්ම පථයක ප්‍රතිසන්ධි විපාක සහ ප්‍රවෘත්ති විපාක යන ඵලයන් 2 කම ලබාදේ.

12. සිතෙහි පවත්නා නොසන්සුන් ගතිය, සිතෙහි සම්ප්‍රයුක්ත ධර්මයන් සොලවන ස්වභාවයයි. මෙය රහත්භාවය දක්වාම පවත්නා උද්දභාගිය සංයෝජනයක්ද වේ.

කුක්කුච්චය 11 වැනි අකුසල චෛතසික යැයි කළ අකුසල හා නොකළ කුසල පිළිබඳ ඇතිවන්නා වූ පසුතැවිල්ලයි නිතරම සිත දූෂ්‍යකරන කැළඹිලි ස්වභාවයට පත්කරන ස්වභාවයෙන් යුක්තය.

13.විතක්ක, විචාර, පී‍්‍රති, සුඛ, ඒකක්ගතා සහිත පටමඣාන විපාක සිත

14.අන් සත්වයන්ගේ සිතෙහි ස්වභාවය පිළිසිඳ ගන්නා නුවණ හෙවත් පරසිත් දන්නා නුවණ නම් වේ.

15. ප්‍රාණඝාතය ,අදත්තාදානය, කාමමිච්ඡාචාරය

 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]