UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක 2013 ඔක්තෝබර් 04 වන දා

නොමියෙන උදාර මෙහෙවර

තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම දහම් දෙසුම ශ්‍රවණය කළ පස්වග මහණුන්ගෙන් ඇරැඹුණු ගෞතම සම්බුදු සසුන සැරියුත්, මුගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් අලංකාරවත් වූහ. සෝභාවත් වූහ.

ලොව්තුරා දහම් මඟ අනුව වැඩම කළ ඒ උත්තම මහරහත් සඟපරපුර අසිරිමත් පින්කෙත වූහ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් ඇරැඹුණු සිරිලක සම්බුදු සසුන තුළ පහළ වූ අප්‍රමාණ මහ රහත් සඟ පරපුර උදා කළ ශාසනාලෝකය අදත් නොනිමී දැල්වීමට තරම් ප්‍රතිබල සම්පන්න වූහ. සම්බුදු සසුනේ මුරදේවතාවුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ ය.

උන්වහන්සේ හැම විට ආදර්ශ සම්පන්න වූහ. ජනතාව ගුණ දහමෙන් පෝෂණය කිරීම උන්වහන්සේ සතු මහඟු යුතුකමක් සේ කල්පනා කළහ. ඒ නිසාම අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් සමාජය සුචරිතය වෙත යොමු කරවීමට මූලික මාර්ගෝපදේශකත්වය සැලසුහ. කෙතරම් වෙහෙර විහාර පැවැතිය ද භික්‍ෂූන් වහන්සේම සම්බුදු සසුන ආරක්‍ෂා කළ යුතු වේ. විනය ශාසනයෙහි ආයුෂය වෙයි. ධර්ම විනයධර මහ සඟ පරපුර ශාසනාම්භරය එකලු කරමින් රට, දැය, සමය වෙනුවෙන් මහත් මෙහෙවරක් නිහඬව ඉටු කරති. ආදර්ශමත් එම සම්භාවනීය මහා සංඝරත්නය බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට සදා පාත්‍ර වෙයි.

ගෙවී ගිය ඉකුත් සිකුරාදා පෙරවරුවෙහි සම්භාවනීය මහා සංඝ පීතෘන් වහන්සේ නමක් වන ආචාර්ය අලුත්වැව සෝරත නා හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ.

ඉකුත් සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය ගෙවී යත්ම මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළහ.

අමිල ශාස්ත්‍රීය දායාදයන් රැසක් දෙස් විදෙස් බෞද්ධ ජනතාව වෙනුවෙන් තිළිණ කළ මහාචාර්ය කාක්කලප්ලියේ අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්බුදු සසුනටත්, අප රටටත් බලවත් පාඩුවකි.

දෙල්ගොඩ උඩුපිලවත්ත සති බෞද්ධ අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රථම මහෝපාධ්‍යාය සත් කෝරළ මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙහි නිරත වූ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමක් වූහ.

එවන් සම්භාවනීය මහා යතිවරයන් වහන්සේ නමක් වූ කාක්කපල්ලියේ අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුවය පතමු.

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් පැවිදි දිවියක් ගත කරමින් රුහුණු පුරවරයට මෙන්ම සම්බුදු සසුනටත් අපමණ මෙහෙවරක් ඉටු කරමින් වැඩ සිටියහ.

මහඟු මෙහෙවරක් ඉටු කළ ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව පතමු.

දුර්ලභ මිනිස් දිවියක් ලද අප අර්ථවත් හා පුණ්‍යවන්ත ජීවිත ගත කිරීමට හැම විට උත්සාහ කළ යුතු වේ.

රූප කාය වෙන් වී ගිය ද නාමය පරපුරෙන් පරපුර ගෞරවයෙන් සිහිපත් කරනු ලබන්නේ දුර්ලභ මිනිසත් භවය අර්ථවත්ව ගත කිරීම මගිනි.

එබැවින් රට ට සමාජය ට ආදර්ශවත්, යහපත් ජීවිත ගත කිරීමට උනන්දු වෙමු.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]