UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දම්පල් 150 වැනි ජන්ම දින සැමරුම බුද්ධගයාවේදී සත්කාරත්වය ගාල්ලේ සවිය සංවර්ධන පදනමෙන්

දම්පල් 150 වැනි ජන්ම දින සැමරුම බුද්ධගයාවේදී සත්කාරත්වය ගාල්ලේ සවිය සංවර්ධන පදනමෙන්

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ගාල්ල සවිය සංවර්ධන පදනම මඟින් ඉන්දීය මහා බෝධි සමාගම බුද්ධගයා මධ්‍යස්ථානය සමඟ සහයෝගිතාවයෙන් සිරි දම්පල් ජන්ම දින සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය 2014 සැප්තැම්බර් මස 16 සහ 17 දිනයන්හිදී බුද්ධගයා මහාබෝධි මූලස්ථානයේදී සහ පූජාභූමි පරිශ්‍රයේදී ආගමික සාමාජික සංස්කෘතික වශයෙන් පැවැත්වෙනු ඇත.

විශේෂයෙන්ම මෙහිදී අනගාරික ධර්මපාලතුමන් රට දැය, සමය වෙනුවෙන් හා ලෝක ශාසනික ව්‍යාප්තියට සිදුකළ මෙහෙවර අලලා ඉංගී‍්‍රසි හා සිංහල භාෂාවෙන් ලියැවුනු ග්‍රන්ථ සමූහයක්ද එළි දැක්වීමට නියමිතය. දාන, ශීල, භාවනා වැඩසටහන්වලට අමතරව ගයාවේ පාසල් ළමුන් අතර ධර්මපාල අනුස්මරණ අධ්‍යාපනික තරග මාලාවක්ද, එතුමන්ගේ උදාර සංකල්පය හා ක්‍රියාකාරකම් නිසා දේශ දේශාන්තරයන්හි බුදුදහම ප්‍රචාරයවීමත් සමඟ ඇති වූ බෞද්ධ පුනර්ජීවය යළි යළිත් ලෝක ප්‍රජාව වෙත ගෙනයාමේ අව්‍යශතාවය සනිටුහන් කෙරෙන බොදු සමුළුවක්ද මෙම දිනයන්හිදී සංවිධානය කෙරේ.

මහා සංඝයා වහන්සේ එකසිය පනස්නමක් විෂයෙහි පිරිකර සහිත මහා දානමය පින්කමක්ද, මෙම දිනය සංකේතවත් කරමින් බුද්ධගයා මහාබෝධි මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත. මෙහි අනුශාසකත්වය දරනු ලබන්නේ ඉන්දීය මහාබෝධි සමාගමේ මහලේකම් පූජනීය පැල්වත්තේ සීවලි හිමිපාණන් වහන්සේ විසිනි.

ධර්මපාලතුමන්ගේ ජාතික, ආගමික හා ශාසනික දිවිමඟ අලලා සංස්කෘතික දැක්මක් සහිත අනුස්මරණ පෙරහරක්ද බුද්ධගයා පුණ්‍යභූමිය ආශි‍්‍රත ප්‍රදේශය තුළදී ගමන් කරවීමටද, කටයුතු කෙරේ.

රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය පල්ලත්තර සුමනජෝති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවිධානය කෙරෙන සවිය සංවර්ධන පදනම හා සවිය සංචාරක සේවයේ මෙහෙයවීමෙන් වූ ‘සිරි දම්පල් ජන්ම දින සැමරුම’ සඳහා සහභාගිවීමට කැමැත්තක් දක්වන මහාසංඝයා වහන්සේලාට හා බැතිමතුන්ද විශේෂ ආරාධනාවක්ද කෙරේ. ඒ අනුව 2014 සැප්තැම්බර් 15 දිනසිට කි‍්‍රයාත්මක එකී පින්කම් මාලාවට සහභාගි වීමටත් අපේක්ෂා කරන්නන් වැඩි විස්තර සංවිධායක, සවිය සංවර්ධන පදනම , 24/ඒ වේවැල්වල පාර, ගාල්ල යන ලිපිනයට හෝ අංක 091 – 2245781, 077 3987517 දුරකතනයෙන් වැඩි විස්තර දැනගත හැක.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]