UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2014 මැයි 14 වනදා බදාදා

ලොවට සෙත සැලසූ අසිරිමත් බුදු උපත

සිදුහත් මහ බෝසත්තුමාගේ අසිරිමත් උප්පත්තියත්, ඒ මහ බෝසත්තුමා තුන් ලොවම සනහාලීම සඳහා අසිරිමත් සම්මා සම්බුද්ධත්වයට පත්වීමත්, ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමත් යන සම්බුදු තෙමඟුල සිහි කැරෙන ඓතිහාසික පූජනීය ආගමික දිනය වෙසක් පුර පසළොස්වක පෝදා ය.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙසෙසින්ම බුදුගුණ මෙනෙහි කිරීමටම උත්සාහ කළ යුතු ය.

සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ අනන්ත අප්‍රමාණ කාලයක් සසර කතරේ ඒ මේ අත ඇවිදමින් අනේක දුක් පීඩාවිඳි අප්‍රමාණ ලෝකවාසීහු මේ සසර කතරෙන් එතෙර කරවීමේ මහා කරුණාවෙනි.

අපමණ බුදුගුණ කියා හෝ ලියා නිම කළ නොහැකිය. බුදුරජාණන් වහන්සේගේ අපමණ බුදුගුණ කිව හැකිවන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකටම පමණි. බුදුරජාණන් වහන්සේ ඒ නිසාම අසම සම වේ.

දීපංකර බුදුරජාණන් වහන්සේ දවස මහ රහතන් වහන්සේලා ඇතුළු බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වැඩම කරවන මොහොතේ ඉදිරියේ පැවැතියේ මහ මඩ වගුරකි. බුදුපාමොක් මහ සඟරුවනට පිඬු පිණිස වැඩම කිරීමට එවෙලෙහි ඒ මොහොතේම තම ශරීරය ඒ මඩ වගුරට ඒ දණ්ඩක් වේවා යැයි පැතුමෙන් කළ පූජාව දෙස දීපංකර බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් විමසා බලා වදාරණ ලද්දේ මේ සුමේධ මහ බෝසත්තුමා ගෞතම සම්බුද්ධත්වයට පත්වන බවය.

එදා පටන් සාරාසංඛ්‍යෙය කල්ප ලක්‍ෂයක් පුරා මහ සයුරේ ජලය පරදන තරමට ලේ දන් දුන්නේත් අහසේ තරු පරදන තරමට ඇස් දෙන් දුන්නේත්, මහ පොළොවේ පස් තරමට හිස් දන් දුන්නේත් සම්මා සම්බුද්ධත්වය පතාය.

තම අතට පත් නිවන පවා අතහැර සසර කතරට එකතුව සම තිංසත් පාරමී දම් සපුරා ගෞතම බුද්ධරාජ්‍යයට පත්ව පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි දුකෙන් පිරි ලෝක සත්වයාට ඒ දුකෙන් එතෙර වන මඟ දේශනා කළහ.

අසිරිමත් බුදු සිරිත ආදර්ශයෙන්ම පිරුණකි. උන්වහන්සේ පිරූ පාරමී දම් පවා අසිරිමත්ය. එහි අසිරිය අද පවා අපේ දෑස් ඉදිරියේ දීත් දැක ගත හැකි වේ.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව බුද්ධ පූජාව නොකඩවා පැවැත්වීමෙන් උන්වහන්සේගේ දාන පාරිමිතාවේ අසිරිය ලොවට පෙන්වා දෙයි.

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙසෙසින්ම වෙසක් පොහොය ආදී ඓතිහාසික, පූජනීය ආගමික දිනයක අටසිල්හි පිහිටා සීල, භාවනා පින්කම්වල නිරත වේ.

ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවෙමින් වෙසක් පොහොය දිනය තුළ හැකිතාක් සීල භාවනාදී පින්කම්හි නිරතවීමෙන් තම තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වඩා වර්ධනය කර ගැනීමට පුරුදු වී සිටිති.

ලෝක සත්වයා වෙත පතළ මහ කරුණාවෙන් ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේ මා වෙනුවෙන්මයි, අප වෙනුවෙන්මයි, ලොව පහළ වූයේ යැයි නිතර සිහි කටයුතුය. එසේ සිහිකරමින් මට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පිහිටයි. පිළිසරණයි. මට උතුම් බුදුරුවනෙහි පිහිට, පිළිසරණ හැර අන් කවර නම් පිහිටක්දැයි කල්පනා කරමින් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන පිළිරුවක් සිතින් මවා ගනිමින් එය හදවතෙහි තැන්පත් කරගෙන බුදුගුණ නිතර නිතරම මෙනෙහි කළ යුතු ය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි පන්සාළිස් වසර පුරා දුකෙන් පෙළුණු අනන්ත අප්‍රමාණ සත්වයා වෙත උන්වහන්සේ මහාකරුණාවෙන් ම පිහිට වූහ.

බුදුරජාණන් වහන්සේගේ දින චර්යාව පිළිබඳ මෙනෙහි කළ ද ඒ තුළින් ද සිතට අප්‍රමාණ සැනසීමක් උදාවේ.

පෙර බත්කිස, පසුබත්කිස, පෙරයම්කිස, මැදියම්කිස සහ පැසුළු යම්කිස යනුවෙන් දිනය අර්ථානුකූලව ලෝක සත්වයා වෙනුවෙන්ම ගත කරමින්ම වැඩසිටි ජීවමාන බුදුපියාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මෙනෙහි කරන විට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවායැයි දැනෙන්නට පටන් ගනු ලැබේ.

අදවන් ඓතිහාසික පූජනීය දවසක අර්ථවත් දිවි පෙවෙතක් ගතකරමින් ජීවිත කාලය පුරා තිදොර සංවරයෙන් ගුණවත්, සිල්වත්, ජීවිතයක් ගත කිරීමට අදිටන් කරගැනීමෙන් වෙසක් පෝදා මහඟු බුද්ධ පූජාවක් සිදුකර ගැනීමට වෙහෙසෙමු.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]