UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් පෝදා පින්කම්

වෙසක් පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

අනුරාධ පුර මහා විහාර පොහොය වැඩසටහන අටමස් ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. පෙරවරු 6.00 පෙහෙවස් සමාදන් කිරීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහාපණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි.

9.00 ධර්ම දේශනාව ආශි‍්‍රතව ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහිදේශනය, මහාචාර්ය සුමනදාස ගල්මංගොඩ මහතා, මාතෘකාව, “ත්‍රිපිටකය සහ ශ්‍රී ලංකාව“ 10.30 – බුද්ධ පූජාව, මධ්‍යහ්න 12.00 ජාතක කතා දේශනාව ඉහළ දිවුල්වැවේ විමලවංශ නාහිමි, පස්වරු 1.00 ධර්මදේශනාව අනුරාධපුර ජේතවන චෛත්‍යරාමාධිකාරී, ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නාහිමි, 2.15 ධර්මදේශනාව ආශි‍්‍රත ගැටලු සාකච්ඡා කිරීම, 2.45 ධම්සභා මණ්ඩපය ආචාර්ය කල්ලංචියේ රතනසිරි නාහිමි, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මහතා, ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා, 3.45 භාවනා වැඩසටහන රාජකීය පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 4.45 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි, 5.45 සිල් පවාරණය කිරීම.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කිඹිඇල කස්සප නාහිමි, 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව අනුරාධපුර විරාග හිමි සහ මීගොඩ මධුභානී හිමි. පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අම්පිටියේ සද්ධාවාස හිමි සහ මහගම සුජාත හිමි, 1.00 – 2.30 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.30 – 3.30 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි. 4.00 – 5.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානා හිමි. 5.00 – 6.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරිහිමි.

තරුණසීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අම්පිටියේ සද්ධාවාස හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව දර්ශනපති අගලකඩ සිරිසුමන හිමි, 3.00 – 4.00 ගිහි දෙසුම, වි.ජ.මු. ලොකුබණ්ඩාර ආණ්ඩුකාරතුමා, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

වෙසක් පුන් පොහොය දින අලුයම 5.30ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා ධර්මදේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 සිට 9.00 ධර්ම දේශනාව කොටපොල අමරකිත්ති හිමි, 9.00 10.00 ධර්ම දේශනාව කැළණියේ අජිත හිමි, 10.00 සිට 11.00 භාවනාව පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන්, 11.00 දහවල් බුද්ධ පූජාව 12.30 පස්වරු 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනාව 1.00 2.00 දක්වා ධර්ම දේශනාව මිරිස්සේ ධම්මික හිමි, 2.15 5.00 භාවනාව පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන්වහන්සේ තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල්පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් විසින් පවත්වනු ලබයි. මෙම පුර පසළොස්වක පොහොය දිනයෙහිදි සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදු සරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

පෙරවරු -6.00 - 7.00 - සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 - 7.30 - තෙරුවන් වන්දනාව, 8.15 - 9.30 - භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.30 - 11.00 - ධර්මදේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 - 11.30 - තෙරුවන් වන්දනාව, පස්වරු -12.30 - 1.00 - සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 - ධර්මදේශනය, ශාස්ත්‍රපති පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි මාහිමි, 2.00 - 3.30 - ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස මාහිමි, 4.00 - 5.00 - ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 5.00 - 6.00 - ධර්මදේශනය, දර්ශනපති මඩිහේ සුගතසිරි මාහිමි, රාත්‍රී 7.00 - අටවිසි බුද්ධ වන්දනාව


