UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 “මහා සද්ධම්ම ජෝතිකධජ” ගෞරව නාමයෙන් පිදුම් ලැබූ නියංගොඩ විජිතසිරි අනු නා හිමි

 “මහා සද්ධම්ම ජෝතිකධජ” ගෞරව නාමයෙන් පිදුම් ලැබූ නියංගොඩ විජිතසිරි අනු නා හිමි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයේ අති පූජ්‍ය සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ ධම්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනු නාහිමිපාණන් වහන්සේ විසින් උගත් ධර්මධර, විනයධර, සුපේෂල ශික්‍ෂාකාමි බහුශ්‍රැත පඩිරුවනක් වශයෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනයටත් සමස්ත බෞද්ධ ලෝකයටත් ඉටුකරන අති උදාර ධර්මශාස්ත්‍රීය ශාසනික හා බෞද්ධ සංස්කෘතික සේවාවන් අගය කරමින් අනුනාහිමිපාණන් ට දක්වනු ලබන ගෞරවයක් වශයෙන් බුරුම රජය විසින් “මහා සද්ධම්ම ජෝතිකධජ” යන ගෞරව නාම සම්මුතිය පිරිනමා ඇත.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍ය චක්‍රවර්ති යන සම්මාන උපාධියෙන් පිදුම් ලැබූ විජිතසිරි අනුනාහිමියෝ මෙයට වසර කිහිපයකට ඉහත දී විද්‍යාලංකාර සභාව මගින් පිරිනමන ලද ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී යන ගෞරවෝපාධියෙන් ද සම්මාන ලැබූහ. “නියංගොඩ විජිතසිරි හිමිපාණන් ගරු සම්භාවනාවට පත් මහා විහාර වංශික පරම්පරාවේ, ආචාර්ය වාදයත්, සතතයෙන් සංරක්‍ෂණයෙහි දක්වන නෛපුණ්‍යය හා වෛශාරද්‍යය මෙන්ම සමකාලීන සමාජ විඥාණය සම්බන්ධයෙන් පලකරන ස්වකීය විශ්ලේෂණාත්මක දෘෂ්ඨි කෝණය හා නිසර්ග සිද්ධ ප්‍රවචන පටුත්වයෙන් සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලෝකයේ බැබලවීම සඳහා අත්‍යන්තයෙන්ම හේතුභූත වන හෙයින් යනුවෙන්. එසේ අගය කරමින් ඉහත කී ගෞරවෝපාධිය විද්‍යාලංකාර සභාව විසින් විජිත සිරි අනුනාහිමිපාණන් ට පිරිනැමිණි.

මේ අතර අනුනාහිමිපාණන්ට කොරියාවේ ඩේගෙන්සා බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් බෞද්ධ සාහිත්‍ය පිළිබඳව ආචාර්ය උපාධියක් ද පිරිනමන ලද්දේ බෞද්ධ දර්ශනය මුල් කරගෙන සිදු කරන ලෝක ශාසනික සේවාවන්ට ගෞරවයක් වශයෙනි. විජිතසිරි අනුනාහිමිපාණන් ඉන්දියාව, නේපාලය, ජපානය, චීනය, තායිලන්තය, සිංගප්පූරුව, එංගලන්තය යන රටවල් ශ්‍රී ලංකාව සමග බෞද්ධ සම්බන්ධතාවය වඩාත් තහවුරු කිරීමට දූත මෙහෙයන් සිදුකර, ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ සමුළු ගණනාවකට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමෙන් කීර්තියක් ලබා දී ඇත. දේශීය හා විදේශීය වියත් පර්ෂද මධ්‍යයෙහි පවත්වනු ලැබූ දේශන බොහෝ සෙයින් සම්භාවනාවට පාත්‍ර විය. මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ප්‍රධාන විද්‍යාල ගණනාවකම ධර්මාචාර්ය වශයෙන් ගුරු, ශිෂ්‍ය, දෙමව්පියන් සෑම දෙනාගේ සම්භාවනාවට පත්ව ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් දක්ෂතා මැනවින් ප්‍රකට කළ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයාණන් කෙනෙකු විය. මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දීර්ඝ කාලයක් ආචාර්ය මණ්ඩලයේ සේවයෙහි නිරතව සිටියදී විටින් විට පැන නැඟුණ අධ්‍යාපනික හා සිසු - ගුරු ගැටලු සමථයකට පත් කිරීමට මුල්වී ක්‍රියා කරමින් විජිතසිරි අනුනාහිමිපාණන් ගත් තීරණ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ගෞරවයට ලක් වූ අවස්ථා රැසක් ඇත. මල්වතු මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී වශයෙන් සේවය කරන අතරම කිංස්වුඩ් විද්‍යාලයේ සේවය කළ අනුනා හිමිපාණන්ට මල්වතු විහාරයේ ශාසනික කටයුතු අධිකත්වය නිසාම එවකට වැඩසිටි මහා නායක මාහිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ගුරු වෘත්තියෙන් සේවය කිරීමට කාලය තිබියදී විශ්‍රාම ගන්නට සිදුවිය. අනුනාහිමිපාණන්ගේ ශාසනික සේවය කැපවීම ප්‍රකාශ කළ එක් නිදසුනකි ඒ. උජුපටි පන්නාදි සංඝ සෝභන ගුණාංගයන් ගෙන් සෝභන වූ සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වශයෙන් ගිහි පැවිදි පිරිසගේ ගෞරවාදරයට පත් වූයේ උන්වහන්සේගේ දේශන, ලියන කියන වදන් හා චතුර ධර්ම කථිකත්වය නිසාම ය.

වියත් පාණ්ඩිත්වයෙන්, ධර්මධරත්වයෙන්, ශාසනික, ජාතික, ආගමික හා සාමාජික සේවාවන් තුළින්, නියංගොඩ විජිත සිරි අනුනාහිමිපාණන්, මල්වතු මහා විහාරයට පමණක් නොව මුළු මහත් සංඝ සමාජයටම ලබාදෙන්නේ මහත් ආලෝකයකි. විජිතසිරි අනුනාහිමිපාණන් උපසම්පදා විනය කර්ම කටයුතු වලදී උපාධ්‍යායන් වහන්සේ නමක් වශයෙනුත්, විංශත් වර්ගික මහා සංඝ සභා ජ්‍යෙෂ්ඨ කාරක සභික නමක් වශයෙනුත්, කර්මාචාර්ය, නියෝජ්‍ය ලේඛකාධිකාරි, ප්‍රධාන ලේඛකාධිකාරි වශයෙනුත් ඉටුකරනු ලැබූ උදාර ශාසනික සේවාවන්ට ගරු කරමින්, මල්වතු මහා විහාර පාර්ශවයේ ගෞරවනීය අනුනායක පදවියට 2004 ඔක්තෝබර් 23 දින පත්ව, ඒ පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍ර පැරැණි චාරිත්‍රානුකූලව 2005 පෙබරවාරි 23 වෙනි දින එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අතින් ලබාගත්තේය. දෙස් විදෙස් ධර්ම ශාස්ත්‍රීය සේවය සිදු කරමින් තව තවත්, එම ශාසනික කැපවීම වෙනුවෙන් කටයුතු කිරීමට අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන්ට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආසිරි වාදය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]