UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඩී.ආර්.විජයවර්ධන ජන්ම සමරු පින්කමෙන්...

ඩී.ආර්.විජයවර්ධන ජන්ම සමරු පින්කමෙන්...

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 128 වැනි ජන්ම සමරු පින්කම් මාලාවක් ඉකුත් 22 – 23 දිනවලදී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී පැවැත්විණි.පිරිත් දේශනාව සඳහා කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා සහ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහතා පිරිත් පොත් වහන්සේ පුද පෙරහරින් වැඩම කරවූ හ. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සේවක සේවිකාවන්ගේ ද දායකත්වයෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද මෙහෙයවීමෙන් එම පින්කම පැවැත්විණි.

 

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් වෙත සභාපතිතුමා විසින් දැහැත් වට්ටිය පිළිගන්වා පිරිත් දේශනාවට ආරාධනා කළ අයුරු.

දවල් දානමය පින්කමේදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ බන්දුල පද්මකුමාර මහතා විසින් අටපිරිකර පූජා කළ අවස්ථාව. සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නා හිමියෝද මෙහි වෙති.

ඩී.ආර්.විජයවර්ධන මහතාගේ පුත් රංජිත් විජයවර්ධන මහතා පිරිකර පූජා කරමින්

පැන් වඩා පින් අනුමෝදන් කළ අවස්ථාව. ඩී.ආර්.විජයවර්ධන මහතාගේ පුත් රංජිත් විජයවර්ධන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ බන්දුල පද්මකුමාර, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්‍ෂ රසාංග හරිස්චන්ද්‍ර මහත්වරු මෙහි වෙති.


පිරිත් දේශනාව ශ්‍රවණය කරමින් ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ධර්මවර්ධන, ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු සහ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය ඇතුළු ලේක්හවුස් සේවක සේවිකා මහත්ම මහත්මීන්ගෙන් කොටසක්ද මෙහි වෙති.

ඡායාරූප - සුලෝචන ගමගේ, සුදත් නිශාන්ත,සරත් පීරිස්

 
 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 28 වැනි දා සිකුරාදා අපරභාග 04.53 ට ලබයි.
මාර්තු 01 සෙනසුරාදා අපරභාග 01.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 28 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මාර්තු 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]