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා විහාරාධිපති, වලවෙල හේමානන්ද නාහිමිපාණන්ගේ උපදෙස් පරිදි විහාරවාසී මහා සංඝරත්නය මෙහෙයවීමෙන් හා විහාරස්ථ බෞද්ධාරක්‍ෂක සභාවට අනුබද්ධ ‘වීතදෝශී’ සමිතිය මඟින් කටයුතු සංවිධානය කොට ඇත. මෙම වැඩසටහන් සඳහා මෝරාවත්තේ සුබෝධි ගල්කිස්ස ධම්මිස්සර යන ස්වාමීන්වහන්සේලා ඇතුළු හිමිවරුන් ද මහාචාර්ය ඥානදාස මහතා, පර්සි විජේරත්න මහතා ඇතුළු ගිහිපින්වතුන්ද ගාල්ලේ සුධම්මාචාරි දසසිල් මාතාව ද සහභාගි වීමට නියමිතව ඇත.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 උපෝසථශීලය සමාදන් කරවීම ජයශේඛරාරාමාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය කන්තලේ සුමිත්ත හිමි, 10.30 – 11.00 ට දහවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15- 12.30 බුද්ධානුස්සති භාවනාව, 2.15 – 3.15 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනය සෝමපුර සුගතසිරි හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය කතරගම සති මන්ත හිමි, 6.45 – 7.45 දක්වා සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 8.00 – 9.00 දක්වා රාත්‍රී ධර්ම දේශනය.


මොරටුව හොරේතුඩුව

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා පින්කම් දවස පුරා සිදුකෙරේ.


බියගම පුණ්‍යවර්ධනාරාමය

වෙසක් පොහොය නිමිති කරගෙන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදී වැඩසටහන් රැසක් දවස පුරාම බියගම පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ දී දහම් පාසල් දරු දැරියන් සහ ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී වෙසක් පෝදා දවස පුරා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් චෛත්‍යයට පැලඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. උදේ ධර්මදේශනාව ගොඩගම සුබානුදස්සි හිමියන් විසිනි.

ඊ. එච්. සෝමපාල කතරගම විශේෂ


කොළඹ සම්බෝධි විහාරය

අලුයම 5.30 ට කිරි ආහාර පූජාව සමගින් බෞද්ධයා විකාශනය ආරම්භ වීම. පෙරවරු 5.30 – 6.00 – කිරි ආහාර පූජාව දරණාගම කුසලධම්ම නා හිමි, 6.00 – 7.15 - සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නා හිමි, 8.00 – 9.00 – ධර්ම දේ්ශනාව බුද්ධංගල ආනන්ද හිමි, 9.30 – 10.30 – ධර්ම දේශනාව පිටිගල ගුණරතන හිමි, 11.00 – 11.30 – ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව, අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 – ධම් සභා මණ්ඩපය – පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නා හිමි, සුනිල් සරත් පෙරේරා මහතා, මහාචාර්ය විමල් දිසානායක මහතා, මෙහෙයවීම – නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 – භාවනාව, කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 – ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 4.30 - 5.30 – ධර්ම දේ්ශනාව, දොඩන්දූවේ සිරිකර හිමි, 5.30 – 6.00 - කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද මහානා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, 9.00 – 9.30 ධම්ම පදයෙන්, විනයාචාර්ය පිටිපන සාසනරතන හිමි, 9.30 – 10.00 ධර්මානුශාසනාව ත්‍රිපිටක ආචාර්ය වේරදුවේ මහින්ද හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විසාරද හිමි, පස්වරු 12.30 – 01.15 සෙත් පිරිත්, සිරි වජිරාරාමාධිකාරී කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව යටිරාවණ ධම්මාරාම හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව සිරි වජිරාරාමා දහම් පාසල් උප ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමි, 4.00 – 5.00 ගිහි දේශනය මහාචාර්ය අසංග තිලකරත්න මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා, 6.30 – 7.30 විශේෂ ධර්මානුශාසනාව තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව මෙදේරිපිටියේ චන්ද්‍රවංශ නාහිමි, 6.30 උපෝසථ ශීල සමාදානය සම්බුද්ධ පූජාව ලේනබටුවේ මිත්තාලෝක නා මාහිමි 9.00 වෙසෙසි දෙසුම - ආනන්ද සිල්වා මහතා, 10.30 ධර්මදේශනය ගලඋඩ පුරාණ විහාරවාසී විජිත හිමි, 11.30 දහවල සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 1.15 පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියැවීම විජේසිරිවර්ධන මහතා, 2.00 ධර්ම දේශනය නොහලියද්දේ දේවානන්ද හිමි, 3.00 ධර්ම දේශනය නේපාලයේ වජිර හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, රාත්‍රී 7.00 විශේෂ ගිලන්පස මල් පහන් පූජාව සමඟ බුද්ධ බෝධි වන්දනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නායක මාහිමි සමඟ ධර්මායතනවාසී මහා සංඝරත්නය. මෙදින බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ අමරා ගමගේ , කාන්ති ලියනගේ , ඉන්ද්‍රනිලා චන්ද්‍රදාස මහත්මීහු සමඟ නවෝදා සඳලී මෙනවියයි.


