UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අව අටවක 2014.08.17

පින් වැඩෙන පින්කම්

තම තමන්ගේ නිවස තුළ වෙසෙන සෑම කෙනෙකුට ම පාහේ ඉතා වැදගත් පින්දහම්වල නිරත විය හැකිවේ. ඊට අවශ්‍ය වනුයේ ස්වකීය ගත සිත මෙහෙයවීම පමණක් වේ.

ඇතැම් විට පින්දහම් සිදු කිරීමට බොහෝ විට මිල මුදල් වැය වෙතැයි ද ගණන් බැලිය හැකිය. එහෙත් නිවස තුළ දී මිල මුදල් වියදම් නොකළද, බොහෝ පින්කම් කළ හැකි බව බොහෝ දෙනා කල්පනාවට නොගනී.

බෞද්ධ සෑම නිවසකම දිනපතා තෙරුවන් වන්දනාවේ යෙදීම පෞරාණික බෞද්ධ චාරිත්‍රයකි. එසේ තෙරුවන් නැමඳීම දරුවන්ට පමණක් සිදු කිරීමට පවරා මව්පියවරු ඉන් ඈත් නොවිය යුතුය. දිනපතා නිවසේදී තෙරුවන් වන්දනාවට මව්පිය, වැඩිහිටියන්ද සහභාගි වී දරුවන්ට එය ආදර්ශයක් ලෙස සිදුකළ යුතුය. දරුවන් සමඟ මව්පිය වැඩිහිටියන් එසේ තෙරුවන් වන්දනා කිරීමට පුරුද්දක් ඇති කර ගැනීම සාමකාමී, සංසුන්, යහපත්, සංවර සමාජයකට නිවස තුළින්ම මඟ පාදා ගැනීමකි.

තෙරුවන් වන්දනාවෙන් අනතුරුව මව්පිය, වැඩිහිටියන් වෙත දරුවන් වැඳිය යුතුය. එවිට දරුවන් කෙරෙහි මව්පියවරුන්ගේ ආදරය, කරුණාව තව තවත් හිමිවේ. ආශිර්වාදය නොඅඩුව මව්පියවරුන් වෙතින් දරුවන්ට හිමිවේ.

දරුවන් විසින් මව්පියවරු වෙත වන්දනා කිරීම ගුණ දහම් වර්ධනය වීමට පමණක් නොව පින්දහම් වර්ධනයටද හේතුවකි. වැඩිහිටියන් වෙත ගරු බුහුමන් දැක්වීම ද එසේය.

කාලය පමණක් වැය කරමින් දිනපතා නිවසේ දී බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජා කිරීමටත් සුළු මොහොතක් හෝ මෙත් වැඩීමටත් මවට, පියාට වන්දනා කිරීමටත් මුදලක් වැය නොවේ. එහෙත් එමගින් දිනපතා පින් වැඩෙන සද්පුරුෂ ක්‍රියාදාමයක් සිදුවේ.එපමණක් නොව ගෙදරට එන ආගන්තුකයනට, වැඩිහිටියනට , ඤාති මිත්‍රාදීනට යහපත් වචනයකින් හෝ සංග්‍රහකර ඔවුන් සතුටට පත්කිරීමද වැදගත් ක්‍රියාවකි. ඊට ද මිල මුදල් වැය නොවන්නකි.

තමන් ආහාර ගන්නා මොහොතක තමන්ගේ නිවසින් යමක් ඉල්ලාගෙන නිවසට ගොඩවන කාහට වුවද තම කුස පුරවා ගැනීමට ඇති ආහාරයෙන් කොටසක් හෝ පිරිනමා අනෙකාගේ කුස පුරවන්නට සහාය විය හැකි නම් එමගින්ද මහත් පිනක් උදාකර ගත හැකිය.

තමා ආහාරයට ගන්නා බත් පතෙන් එක් බත් පිඬක් හෝ සතා සිව්පාවෙකු වෙත හෝ අනුකම්පා සහගතව පිරිනැමීමට පුරුද්දක් ඇති කර ගැනීමෙන් එමගින් කුසගිනි නිවීමට උපකාර කිරීම පමණක් නොව පරිත්‍යාගයද පුරුදු කිරීමෙන් පින් සිතිවිලි ද උදාකර ගත හැකිවේ.

එපමණක් නොව තමා ආහාර ගන්නා පිඟාන සෝදා එහි ඉඳුල් වතුර ටික ඉවත් කිරීමේදී පවා පොළොවේ වෙසෙන කෘමින්ටත් එය ආහාරයක් වේවායි සිතා එය සිදු කරන්නේ නම් එමගින්ද පිනක් සිදුවන බව බොහෝ දෙනා කල්පනා නොකරති.

අතීතයේ අපේ මුතුන් මිත්තන් දවස කෙත අස්වද්දා කමතේදීම පිං වී, වෙන් කළේය. වී කොටා පළමුව පිනට වෙන් කළ හාල් කන්න දෙක තුනක් ගත වන විට විශාල ප්‍රමාණයක් විය. එවන් උදාර සද්චාරිත්‍ර අද පවා බොහෝ ප්‍රදේශවල සිදුවේ.

මේ අයුරෙන් බලන විට පින් කිරීමට මුදල් අත්‍යවශ්‍යද? නැද්ද? යනුවෙන් තීරණය කළ හැකිවේ.

ගමට යන එන විහාරස්ථානයට, පාසලට හෝ පොදු ස්ථානයකට යන එන මාර්ගය අබලන්වන විට එය අලුත්වැඩියා කිරීමට ගම්වැසියන් ඒකරාශිවී ශ්‍රමය වැය කර ශ්‍රමදානයක් මගින් එය පිළිසකර ගත හැකිවේ.

රෝහලක වාට්ටු කීපයක් ශ්‍රමය වැය කර ශ්‍රමදානයක් මගින් එය පිළිසකර කිරීම, ගමේ ප්‍රජාශාලාව නැතහොත් පොදු ස්ථාන ශ්‍රමය වැයකර පවිත්‍ර කිරීම පින් වැඩෙන මහ පින්කම්ය.

අතපය වාරු නැති පිරිසක් වෙනුවෙන් ඔවුන්ගේ සුව පහසුව සඳහා ශ්‍රමය වැය කළ හැකිනම් එයද පින්කමකි.

මේ ආදි වශයෙන් බලන විට ජීවිතයේ එක දිනක් හෝ නෑර සෑම තරාතිරමක අයෙකුට වුවද මහා පින්කම් සමුදායක් ජීවිත කාලය පුරා ඒකරාශි කරගත හැකිවේ.

සුළුවෙන් කළද පින්කම පින්කමක්මය. කළයක් පිරවීම ජල බින්දුව බැගින් ඒකරාශි කර වුවද කළ හැකිය. ඇතැම් පින්කම්ද තම නිවස තුළ සිටම ඉතා කුඩාවට අරඹා මහා පින් සිතිවිලි සමුදායක් බවට එය වර්ධනය කර ගත හැකිවේ.

 

 නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]