ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර 150 සැමරේ
			- කේ. බණ්ඩාරනායක 
			 
			ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අවුරුදු 150 පිරීම නිමිත්තෙන් තදනුබද්ධ 
			මධ්‍යම පළාත් නිකාය ගුණාත්මක මෙන්ම සංඛ්‍යාත්මකව වර්ධනය කිරීමේ හා 
			නිකායික හා බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමේ විවිධ වැඩසටහන් මාලාවක් 
			මධ්‍යම පළාත් මට්ටමෙන් දියත් කිරීම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මධ්‍යම 
			පළාත් ප්‍රධාන සංඝනායක අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා 
			මධ්‍යස්ථානාධිපති මාතලේ කුඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර පිරිවෙන් මූල මහා 
			විහාරාධිපති ශාස්ත්‍රපති අම්පිටියේ සිරිවිමල හිමියන් ප්‍රධාන 150 වර්ෂ 
			පූර්ණ වැඩසටහන් කමිටුව මඟින් 2013 ජූලි 13 සිට 2014 ජූලි 14 දක්වා 
			ක්‍රියාත්මක පරිදි ආරම්භ කර ඇත. 
			යෝජිත වැඩසටහන් මාලාව සම්බන්ධව මධ්‍යම පළාතේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ 
			නිකායේ, මහනුවර, නුවරඑළිය, මාතලේ යන දිස්ත්‍රික්ක තුනේ, මාතලේ, මහනුවර, 
			උතුර, මහනුවර දකුණ, උඩුනුවර, යටිනුවර, ගම්පොල ගඟ පළාත, නාවලපිටිය සහ 
			නුවරඑළිය යන ප්‍රාදේශීය සභා මඟින් මූලික සාකච්ඡා පවත්වා ප්‍රාදේශීය 
			සංඝයාවහන්සේලා දැනුවත් කර ඇති බව ප්‍රධාන සංඝනායක අම්පිටියේ සිරිවිමල 
			නා හිමියෝ සඳහන් කරති. 
			   |