UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - අභ්‍යාසය -12

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - අභ්‍යාසය -12

1 කොටස

1 සිට 10 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.නිවැරදි පිළිතුර වරහන් තුළින් තෝරා යටින් ඉරක් අදින්න

01.(අ) බුද්ධ කාලයේ විසූ ශ්‍රමණ පිරිසට අයත් වන්නේ (අනගාරික දිවියක් ගෙවූ තවුසන්ය/ආශ්‍රම ධර්ම අනුගමනය කළ බමුණන්ය)

(ආ) බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන් ලෙස සැලකෙන්නේ (සැරියුත් මුගලන් අගසව් දෙනමයි /පස්වග භික්‍ෂු පිරිසයි)

02.(අ) උපතිස්ස පිරිවැජියා අස්සජි හිමියන්ගෙන් දැන ගත්තේ (හේතුඵල දහමයි /කර්මය හා කර්ම ඵලය පිළිබඳ දහමයි)

(ආ) සූත්‍ර පිටකාගත තොරතුරු ඇසුරින් පෙනෙන්නේ මුල්ම යුගයේ භික්‍ෂූන් වහන්සේලා (සංචාරක ජීවිතයක්/ආරාමික ජීවිතයක්) ගත කළ බවයි.

03.(අ) පැවිද්ද හා උපසම්පදාව භික්‍ෂු ජීවිතයේ අවස්ථා දෙකක් බවට පත් වූයේ ........(භික්‍ෂු ජීවිතයට හුරුපුරුදු වීමේ කාලසීමාවක් අවශ්‍ය වූ බැවිනි/ මහජන ඉල්ලීමකට අනුගතවීමට අවශ්‍ය වූ බැවිනි)

(ආ) කුල දරුවන් පැවිදි කරන භික්‍ෂුන් වහන්සේ උපසම්පදාවෙන් ....(දස වසක් /පස්වසක්) ඉක්ම වූ භික්‍ෂුවක විය යුතුය.

04.(අ) උපසම්පදා කිරීමේදී වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ....(සරණාගමන /ඥත්ති චතුත්ථකම්ම) උපසම්පදා ක්‍රමයයි.

(ආ) උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා පෙරවස් එළඹෙන්නේ ......(නිකිණි මස /ඇසළමස) පුරපසළොසවක පොහොයට පසු දිනයි.

05.නිවැරැදි පිළිතුර වරහන් තුළින් තෝරා යටින් ඉරක් අඳින්න

(අ) උපසපන් භික්‍ෂුන් වහන්සේලා සඳහා පනවා ඇති ශික්‍ෂා පද කැඩීම ‘ආපත්ති’ නමින් දැක්වේ. එම ආපත්ති සංඛ්‍යාවට ඇතුළත් නොවන්නේ (සේඛියා ධර්මයි / අනියත ධර්මයි)

(ආ) භික්‍ෂු විනයෙහි ‘අනුවිජ්ජක’ නමින් හඳුන්වන්නේ (ධර්ම විනයධර භික්‍ෂූවයි/විනිශ්චයකාර භික්‍ෂූවයි)

06.(අ) සිගාලෝවාද සූත්‍රයෙහි අත්ථක්ඛායි මිත්‍රයාගේ ලක්‍ෂණයක් ලෙස දක්වා ඇත්තේ (මිතුරාගේ රහස් හෙළි නොකිරීමය / පවුකිරීමෙන් වැළැක්වීමයි)

(ආ) තමා උපයන ධනයෙන් කොටසක් (ආපදාවන්හිදී ප්‍රයෝජනයට ගැනීමට ආරක්‍ෂා කොට තබා ගන්නා ලෙස / සුවඳ විලවුන් සඳහා වැය කරන ලෙස ) සිඟාල ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්හ.

නිවැරැදි පිළිතුර යටින් ඉරක් අදින්න

07. (අ) නිර්මාණවාදීන් උගන්වන නිශ්චිත මුලක් දැක්විය නොහැකි දෙවියකු, බඹකු කෙරෙහි විශ්වාසය තබා ඇදහීම (අමූලිකා සද්ධා) ආකාරවතී සද්ධා) නම් වෙයි.

(ආ) මංගල කරුණු දැනගත් දෙව්වරු (පිරිහීමට / නිවනට) හේතුවන කරුණු දැනගැනීමට කැමැති වූහ.

08.සිංහලයට නගන්න

(අ) ‘වීතරාගා රමෙස්සන්ති – නතෙ කාම ගවේසිනො’

(ආ) ‘එකං අත්ථපදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති’

09. පහත සඳහන් අදහස ඇති ධම්ම පද ගාථා ලියන්න

(අ) යම් කර්මයක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද, යම් කර්මක විපාක කදුළු වැනි මුහුණින් හඬ හඬා විඳීන්නට සිදු වේද? , ඒ කර්මය නොකිරීම මැනවි.

