UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා සමිඳු තේවාවට පත්වෙති

ශ්‍රී දළදා සමිඳු තේවාවට පත්වෙති

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මෙවර මහනුවර අස්ගිරි මහා විහාරයට බාර ගැනීම පසුගිය ඇසළ පෝය දිනයෙන් පැරැණි චාරිත්‍රානුකූලව සිදු කෙරුණි. පසුගිය වසරේ ඇසළ පුර පෝයදින සිට මෙම වසරේ ඉකුත් ජූලි 12 වෙනිදාට යෙදී තිබුණ ඇසළ පුර පෝයදින තෙක් ශ්‍රී දළදා සමිඳු තේවාවබාරව මල්වතු මහා විහාරයේ මහා සංඝරත්නය වැඩ සිටියහ.

මෙම වසරේ ශ්‍රී දළදා සමිඳු තේවාව සිදුකිරීමට අස්ගිරි මහා විහාරපාර්ශ්වයේ අතිගෞරවාර්හ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නායක මාහිමියන් විසින් අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජ මහ විහාර වාසී අස්ගිරි මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමි, අස්ගිරි මහා විහාර පරිවෙනාධිපති අස්ගිරි මහා විහාර කාරක මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද හිමි, අස්ගිරිය මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික අරඹේගම සරණංකර යන හිමිවරු උඩමාලේ තේමාවටද යටිහලගල ඉසිපතනාරාමාධිපති කොලුගල සීලරතන හිමියන් පහළ මාලේ තේවාවටත් නාථ දේවාල විහාරාධිවාසි අස්ගිරිය මහා විහාර පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති ඇටිපොල මහින්ද හිමියන් පත්තිරුප්පුවටත්, සිය තේවා කටයුතු බාරව පත්ව සිටිති.

ඇසළ පෝය දිනයෙන් වස්සාන සෘතුව ආරම්භවීමත් සමඟ ශ්‍රී දළදා මාලිගාවේ තේවාවට පත්වූ අස්ගිරිමහා විහාරයේ මහා සංඝරත්නය වෙත වස් ආරාධනා කිරීමද එදිනම චාරිත්‍රානුකූලව සිදු කෙරුණි. ශ්‍රී දළදා මාලිගාවේ වස් ආරාධනාව සහ කඨින පින්කම බාරව කටයුතු කරන මහනුවර, කටුකැලේ ලේඩි බෙලෙක් ආරාමාධිපතිනි කොත්මලේ සුධම්මා සිල්මෑණියන්ද කඨින පින්කමේ මෙවර දායකත්වය දරන ගුණතිලක මහතාද එම අවස්ථාවට සහභාගි වූහ.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
අගෝස්තු 10 වැනි දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]