UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ සම්බෝධි විහාරයේ සුවඳ සඳුන් මාලිගාව විවෘත කිරීම වෙසක් පෝදා

කොළඹ සම්බෝධි විහාරයේ සුවඳ සඳුන් මාලිගාව විවෘත කිරීම වෙසක් පෝදා

කොළඹ ආර්. ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ “සුවඳ සඳුන් මාලිගාව“ සම්බුදු රජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම සහ ස්වර්ණමය සත්බුදු ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීම මෙම වෙසක් පෝදා සිදු කැරේ.

පානදුරේ අරියධම්ම හිමියන් විසින් වැඳුම් පිදුම් කරමින් රට පුරා වැඩම කරවූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළ ස්වර්ණමය ධාතු කරඬුව වෙසක් මංගල්‍ය සමයේ සැදැහැති සුපින්වතුනට වන්දනා මාන කිරීම සඳහා විවෘත කිරීම ඇතුළු පින්කම් රැසක් ද සිදු කැරේ. උඩරට, පහතරට, සබරගමු සංස්කෘතිකාංගයන්ගෙන් සුසැදි ශ්‍රී සම්බෝධි වෙසක් මහා පෙරහර, වෙසක් සීල සමාදාන පින්කම, අසූහාරදහසේ පිත්තල පහන් ආලෝක පූජාව ඇතුළු පින්කම් පැවැත්වේ. ඉකුත් මස 16 වනදා සිට දිනපතා පැවැත්වූ ධර්ම දේශනා මාලාව මෙම 15 වනදා දක්වා පැවැත්වේ. වෙසක් පෝදා අතිගරු ජනාධිපතිතුමා විසින් සුවඳ සදුන් මාලිගාව විවෘත කිරීමට නියමිතය. අභිනව බෝධි ප්‍රාකාරය ද එදින විවෘත වේ. 15 වනදා රාත්‍රී 8 ට වෙසක් මහා පෙරහර ආරම්භ වේ. බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]