UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ධර්මය - 2013 අ.පො.ස. (සා.පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

බුද්ධ ධර්මය

2013 අ.පො.ස. (සා.පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

වඩාත් ගැළපෙන පිළිතුර තෝරා ලකුණු කරන්න.

1. බෝසතාණන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව පිරූ අයුරු විස්තරවන ජාතක කථාව වන්නේ,
1. උම්මග්ග ජාතකය 3. සීලවීමංස ජාතකය
2. වෙස්සන්තර ජාතකය 4. මඛාදේව ජාතකය

2. පසේ බුදු බව ලබා ගැනීම සඳහා පිරිය යුතු පාරමිතා ගණන වන්නේ,
1. දහයකි 2. විස්සකි 3. තිහකි 4. හතළිහකි

3. මස් වෙළෙඳාම, මස් පිණිස සතුන් වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම, වස විස වෙළෙඳාම, මත් ද්‍රව්‍ය වෙළෙඳාම යන කරුණු ඇතුළත් වන්නේ,
1. සම්මා ආජීවයට ය. 3. මිච්ඡා ආජීවයට ය.
2. සම්මා වායාමයට ය. 4. මිච්ඡා වායාමයට ය

4. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය යන කරුණු ඇතුළත් වන්නේ,
1. සතර බ්‍රහ්ම විහරණ වලට ය. 3. සතර අගතියට ය.
2. සතර සංග්‍රහ වස්තු වලට ය. 4. සතර සති පපට්ඨානයට ය.

5. මේවායින් නිවැරැදි අනුපිළිවෙළ වන්නේ,
1. සෘජු බව, මෘදු බව, ශීලය, දානය, පරිත්‍යාගය
2. දානය, ශීලය, සෘජුබව, මෘදුබව, පරිත්‍යාගය
3. පරිත්‍යාගය, දානය, ශීලය, සෘජුබව, මෘදුබව
4. දානය, ශීලය, පරිත්‍යාගය, සෘජුබව, මෘදුබව

6. ධාර්මික රාජ්‍ය පාලනය, ජන ජීවිත හා අනෙකුත් සත්ව ජීවිත ආරක්ෂා කිරීම, ආර්ථික සමෘද්ධිය ගොඩනැඟීම, පිදිය යුත්තන් පිඳීම හා අවවාද ගරු කොට සැලකීම යන කරුණු ඇතුළත් වන්නේ,
1. දස රාජ ධර්මවලටය. 3. දස පාරමිතා වලටය.
2. දස සක්විතිවත් වලටය. 4. දස අනුස්සති වලටය.

7. සතර අගතියට අයත් වන්නේ,
1. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව
2. ඡන්දය, දෝෂය, භය, මෝහය
3. මෙත්තා, කරුණා. මුදිතා, උපෙක්ඛා
4. කායනුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා

8. කර්ම විපාක දෙන කාලය අනුව කොටස් හතරකට බෙදේ. ඒවා
1. දිට්ට ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි වශයෙනි.
2. ජනක, උපස්තම්බක, උපපීඩක, උපඝාතක වශයෙනි.
3. ගරුක, ආසන්න, ආචිණ්න, කටත්තා වශයෙනි.
4. කුසල කර්ම, අකුසල කර්ම, පුණ්‍ය කර්ම, පාප කර්ම වශයෙනි.

9. ශීලය සඳහා තම ශරීර අවයව ආදිය කැප කරමින් කරනු ලබන පෙරුම් දම් පිරීම
1. ශීල පාරමිතාව නමින් හැඳින්වේ. 3. ශීල පරමත්ත පාරමිතාව නමින් හැඳීන්වේ.
2. ශීල උපපාරමිතාව නමින් හැඳින්වේ. 4. සමතිස් පෙරුම් නමින් හැඳින්වේ.

10. සිතීමෙන් ප්‍රඥාව හෙවත් නුවණ දියුණු කර ගැනීම
1. සුතමය පඤ්ඤා නමින් හැඳින්වේ. 3. භාවනාමය පඤ්ඤා නමින් හැඳින්වේ.
2. චින්තාමය පඤ්ඤා නමින් හැඳින්වේ. 4. අධි පඤ්ඤා නමින් හැඳින්වේ.

