UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

2014 පට්ඨාන මහා පූජෝත්සවය

2014 පට්ඨාන මහා පූජෝත්සවය

අසිරිමත් පට්ඨාන මහා පූජෝත්සවය 2014 ජුනි 08, 09, 10 දිනයන්හි දී අනුරාධපුරයේ අතිපූජනීය විජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 53 වන වරටත් සිරිත් පරිදි පැවැත්වේ.

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පෙරුම් දම් පුරා වෙසක් පුර පොහෝ දින ලොවුතුරා සම්බුදු බවට පත්වූ තථාගත බුදුරජාණන් වහන්සේ බුදුව සතරවන සතියෙහි ශ්‍රී මහා බෝ මැඩට වයඹ දෙසින් දැන් රතනඝර චේතිය පිහිටි තැන වැඩ හිඳිමින් සතියක් මුළුල්ලේ ධර්මය මෙනෙහි කළ සේක.මෙසේ ධර්ම සම්මර්ශනයෙහි යෙදුන තථාගතයන් වහන්සේ පොසොන් පොහොය ආසන්නයේදී අනන්ත නය සමන්නාගත පට්ඨාන ධර්මය මෙනෙහි කළ සේක. මෙම ගම්භීර වූ, සියුම් වූ අනන්ත න්‍යායන්ගෙන් යුතු ධර්මය මා විසින් අවබෝධ කරන ලද්දේ යැයි හටගත් බලවත් පී‍්‍රතිය නිසා සම්බුදු ශ්‍රී ශරීරයෙහි ඒ ඒ පාට ඇති තැන්වලින් නිල් පාට, රන්වන් පාට, රතු පාට, සුදු පාට, තද රතු පාට සහ සියල්ල එක්වී සෑදුනු ප්‍රභාෂ්වර යන පාට සයකින් යුතු රශ්මි මාලාවක් නිකුත් වී මුළු ලොව බුදු රැසින් බැබළුනු සේක.

පොසොන් සතියේ දී සිදු වූ එම අසිරිමත් සිදුවීම සිහිගන්වමින් අනුරාධපුර විජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස සතරවන සතිය සිහිගන්වන විහාරය ඉදිරිපිට දී ශ්‍රී සර්වඥ ධාතු කරඬුව සහ පට්ඨාන රිදී පොත් වහන්සේ තැන්පත් කොට විදුලිමය රැස් විහිදුවා මහා සංඝරත්නය පට්ඨාන ධර්මය දේශනා කොට මේ උතුම් ධර්මය අවබෝධකොට වදාළ බුදු රැසින් බැබලෙමින් මෙනෙහිකොට වදාළ සම්මා සම්බුදු රජාණන් වහන්සේට සම්බුද්ධ පූජාවන් පැවත්වීමට නියමිතය. කොළඹ පට්ඨාන සභාව මගින් වාර්ෂිකව මෙම පූජෝත්සවය සංවිධානය කෙරේ. මෙහි නිර්මාතෘන් වහන්සේ අපවත් වී වදාළ ආභිධම්මික වාගීශ්වර යාගොඩ ධර්මප්‍රභ නායක ස්වාමීන් වහන්සේය.

ජුනි මස 08 වන දින සවස 3.00 ට – පට්ඨාන රිදී පොත් වහන්සේ වැඩමවන අලංකාර පෙරහර, ඉසුරුමුණිය පාරේ සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයෙන් ආරම්භ කර ජය ශ්‍රී මහ බෝමළුව දක්වා ගමන් කිරීම. සවස 6.00 සිට රාත්‍රි 10 දක්වා පට්ඨාන සුවිසි ප්‍රත්‍ය විස්තර දේශනා කිරීම. පට්ඨාන සූවිසි ප්‍රත්‍ය ඤාණ පූජාව. මහා සංඝරත්නය පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීම.

ජුනි 09, 10 යන දිනයන්හි දී පෙ.ව. 6.00 සිට - සීල භාවනා වැඩ සටහන සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වීම. සවස 6.00 සිට රාත්‍රි 10 දක්වා පට්ඨාන සූවිසි ප්‍රත්‍ය විස්තර දේ්ශනා කිරීම. පට්ඨාන සුවිසි ප්‍රත්‍ය ඤාණ පූජාව. මහා සංඝරත්නය පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීම.

මේ තෙදින තුළදී විදුලි බුබුළු අසූහතර දහසකින් ජය ශ්‍රී මහා බෝ මළුව ආලෝකමත් කිරීම, ජය ශ්‍රී මහා බෝ මළුව ෂඩ්වර්ණ කොඩි වලින් අලංකාර කිරීම, විදුලිමය රශ්මි විහිදුවීම, ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස නෙළුම් මල් ඇතිරීම ආදියෙන් මේ මහා පූජෝත්සවය විචිත්‍රවත් වනු ඇත.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]