UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨීන චීවර පූජෝත්සව

කඨීන චීවර පූජෝත්සව

බඹරගල රජ මහා විහාරය

යටිගල්ඔලුව වඩුවාව බඹරගල රජ මහා විහාරයේ කඨින පින්කම නොවැම්බර් මස 2 සහ 3 යන දිනයන්හිදී පැවැත්වේ.

පාලුගම යෝගාශ්‍රමය

පාලුගම යෝගාශ්‍රමයේ මේ වර්ෂයේ පවත්වනු ලබන කඨින මහා පූජෝත්සවය මේ මස 28, 29 යන දෙදින තුළ දී නාථගනේ ආරණ්‍ය සේනාසනාධිපති හැවැන්පැලැස්සේ චන්දවංශ නාහිමිගේ ප්‍රධානත්වයෙන් 20 නමක් ආරණ්‍යවාසී යෝගාවචර මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

එදින සවස 6.00 ට බෝධීන් වහන්සේ අභියස දී මල් පූජාව සහ විශේෂ බෝධි පූජාවක්ද, රාත්‍රී 8.00 ට ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ධර්මකථික ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවක් ද 29 වැනිදා බුද්ධ පූජාව සහ මහා සංඝරත්නයට හීල්දානය ද, 9.30 ට පමණ කඨින චීවර පූජාව, පිණ්ඩපාත දානය පිළිගැන්වීම හා පූජා භාණ්ඩ සඟසතුකොට පූජා කිරීම ද, පෙරවරු10.00 ට අනුමෝදනා ධර්මදේශනාව ද පැවැත්වේ.

මාපිටිගම වැද්දෑවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය

මාපිටිගම, වැද්දෑවල, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට 2013 වර්ෂයට වසර 150 ක් සහ විහාර මන්දිරයේ බුදුපිළිම වහන්සේලා නිර්මාණය කර වසර 101 ක් සපිරීම නිමිතිකරගෙන මේ මස 20 දින සවස 2.00 ට මාවරලේ භද්දිය හිමියන් විසින් පවත්වන ධර්ම දේශනයක් සහ නොවැම්බර් 01 වන දින දවල් කඨින පින්කම සමඟ සියක් නමක මහා සංඝගත දක්‍ෂිණාමය පින්කම විහාරාධිපති මාපිටිගම ඉන්ද්‍රසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

කිරුළපන ශ්‍රී පුෂ්පාරාමය

කොළඹ 05 කිරුළපන මාවතේ ශ්‍රී පුෂ්පාරාමයේ විහාරාධිපති පණ්ඩිත ඇල්කඩුවේ නාගින හිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික කඨින පින්කම් මාලාව ඔක්තෝබර් මස 28 වැනි දින සිට නොවැම්බර් 03 දින දක්වා පැවැත්වෙයි. අටවිසි බුද්ධ පූජා බෝධි පූජා සම්බුදු පූජා සංඝගත දක්‍ෂිණාදියෙන් සමන්විතයි. කඨින පූජා පෙරහර නොවැම්බර් මස 3 වැනි දා අලුයම 4.30 ට කිරුළපන තුගලන් පාර, සිතුමිණ ශාලාව අසලින් රංගනාත් එල්ලාවල මහතාගේ හා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

එදින රාත්‍රී 7ට කඨිනානිසංස ධර්මදේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවැත්වීමෙන් කඨින පූජා පින්කම් මාලාව නිමාවෙයි.

මිල්ලනිය දේවරක්‍ෂිත විහාරය

මිල්ලනිය ශ්‍රී දේවරක්‍ෂිත මහා විහාරයේ කඨින චීවර පූජාව මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. නොවැම්බර් මස 02 වන සෙනසුරාදා දින අලුයම කඨින චීවරය රැගත් පෙරහර පැවැත්වේ. දවල් මහා සංඝගත දක්‍ෂිණාවකි, 02 වන දින රාත්‍රී 7.00 ට කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වේ.

සියඹලාපේ විජයාරාම විහාරය

සියඹලාපේ දකුණ ගලහිටියාව පාරේ ධර්ම විජයාරාම විහාරස්ථානයෙහි මෙවර කඨින පින්කම නොවැම්බර් 01, 02, 03 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති මාකොල තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රවේදී මාබොටුවන නාලක හිමිගේ අනුශාසනා පරිදි මෙවර කඨින පින්කමේ සම දායකත්වය දරන එච්.ඒ. ගුණපාල මහතා, එච්.පී. ගාමිණී මහතා, ඩී.එම්. සුමතිපාල මහතා සහ පි‍්‍රයන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම පින්කමේ සංවිධානය කර ඇත.

මෙයට සමගාමීව රාත්‍රී 7.00 සිට 8.00 දක්වා පැවැත්වෙන විශේෂ ධර්ම දේශනාව මෙසේ ය. නොවැම්බර් 01 කැලණිය විශ්වවිද්‍යාලයෙහි සංස්කෘත අධ්‍යයන අංශයෙහි මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 02 වැනිදා කොටහේන සාම මහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ කර්ම වාගාචාර්ය මාදම්පිටියේ විමලවංශ හිමි, 03 වැනි දා අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බොරැල්ලේ අතුල හිමි. නොවැම්බර් 03 කඨින චීවරය සඟසතු කර පූජා කිරීම සවස 05.30 ට මහා බෙහෙත් පූජාව.

