UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

නාලනී ජයමිණි (අවු. 36 ) නැමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ බී හෝ ඕ පොසිටිව්” වකුගඩුවක් හෝ “ඕ නෙගටිවි” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වයි. වැඩි විස්තර 076 6674791 විමසිය හැක.


අංක 304 උඩුමුල්ල මුල්ලේරියාවේ පදිංචි ඩබ්ලිව්.ඩී.කිත්සිරි කුමාර ගුණරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳි. ඔහුට ඉක්මනින් වකුගඩු බද්ධ කිරීමක් සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා පවසයි. ඔහුට “ ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන අතර, වකුගඩුවක් පරිත්‍යාග කර දෙදරු පියාගේ ජීවිතය බේරා ගැනීමට සහය වන මෙන් ඉල්ලීමක් කරයි. වැඩිවිස්තර 0112 419103 / 0771 938838, 0713 162910 දුරකථනයන්ගෙන් විමසිය හැක.


ඌව පරණගම, ලද්දුව, වටගොඩ පදිංචි වාසනා කුමාරි යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. මේ සඳහා විශාල මුදලක් වැය වන බවත් මේ මුදල සොයාගැනීමට ඇයට අසීරු බවත් දන්වයි.මේ සඳහා ඌවපරනගම මහජන බැංකුව වාසනා කුමාරි නමින් ඇති 156 – 2 – 001 – 9 – 0037960 ගිණුම් අංකයට ඔබගේ මුදල් ආධාර ලබා දිය හැකි ය.


බොරැල්ල, ගෝතමීපාර අංක 72 හි පළමු පටුමගෙහි පදිංචි තිසාරා මධුෂාණි දියණිය (අවුරුදු 22 ) දැනට අ.පො.ස (උසස් පෙළ) සමත්ව, උසස් අධ්‍යාපන පාඨමාලාවක් හදාරයි. ඇය අසනීප වීමෙන් පසුව පරීක්‍ෂාකළ කොළඹ මහ රෝහලේ රුධිර පරීක්‍ෂණ ඒකකයේ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා දන්වා සිටියේ ඇයට ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බවයි. ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 071 3504246, 072 1795935, 0777 609885 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


කුරුණෑගල මල්කඩුවාවේ ජේම්ස්වත්තේ පදිංචි සී. සිල්වා යන අයට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ද කළයුතු බව මහනුවර වකුගඩු ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා නිර්දේශ කර ඇති බැවින් වකුගඩුවක් පරිත්‍යාග කළහැකි අයෙක් වෙතොත් දුරකතන 071-6623600, 077- 2399022 අංකයන්ට කථා කොට වැඩි විස්තර දැනගත හැකියි.


තංගල්ල නෙටොල්පිටියේ පදිංචි චන්ද්‍ර ලලිත් ජයවීර යන අය ආමාශයේ දරුණු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ශල්‍යකර්මයකට ද භාජනය කර ඇත.

ඖෂධ එන්නත් සඳහා විශාල මුදලක් වැයවෙන බැවින් පාසල් යන දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහුට ප්‍රතිකාර සඳහා සහයෝගය පතයි. ඔබගේ පරිත්‍යාගය ලංකා බැංකුවේ තංගල්ල ශාඛාවේ ගිණුම් අංක 3407587 යට බැර කරන ලෙස ඉල්ලීමක් කරයි. දුරකථන අංකය 071-7591159 වැඩි විස්තර දැනගත හැක.


අංක බී. 29 බී දුම්රිය නිවාස රත්මලාන පදිංචි 30 හැවිරිදි ජී. උදිත ඉසිර කුමාර මහතා දරුණු වකුගඩු ආබාධයකට ලක්ව කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුට “ඕ” නෙගටිව් හෝ “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දීමට කැමති පින්වතෙකු සිටිත්නම් පිහිටවෙන ලෙස ඉල්ලීමක් කරයි. දුරකථන අංක 077 6110315, 071 3838775 වැඩි විස්තර දැනගත හැකියි.


වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත පාර, දෙවන අදියර, නවගම්පුර එන්. 29 හි පදිංචි එස්. ජීවගන් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙසත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියි. ග්‍රෑන්ඩ්පාස් කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8570026996 මුදල් බැර කළ හැකි අතර වැඩි විස්තර 072 4994055 දැනගත හැකියි.


ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ 12 ශ්‍රේණියේ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබන අංක 114/ සී/ජේ/01 රන්මුතු උයන, පරකන්දෙණිය, ඉඹුල්ගොඩ පදිංචි බුද්ධිනී අසන්තිකා ශිෂ්‍යාවට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් සෑදී ඇත.

ඇයගේ ප්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් වැයවන අතර ඇයගේ පියා මියගොස් ඇත. ඇය සුවකර ගැනීම සඳහා ඔබගේ පරිත්‍යාග කඩවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 100750212598 ට මුදල් බැර කරන ලෙස ඉල්ලීමක් කරයි.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]