(ආ) නිතර ඇවිළගත් ගිණි ඇති කළ කවර සිනහවක්ද? කුමන සතුටක්ද? අවිදු අඳුරෙන් වෙළී සිටින ඔබ ප්‍රඥා නමැති පහන නො සොයන්නාහුද?

10. “අ” කොටසේ යෙදුමට ගැළපෙන යෙදුම “ආ” කොටසෙන් තෝරා හිස්තැන් තුළ ලියන්න

“අ” “ආ”

නත්ථි බාලෙ සහායතා..........උපසම්පදාව ලැබීමට සුදුසු නැත

ආගන්තුක සත්කාරය.......සංඝ සාමාගි‍්‍රය හා පාරිශුද්ධිය

පණ්ඩිතයන් සේවනය කිරීම......පඤ්ච බලිවලින් එකකි

පවින් වැළැක්වීම .....මංගල කරුණකි

කුෂ්ඨ ගෙඩි ආදී ආබාධ......අඥානයා සමඟ මිත්‍ර නොවිය යුතුය

උපෝසථ කර්මය..........මහණ බමුණන්ගේ යුතුකම

පිළිතුරු

1.අ. අනගාරික දිවියක් ගෙවු තවුසන්ය

ආ. පස්වග භික්‍ෂු පිරිසයි

2.අ.හේතුඵල දහමයි

ආ.සංචාරක ජීවිතයක්

3.අ.භික්‍ෂු ජීවිතයට හුරුපුරුදු වීමේ කාලසීමාවක් අවශ්‍ය වූ බැවිනි

ආ.දස වසක්

4.අ.ඥත්ති චතුත්ථකම්ම

ආ. ඇසළ මස පුර පසළොස්වක පොහොයට පසු දිනයි

5.අ.සේඛියා ධර්මයි

ආ. විනිශ්චයකාර භික්‍ෂුවයි

6.අ.පවු කිරීමෙන් වැළැක්වීමයි

ආ.ආපදාවන්හිදී ප්‍රයෝජනයට ගැනීමට ආරක්‍ෂා කොට තබා ගන්නා ලෙස

7.අ.අමූලිකා සද්ධා

ආ. පිරිහීමට

8.අ.රාගය නැසූ රහතන් වහන්සේලා නොඇලෙන්නාහ. උන්වහන්සේලා කම්සැප නොසොයන හෙයිනි.

ආ. වැඩ සලසන යම් එක් පදයක් අසා කෙලෙස් සංසිදේද එය උතුම්ය.

9.අ.නතං කම්මං කථං සාධු

යං කත්වා අනුතප්පති

යස්ස අස්සුමුඛෝරෝදං

විපාකං පටිසේවති

(ආ) කෝනු හාසෝ කිමානන්දෝ

නිච්චං පජ්ජලිතේ සති

අන්ධකාරේන ඕනද්ධා

පදිපං න ගවෙස්සථ

10.නත්ථි බාලෙ සහායතා - අඥානයා සමග මිත්‍ර නොවිය යුතුය

ආගන්තුක සත්කාරය – පඤ්ච බලිවලින් එකකි

පණ්ඩිතයන් සේවනය කිරීම – මංගල කරුණකි

පවින් වැළැක්වීම – මහණ බමුණන්ගේ යුතුකමකි

කුෂ්ඨ ගෙඩි ආදී ආබාධ – උපසම්පදාව ලැබීමට සුදුසු නැත

උපෝසථ කර්මය - සංඝ සාමගි‍්‍රය හා පාරිශුද්ධිය

2 කොටස

2. සිංහලයට නගන්න

1.පඤ්චහි ඛො ගහපතිපුත්ත ඨානෙහි කුල පුත්තෙන උපරිමා දිසා සමණබ්‍රාහ්මණා පච්චුපට්ඨාතබ්බා