අස්ගිරිය මහා විහාර පිරිවෙන

අස්ගිරිය මහා විහාර මහ පරිවෙනාධිපති අස්ගිරි මහා විහාර කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මහ පිරිවෙනේ කඨින පින්කම ඔක්තෝබර් 26, 27 දිනවලදී පැවැත්වේ. ආගමික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් සමඟ පැවැත්වෙන කඨින පින්කම ඔක්තෝබර් 27 දින අස්ගිරි පාර්ශවයේ මහා නා හිමි, අනු නා හිමිවරු ප්‍රධාන ශතාධික මහාසංඝ රත්නය විෂයෙහි කප්රුක් සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනමා අවසන් කෙරේ.

අස්ගිරිය ගෙඩිගේ විහාරය

අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරයේ (දළදා ගමන් මාලිගාව) කඨින පින්කම ඔක්තෝම්බර් 25, 26 දිනවලදී විහාරාධිකාරි, ශාස්ත්‍රපති, වේඩරුවේ උපාලි නාහිමිගේ් මූලිකත්වයෙන් පැවැත්වේ. ඔක්තෝබර් 25,26 ආගාමික වැඩසටහන් මාලාවකි.

අස්ගිරිය විජයසුන්දරාරාමය

අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ විහාරයේ කඨින පින්කම අස්ගිරිය මහා විහාර කාරක සංඝ සභික මොලගොඩ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. කඨින චීවර පෙරහර දායකයින් ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 3 වැනිදා සවස සිදු කෙරෙන අතර විහාරයට කඨින චීවරය වැඩම කිරීම නොවැම්බර් 04 වෙනිදා අලුයම පැවැත්වේ.

සුදුහුම්පොල රජමහා විහාරය

මහනුවර අස්ගිරිය මහා විහාරකාරක සංඝ සභික මකුරුප්පේ රතනජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික සුදුහුම්පොල රජමහා විහාරයේ කඨින පූේ‍යීත්සවය මේ මස 31 නොවැම්බර් 01 දිනවල දී සිදුකෙරේ.

කහඹිලියාවත්ත ශ්‍රී ලේඛකාරාමය

රයිගම කහඹිලියාවත්ත ශ්‍රී ලේඛකාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම ශාස්ත්‍රපති කෙසෙල්හේනාවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සරත් චන්ද්‍ර ඩයස් හා ශීලා පෙරේරා යන දායක දෙපළගේ මූලිකත්වයෙන් මේ මස 27 වැනිදා රයිගම බණ්ඩාරගම ශ්‍රී‍්‍ර ලේඛකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

නා හිමි ගුණ සමරුව හා කඨින පින්කම

රත්මලාන බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ වැලිකඩ සිරි ඤාණිස්සර මහ නාහිමියන්ගේ 39 වන හා කළුතර ඤාාණාවාස නා හිමියන්ගේ 2වන වාර්ෂික ගුණ සමරු පින්කම හා එම විහාර ස්ථානයේ කඨින පින්කම නිමිත්තෙන් ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 04 වනදා දක්වා පින්කම් මාලාවක් විහාරාධිපති රත්මලානේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය රත්මලානේ එස් ලලිතා සිල්වා හා මොන්සි සිල්වා මහත්මීන් විසිනි.

දෙහිවල සිරි දුමින්දාරාමය

දෙහිවල, සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල් විහාරයේ මෙවර කඨින පින්කම මේ මස 26 දා විහාරාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී හෑඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උදේ 4ට කඨින පෙරහර ටී.ජී. ඥානරතන මහතා සහ රෝසනී පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජේ. එම්. දයාවතී මියගේත් මූලිකත්වයෙන් පැවැත්වේ. විහාරාධිපතිව සිට අපවත්වී වදාළ ඌරාපොල ඉන්දරතන, මාරාගොඩ සද්ධානන්ද, ආචාර්ය කණුමුල්දෙනියේ ශ්‍රී ධර්මාශෝක යන නා හිමිවරුන් හා විහාරස්ථානයේ දායකත්වය දරමින් සිට මිය පරලොව ගිය සියලුම දායක දායිකා පින්වතුන්ට ද පින් අනුමෝදන් කිරීම සිදු කෙරේ.

මහනුවර සම්බුද්ධාලෝක විහාරය

මහනුවර සම්බුද්ධාලෝක විහාර කඨින පින්කම නොවම්බර් 5 - 6 දිනවලදී රාවණ ඇල්ලේ පඤ්ඤාමෝලි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. 5 වෙනිදා සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවකි.

අම්පිටිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ අධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනුවර දිසා සංඝනායක අම්පිටියේ සිරි විමල නා හිමිගේ අනුශාසකත්වයෙන් කඨින පින්කම නොවැම්බර් 15 , 16 දිනවලදී පැවැත්වේ. 15 සවස කාව්‍යමය ධර්ම දේශනාවකි.

 

 

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]