UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දන්සැල්

දන්සැල්

කිරිවෙහෙර

වෙසක් බත් දන්සැල කිරිවෙහෙර ප්‍රධාන වාහල් දොරටුව අබියස දාන ශාලාවේ පැවැත්වෙන අතර කිරිවෙහෙර රාජමහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසු පැන් දන්සල ද එම ස්ථානයේම පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

අතුරුගිරිය

සාම පෙදෙස කිරි කෝපි දන්සැල බොතේජු මහතාට පින් පිණිස 15 දා සවස පැවැත් වේ.

වෙනිවැල්කැටිය වෙන්දේසිවත්ත

ශ්‍රම ශක්ති සුබසාධක සමිතිය මඟින් පළමු වරට සංවිධානය කරනු ලබන මඤ්ඤොක්කා දන්සැල මෙම 15 වනදා සවස වෙන්දේසිවත්ත අනුර පීරිස් මහතාගේ නිවස අසලදී පැවැත්වේ.

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය

වාර්ෂිකව පවත්වනු ලබන බෞද්ධ මණ්ඩලයේ වෙසක් බත් දන්සැල මෙවරද මෙම මස 14 වැනි දා දිවා රාත්‍රී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. එදින බෞද්ධ මණ්ඩල පරිශ්‍රය තුළ සිල් සමාදන් වන සැදැහැවතුනට හීල් දානය, හා දවල් දානය පිරිනැමීමෙන් පසුදා දන්සැල ආරම්භ කිරීමට නියමිතය.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]