UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

අනුරාධපුර ජය සිරි මහා බෝධිය

නිකිණි පුන් පොහොය වැඩසටහන පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනා පරිදි පොහොය වැඩසටහන් පැවැත්වේ.

මෙම වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වෙන අතර පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක රෝහිත විජයතිලක මහතා ය.


ශ්‍රී සම්බෝධි විහාරය

කොළඔ 7 ග්‍රෙගරි පාරේශ්‍රී සම්බෝධි විහාරයේ පෝදා පින්කම්,

පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර පූජාව දරණගම කුසලධම්ම හිමි, 6.00 – 7.15 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, දරණාගම කුසලධම්ම හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව බලංගොඩ සෝභිත හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව දේවහංදියේ සද්ධාතිස්ස හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 ධම්සභා මණ්ඩපය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රදාවඩුන්නේ ඥානවිමල හිමි, මහාචාර්ය කුසුමා කරුණාරත්න මිය, මහාචාර්ය දයා අමරසේකර මහතා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව කොරතොට වෙස්සභූ හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව හාපිටිගම විජිත හිමි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

කටුබැද්ද - තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, දම්පහළ ඤාණරතන නා හිමිගේ අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන මෙසේ ය.

පෙරවරු 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව , ධර්මායතනාධිපති නා හිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන වදුරඹ ඤාණාලෝක හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පුවක්ගහහේනේ සුමංගල හිමි, 10.45 – 12.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, 12.30 – 2.00 ධර්ම සාකච්ඡාව ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 2.00 – 3.00 ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති, නිමල් අමරවංශ මහත්මා, 3.00 – 4.00 කාව්‍යමය ධර්මදේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩි හාමුදුරුවෝ, 4.00 – 5.00 මහ පිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා විසින්, 6.30 ට සිල් පවාරණය සිදු කිරීම හා අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම, ධර්මායතනාධිපති නා හිමි. මෙයට සමගාමීව බුදුසරණ පත්‍ර බෙදා දීම විජයරූපාරාම ධර්මායතනය මඟින් සිදු කිරීමට නියමිතයි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.30 සීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.00 ධර්ම දේශනය දිවුරුම්වෙල විනීත හිමි, 9.30 ධර්ම දේශනය හටංගල අමරවංශ හිමි, 11.30 දහවල සම්බුද්ධ පූජාව, රම්මලේ අරියවිසුද්ධි හිමි, 12.45 තෙරුවන් වන්දනාව සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමඟ සිල් පිරිස, 1.00 විශේෂ ගිහි දෙසුම වෛද්‍ය කුමුදු ශ්‍රී කුරුප්පු මහතා, 3.00 කාව්‍යමය ධර්ම දේශනය රන්සෑගොඩ සුමිත්ත හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, රාත්‍රී 7.00 රාත්‍රී විශේෂ ගිලන්පස මල් පහන් බුද්ධ පූජාව බෝධි වන්දනාව, සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන ධර්මායතනවාසී මහා සංඝරත්නය මෙහෙයවයි.

මෙදිනද බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදා දීමෙන් දායකත්වය දරනු ලබන්නේ රූපසීලි වර්ණකුලසූරිය මහත්මිය සහ එල්. හේමවති මහත්මිය විසිනි.


හොරේතුඩුව ගංඟාරාමය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 8.30 රූපවාහිනි ධර්ම දේශනාව, 9.30 භාවනා වැඩසටහන මහියංගනයේ විශාකා ධම්මශීලා සිල්මාතාව, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 ධම්මචක්ක සූත්‍ර දේශනාව, 2.00 ධර්ම දේශනාව කළුබෝවිල පදුම හිමි, 3.30 ධර්ම සාකච්ඡාව අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා, 5.30 මහා බෝධි පූජාව කහතුඩුවේ අනුරුද්ධ හිමි.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව පනාපිටියේ විජිත නන්ද හිමි, 7.30 – 9.45 භාවනාව සහ ධර්ම දේශනය ගම්පහ සිරි සීවලී හිමි, 10.00 – 11.15 ධර්ම දේශනය ලේනව මංගල හිමි, 11.20 – 11.30 ගවයින් නිදහස් කිරීම, හල්වතුරේ අස්සජි හිමි, පස්වරු 1.00 – 3.00 ධර්ම සාකච්ඡාව මහාචාර්ය දයා රෝහණ අතුකෝරල මහතා, 3.30 – 5.45 ධර්ම දේශනය තපෝවනයේ සුමේධ හිමි, 6.00 – 7.00 ධර්ම දේශනය ගම්පහ මහානාම හිමි.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නිකිණි පෝදා දවස පුරා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදුකෙරේ.

