UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා මැදුරේ දෛනික තේවා

දළදා මැදුරේ දෛනික තේවා

යතුරු පයින්ඩ කිරීම යනුවෙන් හැදින්වෙන මේ පිරිස පැමිණෙත්ම අලුයම් දුර හේවිසි අවසන් වේ. එහිදී භික්‍ෂූන් වහන්සේලා තුන් නමගේම පාදෝවනය කරන අතර ඉහත කී සෙසු පිරිස ද පා සෝදා ගෙන ඇත්දත් වහල්කඩ නමින් හැඳින්වෙන වැඩ සිටින මාලිගය දොරකඩ දී පල්ලේමාලේ යතුරු පල්ලේමලේරාලට භාර දී වැඩසිටින මාලිගාවේ දොරවල් ක්‍රමයෙන් විවෘත කරගෙන ඉහළ මාලයට පිවිස භික්‍ෂූන් වහන්සේලා දෙනම ගඳකිළියට ගොස් දළදා වහන්සේ වැඳ ආසනයේ පරමල් ඉවත්කොට අලුයම තේවාව සිදුකිරීමට සූදානම් වෙති

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින වාම ශ්‍රී දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැලකේ. එබැවින් ඊට අනුරූපවම දළදා මාලිගාව තුළ පුද පූජා හා සිරිත්විරිත් නිසි වෙලාවට සිදුකරනු ලබ යි. දළදා වහන්සේ උදෙසා දිනපතා සිදුකරන පූජා දෛනික පූජා නමින් හැඳින්වේ.

