UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහමින් පිරිපුන් ගුණවත් – නැණවත් පරපුරක් තනමු ආදි ආනන්දීය බෞද්ධ සංගමය මෙහෙයවන සදහම් චාරිකා ගමින් ගමට

දහමින් පිරිපුන් ගුණවත් – නැණවත් පරපුරක් තනමු

ආදි ආනන්දීය බෞද්ධ සංගමය මෙහෙයවන සදහම් චාරිකා ගමින් ගමට

ප්‍රථම සදහම් චාරිකාව ජුනි 27 දින, සවස 3.30 ට පුත්තලම දිස්ත්‍රික්කයේ මහකෝන්වැව චිත්ත සමාධි විවේකාශ්‍රමයේදී

 “බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්නට බිහිවූ ආනන්දයේ වගකීම යුතුකම ඉටු කිරීමට සදහම් චාරිකා පිටුබලයකි. රටත් සම්බුදු දහමත් ආරක්‍ෂාකර ගැනීමට අපේ දරු පරපුර සද්ධර්මයෙන් පෝෂණය කරමු “


“උතුම් පොසොන් පොහෝ දිනයක අපට උරුම වූ ඒ උතුම් දහම තවත් චිරාත්කාලයක් රැකගැනීමට නම් සදාචාරාත්මක මිනිස් ගුණ දහම් අගය කරන පිරිසක් බිහිකළ යුතුය”


දුෂ්කරතා පිරි ගම්මානයක් වූ මෙහි අභියෝග රැසක් ජයගෙන අංග සම්පූර්ණ විහාරස්ථානයක් ගොඩනැගීමට අපට හැකිවිය. කඩවත, කුරුණෑගල ප්‍රදේශවල පින්වතුන් සහ මාලඹේ, තලාහේන බෞද්ධ සංගමය ද මේ සඳහා කළ දායකත්වයන් සිහිපත් කරමි. ආදි ආනන්දීය බෞද්ධ සංගමය, විහාරස්ථානය සහ කළුවරගස්වැව ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඉටු කිරීමට සැලසුම් කර ඇති මෙහෙවර සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරමු.


 “ආනන්දය රට – දැය සමය ගැන නිරන්තර අවධානයෙන්,, අවබෝධයෙන්, මෙන්ම මහත් කැපවීමෙන් ක්‍රියාත්මක වන සුවිශේෂ විද්‍යාස්ථානයකි. පරාර්ථ සේවාවන්ට ආදි ආනන්දීයයන් පවා දක්වන පරිශ්‍රමය අගය කළ යුතුය”

‘සදහම් චාරිකාව’ ආනන්දය විසින් සිදු කෙරෙන තවත් උතුම් පින්කමක් වේවා”


 ‘සදහම් චාරිකා- ආදි ආනන්දීයයන් පෙරටු කරගෙන ගමින් ගමට පියවර, ඔසවන්නේ ළමා - තරුණ, වැඩිහිටි සෑම සිතකම බොදු හැඟුම් තව තවත් පුබුදුවාලීමේ අරමුණෙනි. සද්ධර්මයෙන් ඔපවත් වූ සිත් ඇත්තවුන් බිහි වූ කල මුළු රටම සද්ධර්මයෙන් ආලෝකවත් වනු ඇත”


වීරඹුගෙදර , සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගෙන්

“ආදි ආනන්දීය බෞද්ධ සංගමය විචිත්‍ර ධර්ම දේශනා සහ ආයුර්වේද වෛද්‍ය සායන පවත්වමින් කෝන් වැව ප්‍රදේශවාසීන් උදෙසා සිදු කරන මෙම සද් ක්‍රියාව අපගේ ගෞරවයට හේතුවේ.


ආදි ආනන්දීය බෞද්ධ සංගමය

ආදි ආනන්දීය බෞද්ධ සංගමය වසර 26 ක් පුරා ආනන්ද විද්‍යාලය තුළ පමණක් නොව ඉන් බැහැරව දුෂ්කර පළාත්වල ගම්මාන, දිළිඳු පවුල්, පාසල් සහ දහම් පාසල් වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් සිදු කර තිබේ.

අනුරාධපුර කුඩාගම, සිප්පිකුළම, ගෝනපැටියාව ගම්මානය සහ විදුහල, සේරුවිල මහින්දපුර ගම්මානය සහ විහාරස්ථානය,මොණරාගල, මාලිගාවිල , නියදැල්ල ගම්මානය, ත්‍රිකුණාමලය උල්ල ගම්මානය මුල් කරගත් ව්‍යාපෘති මෙන්ම දුම් නොබොන කලාප ඇති කිරීම,බෞද්ධ පාසල් තුළ බෞද්ධ සංගම් ඇතිකිරීම, වෛද්‍ය සායන කඳවුරු පැවැත්වීම, සාරධර්ම පිළිබඳ හඬ අවදි කරවන සමුළු පැවැත්වීම මේ අතර ප්‍රධාන තැනක් ගනී.

අපේ කම අගයන,බොදු පිළිවෙතට ගරු කරන, සාරධර්ම ගුණ ධර්ම සුරකින සමාජයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාද්වීපයේ ආර්ථික , සමාජ සහ සංස්කෘතික පුනර්ජීවනය ඇති කිරීම සඳහා ආදි ආනන්දීය බෞද්ධ සංගමය ක්‍රියාත්මක වනු ඇත.


දේශකයාණන්
වහන්සේ
පොල්පිටිමූකලාණේ
පඤ්ඤාසිරි හිමි

වැඩසටහන

ජුනි 27 සිකුරාදා
සවස 3.00 ට මල් පෙරහර
සවස 3.30 ට ‘සදහම් චාරිකා’ ධර්මදේශනාව
සවස 6 ට ගිලන්පස සහිත බෝධි පූජාව
ජුනි 28 සිකුරාදා
උදෑසන 4.30 ට
කිරි අම්මාවරු සිය දෙනෙකු සඳහා දානමය පින්කම
උදෑසන 8.00ට ගවයින් නිදහස් කිරීම
– අනුග්‍රහය – තලාහේන බෞද්ධ සංගමය


සැලසුම් කර ඇති සදහම් චාරිකාවන්

පොළොන්නරුව දිස්ත්‍රික්කය –අරලගන්විල
වව්නියා දිස්ත්‍රික්කය - බෝගස්වැව
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය – පදවි ශ්‍රී පුර
මුලතිව් දිස්ත්‍රික්කය – ඇහැටුගස්වැව

ඉදිරි කටයුතු සහ දායකත්වයන් පිළිබඳ විමසීම්

නිශාන්ත රන්දෙණි (ප්‍රධාන ලේකම්) – 077 222 67 07

සුමින්ද හෙට්ටිආරච්චි (උප සභාපති) –0777 397 256

ආදි ආනන්දීය බෞද්ධ සංගමය මෙහෙයවන සදහම් චාරිකා සමඟ එක්වන ලෙස පින්වත් සැමට ආරාධනා

 

 

පොසොන් මස අමාවක පෝය

පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]