UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර පසළොස්වක 2013 සැප්තැම්බර් 19 වන දා

කාලීන මෙහෙවර

ද දරු පරපුර හෙට වැඩිහිටි පරපුර වෙයි. රටක ජීවනාලිය වන් දරු පරපුර වෙත අනාගත වගකීම් භාර කිරීමට සුදුසු වනුයේ එම දරු පරපුර දැනුමෙන් මෙන්ම ගුණ දහමෙන්ද පෝෂණය වීම, පෝෂණය කිරීම මගිනි.

මනුෂ්‍යයා දැනුමෙන් පෝෂණය වීමෙන් පමණක් ඔහු ගේ මිනිස්කම, හෝ බෞද්ධකම හදුනාගත හැකි නොවේ. දැනුමෙන් ලබන ආභරණ අලංකාර වනුයේ ගුණදහමේ ආලෝකයෙනි. එබැවින් මනුෂ්‍යයා ලබා ගත් උතුම් මිනිසත් භාවයෙන් නිසි ඵල නෙලා ගැනීමට නම් ගුණ නුවණ දියණු කර ගත යුතුම වේ.

ගිහි පැවිදි කවර සමාජයක ජීවත්වූව ද අධ්‍යාපනය නිරන්තරයෙන් ම ලැබිය යුතුය. නව ලොවට සරිලන තාක්‍ෂණික දැනුම දේශීය මෙන්ම විදේශීය භාෂා ඤාණය වර්ධනය කරගැනීමද නව ලොවට පා තැබීමට මහත් ශක්තියක් වනු ඇත. බෞද්ධ ගිහි සමාජය නිරන්තරයෙන් ම පැවිදි උතුමන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය, අනුශාසකත්වය අපේක්‍ෂාවෙන් පසුවන සමාජයකි.

එසේනම් ගිහි සමාජය වෙත අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා කිරීමට භික්‍ෂූන් වහන්සේ ධර්මධර විනයධර විය යුතුය.

පස්වග මහණුන් වහන්සේලාගෙන් ඇරැඹුණු බෞද්ධ අධ්‍යාපන ක්‍රමය සියවස් ගණනාවක් පුරා ගම් නියම්ගම් පාසා රටින් රටට ව්‍යාප්ත විය. එම සද්ක්‍රියාවෙහි නිරතවූයේ භික්‍ෂූන් වහන්සේය. එය ධර්මාවබෝධය ලබනු කැමැති අය වෙත වැඩමකර ඔවුන් වෙත ධර්මය පිළිබඳ අවබෝධය ලබාදුන් ක්‍රමයක් විය.

බෞද්ධ අධ්‍යාපනයෙහි ආරම්භය එසේ සිදුවූයේ මෙන්ම ශ්‍රී ලාංකේය ආරාමික අධ්‍යාපනය ඇරැඹෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට බුදුදහම හදුන්වාදීමත් සමගය.

විහාරස්ථානය එදත්, අදත්, මතුවටත් බෞද්ධ ජනතාවට ගුණ දහම් මග කියා දෙන ගුණදහමේ කේන්ද්‍රස්ථානය වෙයි. එම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කරගනිමින් ඇරැඹුණු පිරිවෙන් අධ්‍යාපනය භික්‍ෂූන් වහන්සේ ත්‍රිපිටක ධර්මය හදාරන, එසේ හදාරන ධර්මය ප්‍රගුණ කරන ස්ථානය විය.

වර්තමානයේදී ලොව පුරා සම්බුදු දහම කෙරෙහි මහත් ගෞරවයක්, ප්‍රසාදයක්, නැඹුරුවීමක් ඇති වීම නිසාම උගත් බුද්ධිමත් සමාජය සම්බුදු දහම පිළිබඳ නිරතුරුවම අවධානයෙන් පසුවන සමයක් බවට පත්වී ඇත.

එබැවින් ලොවට අවශ්‍ය ධර්මධර විනයධර භික්‍ෂූන් වහන්සේ බිහිකිරීම කාලීන අවශ්‍යතාවයක් වනු ඇත. සම්බුදු දහමේ ව්‍යාප්තිය උදෙසා අපට කළ හැකි මෙහෙවරද බොහෝය.

දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවු ආදර්ශවත් භික්‍ෂූන් වහන්සේගේ ශ්‍රී නාමයට ලොවම ගරුසරු දක්වනුයේ උන්වහන්සේ උගත්, ගුණවත්, සිල්වත්, නැණැවත් නිසාමය.මෙ කල පිරිවෙන් අධ්‍යාපනයෙහි නිරත ස්වාමීන් වහන්සේ අනාගතයෙහි සම්බුදු සසුනෙහි ආදර්ශවත් මහ තෙරනමක් බවට පත්වනුයේ ඊට අත්‍යවශ්‍ය ත්‍රිපිටක ධර්මය හැදෑරීමෙනි. එමෙන්ම දේශීය මෙන්ම ජාත්‍යන්තර භාෂාව ද හැදෑරීමෙනි.

මෙරට පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමෙන්, සදහම් පිපාසිත ලෝවැසියන් වෙත සදහම් අමා මිහිරෙන් සැනසීමට මාර්ගෝපදේශකත්වය සලසන ඊට සුදුසු භික්‍ෂූන් වහන්සේ නිර්මාණය කර ගත හැකිවේ.

ලොව බොහෝ දෙනා ජීවිතයේ යථාර්ථය සොයා යන ගමනේ දී බුදුදහමෙන් ලැබෙන සැනසීමෙන් නිරායාසයෙන් සතුටු වනු ඇත.

පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට අවශ්‍ය භෞතික සම්පත් සංවර්ධනය පමණක් නොව නව පනත් සංශෝධනය ආදිය මෙන්ම පිරිවෙන් ගුරුවරු සඳහාද, අවශ්‍ය විවිධ පහසුකම් සලසා දීමෙන්ද, පිරිවෙන් සිසුන් වෙනුවෙන් ශිෂ්‍ය සුබසාධක සේවාවන්ද පුළුල් කිරීමෙන් ඉතා කාලෝචිත පියවර රැසක් තැබීමට සූදානම් වීම පවා මෙරට භික්‍ෂු අධ්‍යාපනයට සිදු කෙරෙනකාලින මෙහෙවරක් ලෙස අගය කළ යුතුව ඇත.

සමයාන්තර ඤාණයත්, භාෂාන්තර ඤාණයත් ලබමින් දැනුමෙන් පෝෂිත ගුණයෙන්, සීලයෙන් ආදර්ශවත් අනාගත ශාසන භාරධාරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙරටෙන් බිහිවී ලොව පුරා වැඩම කරවා ලොවටම සම්බුදු දහමේ අගය පහදා දීමට උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා.

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]