අලුයම පූජාව

දෛනික පූජා දිනකට තුන්වතාවක් සිදු කරනු ලැබේ. එනම් 1. අලුයම පූජාව 2. නව පෑ පූජාව 3. හැන්දෑ පූජාව යනුවෙනි. 1.අලුයම පූජාව හෙවත් තේවාව ඇරඹෙන්නේ වර්තමාන වේලාවෙන් පෙ.ව. 5.15 ට අලුයම දුරේ හේවිසි වාදනය කිරීමෙනි.මෙය විනාඩි 15 ක් පමණ වාදනය වේ. එනම් පෙ.ව. 5.30 දක්වා සිදුවේ. මේ අතර කාලය තුළ වැඩ සිටින මාලිගාවේ තේවා භාර නායක හාමුදුරුවන් වහන්සේ දෙවන හාමුදුරුවන් වහන්සේ ද මුහුණ කට සෝදා මනාකොට සිවුරු හැද පොරවා වම් උරහිසෙන් පහළට වැටෙන සේ සඟල සිවුර දමා එය සිවුරු පටියකින් බැඳ තේවාවට යෑමට සූදානම් වේ.මේ සමඟම දළදා තේවාවට උපකාරිවන වට්ටෝරුරාළ ,ගෙපරාල, කත්තියනරාල, හක්ගෙඩිරාල, පල්ලේමාලේ රාල , දොරකඩ ආරච්චි ද තම තමන්ගේ නිල ඇඳුමින් සැරසී නායක හිමියන්ගේ කුටියට පැමිණෙති.මෙහිදී නායක හිමියන්ගේ අවසරය පරිදි එහි තැන්පත් කර ඇති දළදා වහන්සේ වැඩසිටින මාලිගාවේ යතුර වට්ටෝරුල විසින් පිටතට රැගෙන එම යතුරු දකුණු හිස මත තබාගෙන පෙරමුණ ගෙන ඉදිරියෙන් ගමන් කරයි. ඊට පසුපසින් දළදා මාලිගාවේ තේවාභාර නායක හිමියෝ ද,දෙවනි හාමුදුරුවහන්සේ ද, පල්ලේමාලේ හාමුදුරුවෝද පිළිවෙළින් ගමන් කරති.අනතුරුව ගෙපරාල, කත්තියනරාල, පල්ලේමාලේ හාමුදුරුවෝ ද පිළිවෙළින් ගමන් කරති. අනතුරුව ගෙපරාල, තක්තියනරාල, පල්ලේමාලේරාල හා හක්ගෙඩිරාල පිළිවෙළින් ගමන් කරති. මෙම සියල්ලම ඉදිරියෙන් පන්දම්කරු ගමන් කර යි. ඉක්බිතිව යතුරු පයින්ඩ කිරීම යනුවෙන් හැදින්වෙන මේ පිරිස පැමිණෙත්ම අලුයම් දුර හේවිසි අවසන් වේ. එහිදී භික්‍ෂූන් වහන්සේලා තුන් නමගේම පාදෝවනය කරන අතර ඉහත කී සෙසු පිරිස ද පා සෝදා ගෙන ඇත්දත් වහල්කඩ නමින් හැඳින්වෙන වැඩ සිටින මාලිගය දොරකඩ දී පල්ලේමාලේ යතුරු පල්ලේමලේරාලට භාර දී වැඩසිටින මාලිගාවේ දොරවල් ක්‍රමයෙන් විවෘත කරගෙන ඉහළ මාලයට පිවිස භික්‍ෂූන් වහන්සේලා දෙනම ගඳකිළියට ගොස් දළදා වහන්සේ වැඳආසනයේ පරමල් ඉවත්කොට අලුයම තේවාව සිදුකිරීමට සූදානම් වෙති. තිරයෙන් ආවරණය කරන ලද ගඳකිළිය තුළ එක් භික්‍ෂූන් වහන්සේ නමක් නතරවෙයි. උඩුමාලේ දෙවන භික්‍ෂූන් වහන්සේත්, වට්ටෝරුරාලත්, තේවාව කිරීමට අවශ්‍ය රන් භාණ්ඩ ගෙනෙති. මෙහිදී බුද්ධ උපස්ථායක වූ ආනන්ද හිමියන් විසින් කරන ලද උපස්ථානයම තේවා කටයුතු භික්‍ෂූන් වහන්සේත් ,වට්ටෝරුරාළත්, තේවාව කිරීමට අවශ්‍ය රන් භාණ්ඩ ගෙනෙති. මෙහිදී බුද්ධ උපස්ථායක වූ ආනන්ද හිමියන් විසින් කරන ලද උපස්ථානයම තේවා කටයුතු භික්‍ෂූන් වහන්සේලා දෙනම විසින් කරනු ලබති. එනම්, ඇල්පැන් , උණුපැන්, දැහැටි දඬු, අටපිරිකර ,අවාන, විජිනිපත පහන, මිණිගෙඩිය ආදී උපකරණ පිළිවෙළින් පූජා කරමින් එම උපස්ථානය සිදුකරති. අනතුරුව දෙවෙනි භික්‍ෂූන් වහන්සේත්, වට්ටෝරුරාලත් තේවාව කර නිම වු පසු භාණ්ඩ යථා ස්ථානයන්හි තැන්පත් කරති. මෙම තේවාව අවසන් වූ පසු දළාද වහන්සේ වන්දනා කිරීමට මහජනතාවට අවස්ථාව ලැබේ. අනතුරුව ස්වල්ප වේලාවකින් අලුයම බුද්ධ පූජාව පවත්වනු ලැබේ.මෙම අලුයම බුද්ධ පූජාවට හාල්සේරු 32 ක බත් ද, ව්‍යංඤජන 32 ක් ද අවුල්පත් හා කැඳ ද දිනපතා සකස් කොට පූජා කරනු ලැබේ. මෙම බුද්ධ පූජාවට සැදැහැවතුන් රැගෙන එන කිරි ආහාර, බුද්ධ පූජාවන් ද භාරගනු ලැබේ. අලුයම බුද්ධ පූජාව බැහැගැනීමෙන් (බැහැර කිරීමෙන් ) පසුව සැදැහැවතුන් සිටිය හොත් ඔවුන්ට දළදා වහන්සේ වඳින්නට අවස්ථාව දී පසුව වැඩසිටින මාලිගාවේ දොරවල් වසා දමනු ලැබේ. ඉක්බිතිව ගඳකිළියේ ඇති රිදී ආසනයේ වැඩි මල් ඉවත්කොට හක්ගෙඩි අප්පුත්, ගෙපරාලත්, මාලිගය ඇතුළත ශුද්ධ පවිත්‍රකොට දුම්පූජාවට සූදානම් වෙති. හක්ගෙඩිරාල අඟුරුකබල රැගෙන රිදී දොරටුව ළඟට පැමිණිවිට වට්ටෝරුරාල එය අතට ගෙන සුවඳ වර්ග දා තේවාව සිදුකළ නායක හිමියන්ට ලබා දෙයි. උන්වහන්සේ එම දුම් පූජාව සිදු කරන්නේ දලුමුර තට්ටුවට ද සළුමණ්ඩපයට ද පිළිවෙලින් දුම් අල්ලයි.ඉක්බිතිව දුම් කබල ගෙපරාලට දෙනු ලැබේ. ගෙපරාල දුම් කබල අල්ලා කත්තියන රාලට දෙයි.මෙලෙස පිළිවෙලින් දුම් ඇල්ලීම සිදු කරයි. පසුව ඇරැඹෙන්නේ මුලාදෑනින් වන්දනා කිරීමයි.ඒ අවස්ථාවේ රිදී දොර වසනු ලබයි. භික්‍ෂූන්වහන්සේලා දෙනම ගඳකිළියේ සිට වන්දනා කරති. වට්ටෝරුරාල රිදී බඩිය අසල සමිට වන්දනා කරයි.ඉක්බිතිව දළදා මාලිගය වසන බවට සංඥා කරමින් ඝණ්ඨාව එකවරක් නාද කරයි. එය ඇසෙත්ම පල්ලේමාලය වැසීම සිදු කරයි. යලි හේවිසි වාදනය, අරඹ යි. පල්ලේමාලේරාළ දොර වසා එහි තේවාව කළ භික්‍ෂූන්වහන්සේ ද පල්ලේමාලේ රාල ද උඩුමහලට පිවිසීමේ දොරටුව සමීපයට පැමිණෙති. උඩුමාලයේ දොරටුව ද පිළිවෙළින් වසමින් මුලාදෑනිහු පළමුවත්, වට්ටෝරුරාලත් උඩුමාලේ තේවාවේ දෙවෙනි භික්‍ෂූන් වහන්සේත්, ප්‍රධාන නායක හිමියෝ ද පිළිවෙලින් දොරටුවෙන් පිටවෙති. වට්ටෝරුරාල දළදා කුටියේ යතුරු රැගෙන පහත මාලයට එද්දී තේවාවට සම්බන්ධ සියලුම දෙනා ඇත් දත් වාහල්කඩ දී හමුවේ. එහිදී උඩුමහලට ඇතුළුවන ප්‍රධාන දොරටුවේ යතුරද පල්ලේමාලයේ යතුරද එකට ඔතා යතුරු යළිපයින්ඩ කරති. ඉක්බිතිව වට්ටෝරු රාල පළමුවත්, තේවාභාර නායක හිමියෝද දෙවැනි භික්‍ෂූන් වහන්සේද, පල්ලේමාලේ භික්‍ෂූන් වහන්සේ ද, අනිකුත් මුලාදෑනිහුද පිළිවෙළින් දොරටුව ළඟ සිට ප්‍රධාන නායක හිමියන්ගේ කුටියට ගමන් කරති. යතුරු තැන්පත් කරන මංජුසාව ඇත්තේ නායක හිමියන්ගේ කාමරය තුළ ය. එහි යතුරු තැන්පත් කොට තේවා කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලාට එහිදී මුලාදෑනින් විසින් නමස්කාර කොට සමුගැනීම සිදුකෙරේ. තේවාකාරක භික්‍ෂූන්වහන්සේලාද සෙසු මුලාදෑනින්ද තමන්ගේ ආහාර ගන්නෙ ඉකික්බිතිවයි.

