UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මොහාන් ලාල් ග්‍රේරු පදනම - බුදුසරණ ඒකාබද්ධ භික්‍ෂු ඉංගී‍්‍රසි අධ්‍යාපන වැඩසටහන

මොහාන් ලාල් ග්‍රේරු පදනම - බුදුසරණ ඒකාබද්ධ භික්‍ෂු ඉංගී‍්‍රසි අධ්‍යාපන වැඩසටහන

බෞද්ධ දර්ශනය කෙරෙහි නැඹුරුවන කාල පරිච්ඡෙදයක ශ්‍රී ලාංකේය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සහ සිල්මාතාවන් සඳහා විශාල ශාසනික මෙහෙවරක් පැවරී ඇත. එනම් ලෝකය සොයනා ථෙරවාදී බෞද්ධ දර්ශනය ලොවට සන්නිවේදනය කිරීමේ ධර්ම සන්නිවේදකයන් ලෙස දායකත්වය ලබාදීමය.

ධර්මය පිළිබඳ මනා අධ්‍යනයන්හි යෙදෙන අපේ ගෞරවනීය මහා සංඝරත්නයට සහ සිල් මාතාවන්ට ජාත්‍යන්තර ධර්ම සන්නිවේදකයන් වීමට ඉංගී‍්‍රසි භාෂාවෙහි ප්‍රවීණත්වය අවශ්‍ය වේ.

භික්‍ෂූන් වහන්සේලා සහ සිල්මාතාවන් සඳහා ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබාදීම තුළින් විදේශයන්හි ධර්මය ප්‍රචාරය කරනවාසේම,මෙරටට පැමිණෙන බොහෝ විදෙස් සංචාරකයනට බුදු දහම පිළිබඳවත්, මෙරට සමාජ සංස්කෘතික පරිසරය පිළිබඳවත් නිවැරැදි අවබෝධයක් ලබාදීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙරට ප්‍රමුඛතම බෞද්ධ පුවත්පතක් ලෙස ‘ බුදුසරණ’ පුවත් පත මහා සංඝරත්නයට ඉංගී‍්‍රසි භාෂාවත් ඉංගී‍්‍රසි ධර්ම අවබෝධයත් ‘ බුදුසරණ’ පුවත්පත මගින් ලබාදීමේ කටයුත්තක් ආරම්භ කිරීමට අදහස් කර ඇත්තේ මේ නිසාවෙනි.

මෙහිදී ඉංගී‍්‍රසි භාෂාවේ මූලිකාංගයන්ගේ සිට ධර්ම සාකච්ඡා දක්වා ඉංගී‍්‍රසි භාෂාව ව්‍යවහාර කිරීමත්, ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ධර්මය අවබෝධ කර දීමත් දක්වා අඛණ්ඩ ලිපි මාලාවක් සතර පොහොයට පළ කිරීමට කටයුතු යොදා ඇත.

මෙරට භික්‍ෂූන් වහන්සේලාට සහ සිල් මාතාවන්ට නොමිලේ ඉංගී‍්‍රසි භාෂා දැනුම ලබාදීමේ ප්‍රමුඛ කාර්යයකට මේ වන විටත් ක්‍රියාකාරිව සිටින අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ‘මොහාන් ලාල් ග්‍රේරු’ මහතාගේ පෞද්ගලික උපදේශකත්වය හා දායකත්වය මෙම කටයුත්ත සඳහා හිමිවේ.

මෙම ලිපි මාලාව සෑම මසකම පොහොය හතරටම ‘බුදුසරණ’ පුවත්පත මගින් පළකරන අතර භික්‍ෂූන් වහන්සේලාට සහ සිල්මාතාවන්ට තම විහාරස්ථානයේදීම එය පරිශීලනය කරන්ටත්, සෑම මසකම සිකුරාදා දිනක පවත්වන විශේෂ සාකච්ඡා වැඩසටහනකදී ලිපි මාලාව ආශි‍්‍රත ගැටලු නිරාකරණය කර ගැනීමටත් අවස්ථාව හිමිවේ.

වසරක් අවසානයේ පැවැත්වෙන පරීක්‍ෂණයකින් අනතුරුව ලයිසියම් ජාත්‍යන්තර පාසලට අනුබද්ධිත මොහාන්ලාල් ග්‍රේරු පදනමත් බුදුසරණ පුවත්පතත් එක්ව සහතික පත්‍රයක්ද ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

වයස් බේදයකින් තොරව භික්‍ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන් සඳහා මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැකි අතර ඒ සඳහා අපේක්‍ෂා කරන භික්‍ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන් මේ සමග ඇති අයැදුම්පත්‍රය සම්පූර්ණ කර එළැඹෙන පෙබරවාරි මස 20 වන දිනට ප්‍රථම ‘බුදුසරණ’ මොහාන් ලාල් ග්‍රේරු පදනම ඒකාබද්ධ භික්‍ෂු ඉංගී‍්‍රසි වැඩසටහන, ‘බුදුසරණ’, ලේක්හවුස්, කොළඹ - 10 ලිපිනයට යොමුකළ යුතුවේ.

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.03 ට ලබයි.
31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]