UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ සංස්කෘතිය ලොවට විදහාපාන අන්තර්ජාතික බෞද්ධ සංස්කෘතික උලෙළ

බෞද්ධ සංස්කෘතිය ලොවට විදහාපාන අන්තර්ජාතික බෞද්ධ සංස්කෘතික උලෙළ


ලෝක බෞද්ධ සංස්කෘතික හුවමාරු සන්ධානයේ ශ්‍රී ලාංකේය අන්තර්ජාතික බෞද්ධ නායකයන්

ලෝක බෞද්ධ සංස්කෘතික හුවමාරු සන්ධානයේ ශ්‍රී ලාංකික සාමාජිකයන්

ජෝර්ජ් ලිං හා අගමැති ආචාර්ය දි.මු. ජයරත්න යන මහත්වරු සහ වල්මෝරුවේ පියරතන හිමියන් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ දී

2013 දී ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති තුමා හමුවූ අවස්ථාව

2013 දී ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී දයුවාන් හිමිපාණන් වහන්සේ හා ආචාර්ය වල්මෝරුවේ පියරතන හිමියන් ජනාධිපතිතුමා හමු වූ අවස්ථාව. එස්.එම්. චන්ද්‍රසේන නියෝජ්‍ය ඇමැතිවරයාද මෙහි වේ

බෞද්ධ සංස්කෘතිය පිළිබඳ දෙවැනි ආසියාතික උත්සවය හා අන්තර්ජාතික සමුළුව පල්ලෙකැලේ ශ්‍රී ලංකා අන්තර්ජාතික බෞද්ධ ඇකඩමියේ දී සැප්තැම්බර් මස 25 – 28 දක්වා පැවැත්වේ. එය ලෝක බෞද්ධ සංස්කෘතික හුවමාරු සන්ධානය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා දළදා මාලිගාව එක්ව සංවිධානය කරනු ලබයි.

දෙවසරකට වරක් පැවැත්වෙන එම උත්සවය ලින්කුයාන් විහාරයේ ආබොට් නිර්මාතෘ අතිපූජ්‍ය ශ්‍රී දයුවාන් හිමිපාණන්ගේ සංකල්පයකි. බුදුදහමේ පණිවුඩය ජනතාව වෙතට ඵලදායි ලෙස ගෙනයාමට සංස්කෘතියට හැකියාවක් ඇතැයි උන්වහන්සේ පවසති. බෞද්ධ සංස්කෘතිය බුදුරදුන්ගේ සාමයික ඉගැන්වීම් වලින් පරපෝෂිතය. එහෙයින් සාමයේ හා සමගියේ පණිවුඩය සංස්කෘතිය ඔස්සේ ලොව පුරා පැතිරවීමට අපට හැකිවන්නේ ය. මේ දර්ශනය පෙරදැරිකරගෙන පළමුවන ආසියානු බෞද්ධ සංස්කෘතිය 2011 දී කාම්බෝජයේ අවුන්කෝර් වට් ඓතිහාසික විහාරයේ දී පවත්වන ලදී. රටවල් 24 ක නියෝජිතයන් සහභාගි වූ මේ උත්සවය මුළුමනින්ම සාර්ථක විය. අති පූජ්‍ය ශ්‍රී දයුවාන් හිමිපාණන්ට හොංකොං මූලස්ථානය කරගනිමින් ලෝක බෞද්ධ සංස්කෘතික හුවමාරු සන්ධානය පිහිටුවීමට මුල් වූයේ මේ සංස්කෘතික උත්සවයයි. අලංකාර උත්සවයක් මැද මේ මූලස්ථානය 2013 ජූනි 15 – 17 දිනවල විවෘත කෙරුණු අතර ඒ සඳහා රටවල් 41 ක නියෝජිතයෝ සහභාගි වූහ.

කෙසේ වෙතත් බෞද්ධ සංස්කෘතිය පිළිබඳ දෙවැනි ආසියානු උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අදහස් කළ දයුවාන් හිමිපාණන් ඒ සම්බන්ධ පළමු සාකච්ඡාව 2012 දී චීනයේ ලෙයි සු විහාරයේ දී පැවැත්වීමෙන් පසු උත්සවයේ සම්බන්ධිකාරක ලෙස ආචාර්ය වල්මෝරුවේ පියරතන හිමියන් පත් කරන ලදී. ඉන් පසු 2012 දී බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ආසියානු උත්සවයේ ලේකම් ජෝර්ජ් ලිං මහතා එම වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණ අගමැති දි.මු.ජයරත්න මහතා හමුවී ශ්‍රී ලංකාවේ එම උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. 2013 ආරම්භයේදී දයුවාන් හිමිපාණන් ආචාර්ය වල්මෝරුවේ පියරතන හිමියන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී උත්සවය සම්බන්ධයෙන් එතුමා වෙත නිල වශයෙන් දන්වන ලදී. මේ කණ්ඩායමට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා ද එක්ව තිබිණ. එම රැස්වීමෙන් පසු ලෙයිසු විහාරයේ නියෝජිත පිරිස බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍යාංශ ලේකම් එම්.කේ.බී. දිසානායක මහතා සමඟ සාකච්ඡා කරන ලදී. දෙපාර්ශවයම උත්සවය සම්බන්ධ කරුණු ගණනාවක් කෙරේ අවධානය යොමුකළහ. මේ සංචාරයේදීම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුවූ දයුවාන් හිමිපාණෝ උත්සවය පැවැත්වීමට අදාළ අවබෝධතා ගිවිසුම අස්සන් කළහ.

මේ වසරේ උත්සවය සඳහා රටවල් 64 ක නියෝජිතයන් 500 ක් පමණ සහභාගිවනු ඇති අතර එහිදී බෞද්ධාගම හා බැඳුනු ඔවුන්ගේ සංස්කෘතික ක්‍රියාකාරකම් විදහා දක්වනු ඇත. ථෙරවාද මහායාන හා වජ්‍රායන යන බෞද්ධ නිකායන්ට අයත් නා හිමිවරුද එම උත්සවයට සහභාගි වෙති. තවද දේශපාලන නායකයින් ද සමඟ ලෝක බෞද්ධ සංවිධානයන්ට අයත් නියෝජිතයින්ද ඊට එක්වනු ඇත. බුදුසමය හා බැඳුනු විවිධ සංස්කෘතික දැකුම් මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇතැයි සැලකේ. බෞද්ධයින්ගේ එකමුතුව මෙන්ම වෙනස්කමකින් තොරව බෞද්ධ සංස්කෘතියේ ඇති අදාලත්වයද ඉන් ලෝකයා හමුවේ ප්‍රදර්ශනය වනු ඇත.

ලෝක බෞද්ධ සංස්කෘතික හුවමාරු සන්ධානයේ අන්තර්ජාතික සම්බන්ධීකාරක සුදුහුම්පොල විමලසාර හිමියන් විසින් මේ තොරතුරු සපයන ලද අතර රටවල් 41 ක බෞද්ධ නායකයන් සහභාගි වන මේ උත්සවය ශ්‍රී ලාංකිකයින්ට අගනා අත්දැකීමක් වනු ඇතැයි උන්වහන්සේ පැවසූහ.

 

 

 

 

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]