UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

නාල්ල කිතලවලාන පදිංචි ඩී.එම්. දිසානායක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත වකුගඩුව පරිත්‍යාග කිරීමට ඔහුගේ බිරිඳ කැමැත්ත පළ කර ඇත. වකුගඩුව බද්ධ කිරීමට හා ඉන් පසු ප්‍රතිකාර සඳහා වන වියදම ඔහුට තනිවම දැරීමට නොහැකි බැවින් ඒ සඳහා ඔබගේ ආධාර අපේක්‍ෂා කරයි. ගිරිඋල්ල මහජන බැංකුවේ ඩී.එම්. දිසානායක මහතාගේ 092 – 2 – 001 5973206 දරන ගිණුමට පරිත්‍යාග මුදල් බැර කළ හැක. දුරකථන 077 6700610 වැඩි විස්තර විමසිය හැකියි.


මඩවල කඩවීදිය, නාපාන, අංක 18/6 දරන ස්ථානයේ පදිංචි 30 හැවිරිදි නිශාන්ත රඹුක්වැල්ල තරුණයා කලක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහු සුවකර ගැනීම සඳහා ඔහුට ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යයි, මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍යවරු පවසති. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් වෙතොත් දුරකථන අංක 077 6259689 හෝ 077 6904436 දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.


මැදවච්චිය – යකාවැව ලිපිනයේ පදිංචි යූ.බී. සේනාරත්න (51) මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙයි. මැදවච්චිය සිවිල් ආරක්‍ෂක කලාපයට අනුයුක්තව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය රජීව දසනායක මහතා නිර්දේශ කර ඇත. යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 0492300, 071 6527503, 077 0824161 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරේ.


පස්යාල, මීරිගම පාර, අංක 88/ජී, හි පදිංචි විනිතා නාලනි හිනටිගල මාතාව දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශකර තිබේ. ඒ සඳහා පරිත්‍යාගශීලීන් වේ නම් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කෙරේ. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් කොමර්ෂල් බැංකුවේ රාගම ශාඛාවේ ගිණුම් අංක 8221005510 ගිණුමට මුදල් බැරකරන ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර දුරකථන අංක 071 5664310 හෝ 072 1961131, 077 2011357 අංක වලින් විමසිය හැකියි.


මැදවච්චිය, පුල්එළිය, අංක 62, තුලාන ලිපිනයේ පදිංචි ඩබ්.ගුණපාල යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් වේ නම් ඉහත ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


නිට්ටඹුව කන්දහේන නාමල්වත්ත අංක 564/2/4 ලිපිනයේ පදිංචි එක්දරු මවක් වන විසිහත් හැවිරිදි එම්.පී.එම්. ලක්මාලි රාජපක්‍ෂ දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට උපතින්ම පිහිටා ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බවත් එයද අක්‍රීය වී ඇති බවත් කොළඹ මාලිගාවත්ත වෘත්තීය හා කාන්දු කිරීමේ ආයතනයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා නිර්දේශ කර තිබේ.

ඇයට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීයෙකු වෙතොත් 033 22 96494 අංකයට දැනුම් දෙන ලෙස ද ආර්ථික දුෂ්කරතාවයකින් ද පෙළෙන බැවින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ආධාරයක් කිරීමට කැමති පරිත්‍යාගශීලීන් වේයන්ගොඩ මහජන බැංකුවේ 079200144357198 එච්.පී. මධුරිකා ලක්මාලි රාජපක්‍ෂ නමට ඇති ගිණුමට මුදල් බැර කරන මෙන් ඉල්ලා සිටිමු.


අවුරුදු 19 ක් වයසැති පිරිමි දරුවකුට “ඕ පොසිටිව්” හෝ “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අය වෙතොත් පහත දුරකථනයට දන්වන ලෙස ඉල්ලා සිටී. (කාන්ති) 0112 971598


අක්මාවෙන් කොටසක් ලබා ගැනීමට

අක්මා රෝගියකුට බද්ධ කිරීම සඳහා නිරෝගී අයකුගේ අක්මාවක කොටසක් ලබාදීමට කැමති “ඒ වර්ගයේ” ලේ ඇති, වයස අවුරුදු 45 ට අඩු, උස අඩි 5 1/2 ක් පමණ බර කි.ග්‍රෑම්. 75 ක් තිබෙන පරිත්‍යාගශීලියෙකු වේ නම් දන්වන මෙන් ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක 0777 802386, 0775 259644, 0812 – 425071

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]