UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනා

ධර්ම දේශනා

මහනුවර පොත්ගුල් විහාරය

පොත්ගුල් විහාරයේ දවස පුරා වෙසක් වැඩ සටහනට, යටිනුවර සුමන, දම්ඹරාවේ හේමාලෝක, දුල්ලව රතනසාර, බෙල්ලන්විල සංඝරතන, අකුරම්බොඩ ධම්මවිලාසී, දිවුලන්කඩවල සීලානන්ද, උඩුරාවන නාලක යන හිමිවරු 11 වැනිදා සිට 14 දක්වා වෙසක් සතිය නිමිත්තෙන් ධර්ම දේශනා පවත්වති.

මහනුවර පි‍්‍රමිරෝස් උයන වජිරාරාමය

ශාස්ත්‍රපති අකුරම්බොඩ ධම්මවිලාස නාහිමියන් විසින් උදේ සිල්සමාදන් කරවීමෙන් ආරම්භ කරන වෙසක් වැඩසටහන ඕස්ට්‍රේලියාවේ බිස්බන් නුවර දම්සක් නිකේතනයේ අනුශාසක නත්තරම්පාත චන්දිම, මාතර සමිතධම්ම, හොරේපොල සුගතතිස්ස, හිමිවරු මෙහෙවන ධර්මදේශනා ඇතුලත් ය. කේ. බණ්ඩාරනායක

අරියනන්දනාරාමය

වේගයන්ගොඩ කටුගස්ගොඩ ශ්‍රී අරියනන්දනාරාම පුරාණ විහාරයේදී මේ මස 8 වැනිදා සිට 14 දක්වා දිනපතා රාත්‍රී 7ට වෙසක් සති ධර්ම දේශනා පින්කම් මාලාවක් හා දිනපතා සවස 6 ට අටවිසි සම්බුදු පූජාවක් පැවැත්වේ. ආරම්භ ධර්ම දේශනය රුවන්වැල්ල වහරක දම්සක් විහාරයේ අනුශාසක ගම්පහ මහානාම හිමියන් විසින් සිදුකරන අතර විහාරාධිපති මහගම සීලානන්ද හිමියන්ගේ් අනුශාසනා පරිදි පින්කම සංවිධානය කර ඇත.

ශ්‍රී ගංගාගිරි විහාරය

පිටබැද්දර, ගොරකවෙල, ශ්‍රී ගංගාගිරි විහාරයේ මේ මස 10 සිට 13 දක්වා සවස 6.30 සිට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. අගලකඩ සිරිසුමන හිමි, මානකඳුරේ පඤ්ඤාසාර හිමි, උළුවිටිකේ සෝමරතන හිමි හා කිරින්දේ උදිත හිමියන් දම්දෙසුම් පවත්වති.

හම්බන්තොට සිංගිරි විහාරය

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේ විහාරාධිපති සුරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 13 දා සිට 18 දක්වා වෙසක් පින්කම් මාලාවක් සංවිධානය කර ඇත.14 වැනිදා කිරි ආහාර බුද්ධ පූජාව හා සීල සමාදානයද 14, 15 අටවිසි බුද්ධ පූජා හා බෝධි පූජා පින්කම්ද පැවැත්වේ.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]