තෙලවල - විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහැර, 6.30 - 7.30 - උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව ධර්මායතනාධිපති නා හිමි, 8.30 - 9.30 - භාවනා වැඩසටහන වඳුරඹ ඥාණාලෝක හිමි, 9.30 - 10.30 - කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩි හාමුදුරුවන්, 10.45 - 11.15 - දහවල සම්බුද්ධ පූජාව ධර්මායතනාධිපති නා හිමි, පස්වරු -12.30 - 2.00 - සක්මන් භාවනාව, 2.00 - 3.00 - ජාතක කථා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 3.00 - 4.00 - ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 4.00 - 5.00 - මහපිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව 6.30ට අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම ධර්මායතනාධිපති නා හිමි


දිද්දෙනිපොත එක්සත් බෞද්ධ සංගමය මෙහෙයවන වෙසක් පෙරහර

2014 මැයි මස 14වෙනි දින දිද්දෙනිපොත ශ්‍රී විජයාමාර විහාරස්ථානයේදී පෙරවරු 6.00 සිට සීල සමාදාන වැඩසටහන හා භාවනා වැඩසටහන දවස පුරාම සිදු කෙරෙනු ලැබේ.

මුලටියන දිද්දෙනිපොත වලගාවත්ත රෝයි රාජපක්ෂ මාවත අබියස ඉදිකරවා ඇති බෞද්ධ මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නේත්‍ර ප්‍රතිස්ඨාපනය කිරීමේ මහා පින්කම් උත්සවය මේ මස 15 වැනිදා පෙරවරු සිදු වේ.


සිළුමිණ වෙසක් පෙරහර

කැලණිය නාරම්මණිය අශෝකාරාමයේ දී 30 වැනි වරටත් ගිරාවුල්ලේ ඥානසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පෙරහර පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ මස 16 වැනි දා රාත්‍රී 7.00 ට බෞද්ධ සංස්කෘතිය රැකගෙන අලංකාර අයුරින් එය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම විහාරයේ දායක සභාව හා විහාරාධිපති ගිරාවුල්ලේ ඥානසිරි හිමියන් දන්වා සිටී.


ගම්පහ සාම මහා විහාරය

ගම්පහ සාම මහා විහාරය මඟින් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන මහා වෙසක් පෙරහර පනස්වැනි වරටත් මැයි 15 දා රාත්‍රි ගම්පහ නගරය පුරා වීථි සංචාරය කිරීමට නියමිතය. ගම්පහ සාම මහා විහාරාධිපතිව සිට අපවත්වී වදාළ ආචාර්ය දරමිටිපොළ රතනසාර නාහිමියන් විසින් 1964 දී ආරම්භ කරන ලද මේ පෙරහර සියලු සාම්ප්‍රදායික අංගයන්ගෙන් සමන්විත සංස්කෘතික සංදර්ශනයක් වශයෙන්ද ප්‍රකටය. වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රවේදී තලංගල්ලේ සෝමසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරය

පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානය මෙවර වෙසක් පුන් පොහොය නිමිත්තෙන් මෙම 14 දා දවසපුරා පින්කම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. උදෑසන සිල් සමාදන්කරවීම, බුද්ධ පූජා, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් සහ සවස විශේෂ අටවිසි බෝධි පූජාවක්ද පැවැත්වේ. විහාරාධිපති තම්මිටපියනන්ද, විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ ආරාම කාරක සමිතිය හා ශ්‍රී සීලානන්ද දහම් පාසල මෙම පින්කම සංවිධානය කර ඇත. මෙදින පෙහෙවස් සමාදන්වන උවසු උවැසියන් සඳහා බුදුසරණ පුවත්පත නොමිලයේ බෙදාදෙන අතර ඒ සඳහා විහාරස්ථ දායක සභාවේ සභාපති ගුණසිංහ මහතා සහ ලේකම් රෝහණ රවීන්ද්‍ර යන මහත්වරු අනුග්‍රහය දක්වා ඇත.