උදෑසන අටසිල් සමාදන් කරවීම ‘මල් පහන් කිරි ආහාර පූජාව‘ ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැලඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී කලුතර මිත්ත හිමියන් විසින් කිරිවෙහෙර අටවිසි බෝ මලුවේ දී පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙත පැමිණ බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදු කරනු ලැබේ. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් ගිලන් පස පූජාවක් ද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක් ද පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව වල්ගම සුමන හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලාදේශයේ සංඝරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහතා , 3.00 – 4.00 ධර්ම දේශනාව පාදතල්ගමුවේ සුධීරානන්ද හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගම්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, වැලිමඩ පසන්න මානස හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ලෙව්කේ ඤාණිස්සර හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව බංගලිදේශයේ සද්ධානන්ද හිමි, මහගම සුජාත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ ධම්මවිරාග හිමි, 2.00 – 3.30 ධර්ම දේශනාව කුකුල්පනේ සුදස්සී හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය 5.00 – 6.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.00 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.30 – 11.00 ධර්මදේශනය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනය, දර්ශනපති මැදවල සරණපාල මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව උඩුදුම්බර විජයකිත්ති හිමි, 4.00 – 5.00 ධර්මදේශනය, ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත මාහිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව මිරිස්සේ ධම්මික හිමියන් විසින් රචිත, ප්‍රඥා, ප්‍රභා සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන මාසික ධර්ම ග්‍රන්ථය, මෙදින උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 ධර්ම දේශනාව පිළියන්දල සංඛපාලී දසසිල් මාතාව 9.30 – 10.30 ධර්ම දේශනාව හංවැල්ලේ ධම්මාලෝක හිමි, 11.00 ට දහවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය, 1.00 – 2.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සෙ ධම්මික හිමි, 2.15 – 5.00 භාවනාව පිළියන්දල සංඛපාලී දසසිල් මාතාව තුන්සූත්‍ර දේශනය. සවස 6.00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

සිල් සමාදන් කරවීම කඩවත සමින්ද හිමි, බුද්ධ පූජාව, ධර්ම දේශනාව තෙලිජ්ජවිල සුසමාහිත හිමි, ධර්ම දේශනාව අම්පිටියේ සද්ධාවාස හිමි, බුද්ධ පූජාව, සෙත් පිරිත් දේශනාව, කොලොන්නාවේ හේමසිරි හිමි, කුඩාමනින් ගමුවේ සංඝානන්ද හිමි, ධර්ම සාකච්ඡාව රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, ධර්මානුශාසනාව පණ්ඩිත දේවාලේගම සුමනරතන හිමි, සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව අලවතුපිටියේ සංකිච්චි හිමි.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

පෙරවරු 6.00 සිට පසුදා අලුයම 6.00 දක්වා දාන, සීල, භාවනා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වේ. විහාරාධිපති, වලවෙල හේමානන්ද නා හිමිගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී, අම්බලන්ගොඩ සුමනන්ද හිමිගේ සංවිධානය යටතේ විහාරස්ථ “වීතදෝශී” සංවිධානය මඟින් සංවිධානය කොට ඇත.

මෙම වැඩසටහන් සඳහා ඇලපිටිවෙල නන්දවිමල, මාලිබොඩ සුගතානන්ද, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, වේවැල්දූවේ ධම්මකිත්ති, දළුගම සමිතඥාන යන හිමිපාණන් වහන්සේලා හා ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාව වැඩම කරනු ලැබේ.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව ශ්‍රී ජයශේඛරාරාමාධිකාරි ශාස්ත්‍රපති, රජවත්තේ, වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන, විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ට ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.30 බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15 ට ධර්ම දේශනය, ලුනුගම්වෙහෙරේ, විමලානන්ද හිමි, 3.30 – 4.30 දක්වා භාවනා වැඩසටහන, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්ම දේශනය කෙසෙල් පොත සුමනවංශ හිමි, 6.45 – 7.30 ට සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 7.30 – 8.30 විශේෂ ධර්ම දේශනය.


උයන්වත්ත වාලුකාරාම මහා විහාරය

සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී බඹරැන්දේ රාහුල හිමිගේ අනුශාසනාව පරිදි, බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි, ගුවන්විදුලි ධර්ම දේශනාව, බුද්ධ වන්දනාව බෙන්ගමුවේ චන්ද්‍රරතන හිමි, සෙත් පිරිත් සජ්ඣායනා තවලම සුමනරතන, බටුවිට නන්දවංස, බුත්තල බෝධිසීහ හිමිවරු ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, අටවිසි බුද්ධ පූජාව නෙළුම් සිරිගම අනුරුද්ධ හිමි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]