11. ගිරග්ග සමජ්ජ නම් නාටක සංදර්ශනය නැරැඹීමෙන් කළකිරීමට පත්වී දුකින් මිදීමේ මඟ සොයා යාමට පෙළඹුණේ,
1. භද්දවග්ගිය කුමාරවරුන් ය. 3. යසකුල පුත්‍රයා ඇතුළු පිරිසය.
2 . සංජය පිරිවැජියා ඇතුළු පිරිසය 4. කෝලිත, උපතිස්ස දෙදෙනාය.

12. සිඟාලෝවාද සූත්‍රයේ ඉගැන්වෙන සදිසා නමස්කාරයෙහි පෙරදිග නියෝජනය කරන දෙමාපියන් විසින් තම දූ දරුවන්ට ඉටු කරන යුතුකම්වලට අයත් නොවන කරුණක් වන්නේ,
1. වරදින් වැළැක්වීමයි 3. ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමයි
2. යහපතෙහි යෙදවීමයි 4. හිත මිතුරන්ට හඳුන්වාදීමයි

13. ඉමස්මිං සති ඉදංහෝති – ඉමස්මිං අසති ඉදංනහෝති යනුවෙන් විස්තර වන ධර්ම පර්යාය හඳුන්වන්නේ,
1. අහේතුවාද නමිනි 3. අකිරිය වාදය නමිනි
2. අපෝහවාදය නමිනි 4. හේතුඵලවාදය නමිනි.

14. දුටුගැමුණු, වළගම්බා හා මහසෙන් යන රජවරු තිදෙනා විසින් කරවන ලද ස්තූප තුනෙහි නම් පිළිවෙළින්
1. රත්නමාලි, ථූපාරාමය හා අභයගිරියයි.
2. ජේතවනය, අභයගිරිය හා නාගදීපයයි
3. රත්නමාලිය, අභයගිරිය හා රන්කොත් වෙහෙරයි
4. රත්නමාලිය, අභයගිරිය හා ජේතවනයයි.

15. බුදු දහමේ ඉගැන්වෙන කුසල මූල තුන
1. සීල, සමාධි, ප්‍රඥා යනුයි. 3. ශ්‍රද්ධා, සීල, සමාධි යනුයි.
2. ලෝභ, දෝෂ, මෝහ යනුයි. 4. අලෝභ, අදෝස, අමෝහ යනුයි.

16. මිනිසා සමාජ යුතුකම් ඉටුකරමින් තම අයිතිවාසිකම් රැක ගන්නා ආකාරය විග්‍රහ කෙරෙන සූත්‍ර ධර්මය
1. මහා මංගල සූත්‍රයයි 3. පරාභව සූත්‍රයයි
2. සිඟාලෝවාද සූත්‍රයයි 4. කරණීය මෙත්ත සූත්‍රයයි

17. පංචස්කන්දයේ ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැත. මෙහි පංචස්කන්දය යනු
1. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පහයි.
2. චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා කාය යන පහයි.
3. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පහයි.
4. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පහයි.

18. පුද්ගලයෙකු උපාසක උපාසිකා තත්ත්වයට හෙවත් බෞද්ධයෙකු බවට පත්වන්නේ,
1. බුදුන් සරණ යාමෙනි 3. පන්සිල් සමාදන් වීමෙනි
2. තෙරුවන් සරණ යාමෙනි 4. තෙරුවන් නැමදීමෙනි.

19. සිත පිරික්සා බලා සරණ යන්න. ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් පිරික්සා බලා කටයුතු කිරීම යෝග්‍යය. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ,

1. මිගාර සිටුතුමාට ය. 3. ආනන්ද සිටුවරයාට ය.
2. උපාලි ගෘහපතියාට ය. 4. පූර්ණ වර්ධන කුමරුට ය.

20. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සම්මා කම්මන්ත මාර්ගාංගය ලෙස සැලකෙනුයේ

1. සුරාවෙන් හා සූදුවෙන් තොර වීමයි 3. අධාර්මික වෙළෙඳාම් පහෙන් වැළකීමයි
2. වාග් දුෂ්චරිතයෙන් වැළකීමයි 4. කයෙන් සිදුවන වැරැදි තුනෙන් වැළකීමයි

ප්‍රශ්න අංකය පිළිතුර

1     4
2    2
3    3
4    2
5    4
6    2
7   2
8   1
9   1
10  3
11   4
12  4
13  4
14  4
15  4
16  2
17  3
18  2
19  2
20  4

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]