2.නමාමි බුද්ධං ගුණසාගරන්තං – සත්තා සදා හොන්තු සුඛී අවේරා

3.දාරුං නමයන්ති තච්ඡකා – අත්තානං දමයන්ති පණ්ඩිතා

4.ඉමිනා පුඤ්ඤ කම්මෙන මා මෙ බාල සමාගමො

5.පූජෙමි බුද්ධං කුසුමේනනෙන- පුඤ්ඤෙන මෙ තෙන ච හොතු මොක්ඛං

6.අරියො දස්සන සම්පන්නො - ස ලොකං භජතෙ සිවන්ති

7.ආපූරති තස්ස යසො - සුක්කපක්රඛෙ’ව චන්දිමා

8.ඉදං මේ ඤාතීනං හෝතු - සුඛිතා හොන්තු ඤාතයෝ

9.මාතා පිතා දිසා පුබ්බා – ආචරියා දක්ඛිණා දිසා

10. ඒකං සමයං භගවා කොලියෙසු විහරති – කක්කර පත්තං නාම කොලියානං නිගමො

11.ධම්මකාමො භවං හොති – ධම්මදෙස්සී පරාභවො

12.අථායස්මා මහකස්සපො ආළවිං උපසංකමිත්වා පිණ්ඩාය පාවිසි

3.මෙම වාක්‍ය පාලියට නගන්න

1.පස්වග තවුසන් අතරින් අස්සජි තෙරුන් පස්වැන්නා විය

2.මේ අන්තදෙක පැවිද්දන් විසින් නොසෙවිය යුතුය

3.මා කළ පින නිවන් අවබෝධය පිණිසම වේවා

4.නිතර නිදන සුළු බව පිරිහීමේ කාරණයක් වේ

5.මෙම දානය භික්‍ෂු සංඝයාට දෙමි

6.අපි විහාරයට ගොස් දහම් අසමු

7.එක් කලෙක බුදු රජ දෙව්රම් වෙහෙර වාසය කරයි

8.ඒකාන්තයෙන් සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි

පිළිතුරු

2.1 ගෘහපති පුත්‍රය, කුල පුත්‍රයා විසින් කරුණු පහකින් උඩ දිශාව වූ මහණ බමුණෝ උපස්ථාන කරනු ලැබිය යුත්තාය.

2.ගුණයන්ට සාගරයක් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. සත්වයෝ සැමදා සුවපත් වෙත්වා, අවෛරී වෙත්වා

3.වඩුවෝ දැව අවශ්‍ය ලෙස හැඩ ගසති. නුවණැත්තෝ තමන් දමනය කර ගනිති.

4.මා කළ පිනෙන් මට බාලයන් හා ඇසුරක් නොවේ

5.මේ මල් වලින් බුදුන් පුදමි. මෙම පිනෙන් නිවන් ලැබේවා

6.ආර්ය දැකුම් , නුවණින් යුත් තැනැත්තා සුගති ලෝකය ඇසුරු කරයි

7.ඒ තැනැත්තාගේ යසස පුර පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් වැඩෙන්නේය

8.මේ පින් මාගේ නෑයන්ට වේවා. නෑයෝ සුවපත් වෙත්වා

9.මව්පියෝ නැඟෙනහිර දිශාවයි. ගුරුවරු දකුණු දිශාවයි

10. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ථ නම් කෝලියන්ගේ නියම් ගමෙහි වැඩ වසන සේක

11.ධර්මයට කැමැති තැනැත්තා වැඩෙන්නේ වෙයි. ධර්මයට ද්වේශ කරන්නා පිරිහෙන්නෙක් වෙයි.

12. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ අලව් නුවරට වැඩ පිඬු පිණිස පිවිසියේය.

3.1 පංචවග්ගියේසු භික්ඛුසු අස්සජි ථෙරො පංචමො

2.ද්වේ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා

3.මයා කතා පුඤ්ඤං නිබ්බාණාය ඒව හෝතු

4.නිච්චං නිද්දාසීලිතා පරාභවතො මුඛං හෝති

5.ඉමං දානං භික්ඛු සංඝස්ස දෙම්

6.මයං විහාරං ගන්ත්වා ධම්මං සුණාම

7.එකං සමයං භගවා ජේතවනෙ විහරති

8 .සබ්බේ සංඛාරා අනිච්චා

ස්වයං අධ්‍යනය සඳහා ආදර්ශ ප්‍රශ්න

4.1 තිත්තිර ජාතකය කෙටියෙන් ලියා දක්වන්න

2.සාලියකේදර ජාතක කතාව ඇසුරින් මව්පිය උපස්ථානයේ අගය පහදන්න

3.සමාජගත දුබලතා මෙන්ම විශිෂ්ටතා ද ජාතක කතා තුළින් ප්‍රකට වේ. විමසන්න

5.1 භික්‍ෂූන්ට වස් විසීම පිළිබඳ නිෂ්පාදනයක් පැනවීමට හේතු වූ කරුණු ගෙනහැර දක්වන්න

2.සත්තාහකරණය යනු කුමක්දැයි පැහැදිලි කරන්න

3.වස් පවාරණය යන්න පැහැදිලි කරන්න

6.වස් පවාරණය කිරීමේ ක්‍රම මොනවාද?

2.කඨින චීවර පූජාව පින්කම් අතර උතුම් පින්කමකි. පැහැදිලි කරන්න .

3.කඨින චීවර පූජාවකින් ගිහි, පැවිදි දෙපිරිසටම ලැබිය හැකි ආනිසංශ මොනවාද?

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 05 වැනි දා සෙනසුරාදා පූර්වභාග 04.49 ට ලබයි.06 වැනිදා ඉරිදා පූර්වභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි මස 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]