ගොරකාන ශ්‍රී ගංගාතිලක විහාරය

ගොරකාන ශ්‍රී ගංගාතිලක විහාරයේ දී සියයක් සාමණේරයන් වහන්සේලාගේ පෙරහරක් වෙසක් පොහෝ දා සවස පැවැත්වේ. සාමණේර උපහාර මහ කප්රුක් පූජාව සවස 3 ට එම විහාරස්ථානයේ දී පැවැත්වේ.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

කෑගල්ල තරුණ බෞද්ධ සංගමයේ බෞද්්ධ මධ්‍යස්ථානයේ දහම් සෙවණේ දී කෑගල්ල හෙම්මාතගම සිද්්ධාර්ථ මා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි වෙසක් පොහෝ දා දවස පුරා සීල සමාදාන පින්කම් රාශියක් සංවිධානය කොට ඇත.


තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමය

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී වෙසක් පුන්පොහොය නිමිත්තෙන් 14 දා දවස පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. දාන, සීල, භාවනා වැඩසටහන්, ධර්ම දේශනා, බෝධි පූජා ඇතුළු පින්කම් මාලාවක් මෙදින පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරත්න, විහාරාධිකාරී ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව මෙම පින්කම් සංවිධානය කර ඇත.


සීනිගම කුසුමාරාම පුරාණ විහාරය

වෙසක් පසළොස්වක පොහොය වෙනුවෙන් 14, 15, 16 යන දිනයන්හි සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත අකුරළ මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි ධර්මදේශනා, භාවනා සටහන්, කිරිපිඩු පූජා, බෝධි පූජා, ‘බුදුසරණ’ පත්‍ර පරිත්‍යාග ආදී දේ සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේ දී පැවැත්වේ. බුදුසරණ පත්‍ර 200 ක් සීනිගම සමෘද්ධි සංවර්ධන නිලධාරිනි ඩී.ඇම්.නිරෝෂා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උපාසක උපාසිකාවන්ට පිරිනමනු ඇත.


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

පෙරවරු - 6.00 - 7.00 - ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව, ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 7.00 - 8.00 - උදේ ආහාර බුද්ධ පූජාව, 8.00 - 9.00 - ධර්ම දේශනාව කඹුරුගමුවේ මහානාග හිමි, 9.00 - 10.00 - ධර්මදේශනාව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, 10.00 - 11.00 - ආරාධිත දේශනාව මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා, 11.00 - මධ්‍යහ්න 12.00 - ආහාර බුද්ධ පූජාව, පස්වරු -01.00 - 02.30 - භාවනාව ශාන්ත ජෝතිවංශ මහතා, 03.00 - 04.00 - ධර්ම දේශනාව පණ්ඩිත යටිරාවන ධම්මාරාම නාහිමි, 04.00 - 05.00 - ධර්මදේශනාව බොරැල්ලේ අතුªªල නාහිමි, 05.00 - 05.45 - බුද්ධ පූජාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි


රත්මලාන මල්ලිකාරාමය

වෙසක් සතිය නිමිත්තෙන් මේ මස 4 වැනිදා සිට 13 දක්වා සවස 7.00 සිට 8.00 දක්වා ධර්ම දේශනා පැවැත්වේ. මැයි මස 4 වැනිදා රාජකීය පණ්ඩිත ත්‍රිපිටකවේදී, රණස්ගල්ලේ ඥාණවීර හිමි, 5 වැනිදා ගෞරව ශාස්ත්‍රවේදී පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 6 වැනි දා ආචාර්ය මැදගොඩ අභයතිස් හිමි, 7 වැනිදා කොලොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද හිමි, 8 වැනිදා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි, 9 වැනිදා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 10 වැනිදා බම්බලපිටිය සිරිවජිරාරාමවාසී මීගොඩ සුඛිත හිමි, 11 වැනි දා අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායයේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද මහානාහිමි, 12 වැනි දා මහරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරම රාහුල හිමි, 13 වැනි දා රාජකීය පණ්ඩිත ත්‍රිපිටකවේදී රණස්ගල්ලේ ඥාණවීර හිමි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන වැල්මිද්දෙනියේ විමල හිමි, 9.15 ධර්ම දේශනය 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 12.30 ධර්ම සාකච්ඡාව ගුණදාස හල්ගමුගේ මහතා, 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය.


මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමය

පෙරවරු 6.15 – 7.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අකුරම්බොඩ ධම්මවිලාස හිමි, 7.00 – 7.30 උදෑසන බුද්ධ පූජාව, 8.15 – 8.30 ධර්ම පුස්තක බෙදාදීම, 8.30 – 9.30 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති නත්තරම්පොත චන්දිම නාහිමියන්, 9.30 – 11.00 භාවනාව මාතර සමිතධම්ම හිමි, 11.00 – 11.15 දහවල බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 සෙත් පිරිත් දේශනාව පිටකන්දේ මානිත හිමි, හෝමාගම රාහුලධම්ම හිමි, දිවුලන්කඩවල නාරද හිමි, කොස්වානේ ධම්මසරණ හිමි, 01.00 – 1.30 දහම්පද විවරණය (ධම්ම පදය ඇසුරෙන්) හොරේපොල සුගතතිස්ස හිමි, 1.30 – 3.00 විශේෂ ගිහි දේශනය වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා, 3.30 – 5.00 ධර්ම දේශනය හා සාකච්ඡාව සන්තින්ද්‍රිය හිමි, සවස 6.00 ට සර්වඥ ධාතු ප්‍රදර්ශනය.


තලවතුගොඩ ශ්‍රී ඤාණාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.30 – 6.30 කිරිපිඬු පූජාව ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනා වැඩසටහන, 8.30 – 9.30 ධර්මදේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 - 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව 1.00 – 2.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව දරණාගම කුසලධම්ම හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි සමඟ මකුලෑවේ සුදස්සන හිමි, 5.00 කරණීයමෙත්ත සූත්‍ර දේශනාව හා සිල් පවාරණය.


පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති පිරිවෙන් විහාරස්ථානය

උදෑසන 6.00 ට අටසිල් සමාදන් වීම හා බුදුගුණ භාවනාව වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමි, උදෑසන 7.00 ට කිරි ආහාර පූජාව සහිත බුද්ධ පූජාව පැවැත්විම විහාරවාසී සියලුම භික්‍ෂූන් වහන්සේලා, උදෑසන 8.30 ට ගිහි දේශනය ත්‍රිපිටක ධර්ම ගවේශක සුනිල් ලියනගේ මහතා, උදෑසන 10.00 ට ධර්ම දේශනාව පාමංකඩ ඉන්ද්‍රජෝති නාහිමි, උදෑසන 11.00 ට දහවල් ව්‍යංජන තිස් දෙකක් සහිතබුද්ධ පූජාව විහාරවාසී සියලුම භික්‍ෂූන් වහන්සේලා, දහවල් 1.00 පිරිත් ධර්මදේශනාව, සවස 1.30 පිළිකුල් භාවනාව ලුණුගම්වෙහෙරේ භද්දිය හිමි, සවස 2.00 වෙසක් ධර්ම දේශනය, මුන්දලමේ නාරද හිමි, සවස 3.00 වෙසක් ධර්ම දේශනය හැඳල සෝමධජ හිමි, සවස 4.00 භාවනාව තිලකරත්න මහතා, සවස 5.00 ට සිල් පවාරණය විහාරාධිපති නාහිමි.


රත්මලානේ කිරිපිඬු පූජා පෙරහර

රත්මලාන බෝධිරුක්ඛාරාමයේ සිරි සුජාතා කුළඟන සමිතිය මෙහෙයවීමෙන් ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් 67 වන වරටත් පවත්වන කිරිපිඬු පූජා පින්කම විහාරාධිපති රත්මලානේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පෝදා පැවැත්වේ. මැයි 12 වන දින රාත්‍රී පෙරහර වීදි සංචාරය කොට මැයි 14 වන දින පෙරවරුවේ කිරිපිඬු පූජාව පැවැත්වේ.


ශ්‍රී කල්‍යාණි රජමහ විහාරය

ශ්‍රී කල්‍යාණ රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වෙසක් පොහෝදා සීල සමාදාන වැඩසටහන් එම විහාරයේදී දවස පුරා පැවැත්වේ.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]