UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අමාවක 2014 ජනවාරි 30 වන දා

ගෞරවයෙන් සිහි කරමු

ශාන්තිනායක අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ලොව පහළවීම තුන් ලෝ වාසීන්ගේම සැනසීම උදා වූ අසිරිමත් කරුණකි.

දෙසැටක් මිස දිටු නිසා යා යුතු නොයා යුතු මග හඳුනා ගත නොහැකිව මං මුළා වූ යුගයක තුන්ලොවක් සනසන්නට පහළ වූ බුදුරජාණන් වහන්සේ ලොව සැබෑ යථාර්ථය අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ ය. එමෙන්ම උන්වහන්සේ පුරන ලද පාරමී බලයෙන් අවබෝධකර ගත් එම සර්වඥතා ඤාණය ලෝක සත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් දේශනා කර වදාළහ.

පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි එසේ දේශනා කර වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් තුන් ලොවහිම අප්‍රමාණ පිහිට ලද්දෝ වෙති.

බුදුරජාණන් වහන්සේ පහළ වූ සමය වන විටත් මහා බ්‍රහ්ම සංකල්පයේ එළඹ සිටි ජනතාව බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන චතුර්වර්ණයකට බෙදා වර්ගකොට දක්වා තිබිණි.

එහෙත් බුදුරජාණන් වහන්සේ විසින් මිස දිටු අදහස් බැහැර කර සත්‍යය දහම ලොවට දේශනා කරමින් පුද්ගලයා උසස් හෝ පහත් වන්නේ ඔහුගේම ක්‍රියාකාරකම් මත බව පැහැදිලිව දේශනා කර වදාළහ. උසස් මනැසකින් හෙබි මනුෂ්‍යයා හැම විට බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වේ. එසේ දූරදර්ශීව බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළින් මනුෂ්‍යයාගේ මෙලොව පරලොව යන දෙ ලොවම ජීවිත සාර්ථක කර ගත හැකි වේ.

සම්මා සම්බුදුපියාණන් වහන්සේ තෙවරක් ම අපේ රටට වැඩමවා සම්බුදු සිරිපා පහස ලද පුණ්‍යවන්ත දේශයක් බවට ද අපේ රට පත් කළහ. අසිරිමත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින අපේ රට සොළොස්මස්ථාන පිහිටි රටක් ද වේ.

දඹදිව ධර්මාශෝක මහාධිරාජයාණන් දවස සිදු කළ තෙවන මහා ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙස ලොව රටවල් රැසකට ධර්මදූතයන් වහන්සේ පිටත් කර හරින ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස දෙවනපෑතිස් මහ රජු දවස මෙරට ට වැඩමවා සද්ධර්මාලෝකයෙන් අපේ රටේ ජනතාව සුවපත් කළ සේක.

සම්බුදු දහමේ පණිවුඩයත්, බෞද්ධ සංස්කෘතියේ උදාවත් සමඟ මෙරට ජනතාව සම්බුදුදහමෙන් තම දිවිපෙවෙත ආලෝකවත් කර ගත්හ.

හෙළ රජදරුවන් විසින් සිය දිවි දෙවැනි කොට ආරක්‍ෂා කරමින් පෝෂණය කළ රට, කාලයාගේ ඇවෑමෙන් සතුරු ආක්‍රමණවලට ගොදුරු වන්නට පටන් ගත්හ.

දේශීය සංස්කෘතිය අකා මකා දමන්නට ක්‍රියා කළ අධිරාජ්‍යවාදීහු සිය මත අපේ රට තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ. එහෙත් ඒ සෑම අවස්ථාවක අපේ රටේ ගිහි පැවිදි උතුමන් විසින් අපේ රටට සිදුවන හානිය තේරුම් ගනිමින් රට ආරක්‍ෂා කර ගැනීමට අභීතව ඉදිරිපත් වූහ. එම ගිහි පැවිදි උතුමන් සිහි කිරීම අපගේ යුතුකමකි.

මෑත යුගයේ අපේ රට කුරිරු ත්‍රස්තවාදයට ගොදුරුවීමෙන් දශක තුනක පමණ කාලයක් පුරා අපේ රටේ අනාගතය විනාශ කර දැමීමට ත්‍රස්තවාදීහු කටයුතු කළහ.

කුරිරු ත්‍රස්තවාදය නිසා වටිනා ජීවිත, දේපළ අකාලයේ විනාශ වී ගිය අයුරු කිසිවිට අමතක කළ නොහැකි ය.

අහිංසක අසරණ මිනිසුන්ගේ ජීවිත කුරිරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බයට, වෙඩි උණ්ඩයට බිලි වූයේ කිසිදු අනුකම්පාවකින් තොරවය.

ලොව ඇතැම් බලවතුන් පවා එහිදී අනුගමනය කරන ලද්දේ නිහඬ පිළිවෙතකි. රටේත් දැයේත් වාසනාවට පහළ වූ වත්මන් රාජ්‍ය නායකයාණන් දූරදර්ශීව කල්පනා කරමින් රටත් ජනතාවත් කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට මානුෂීය මෙහෙවර ඇරැඹූහ. අවසානයේ ත්‍රස්තවාදීහු පරාජයට පත්වීමෙන් රටට සාමය උදා වූයෙන් එය ඉවසා දරා ගත නොහැකි දෙස් විදෙස් ඇතැම් බලවේග ඊට ඊර්ෂ්‍යා සහගතව ක්‍රියා කරන හෙයින් ඊට නොරැවටී ක්‍රියා කිරීම බුද්ධිමත් ජනතාවගේ වගකීම වනු ඇත.

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.03 ට ලබයි.
31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]