නවපෑ පූජාව

මෙම පූජාව සඳහා පෙ.ව. 9.30 ට නැවතත් වැඩ සිටින මාලිගාවේ දොරවල් විවෘත කරනු ලැබේ. එහෙත් අලුයම මෙන් තේවා කිරීමක් සිදු නො කෙරේ. මෙහිදී වට්ටෝරුරාලත්, තේවාකාරක භික්‍ෂූන්වහන්සේලා දෙනමත්, පහන් දල්වා පරමල් ඉවත්කොට මල් පූජාවක් සිදුකරනු ලැබේ.පෙ.ව. 10.00 ට පමණ දවල් බුද්ධ පූජාව සිදුකරනු ලැබේ.මෙහිදී කත්තිනරාලලා දෙදෙනාත්, ගෙපරාලත් හක්ගෙඩිරාලත් මුළුතැන්ගේ සිට ආහාර පූජාව පයිංඩ කරගෙන පැමිණෙති. මෙම පූජාවට හාල් සේරු 32 ක බත්ද, ව්‍යාංජන 32 ක්ද අවුල්පත් ද සූදානම් කරනු ලැබේ.පෙ.ව. 11.00 ට පමණ දොරවල් වැසීම පෙර පරිදිම සිදුකරනු ලැබේ.

හැන්දෑ පූජාව හෙවත් තේවාව

මෙම පූජාව ද ආරම්භ වන්නේ වර්තමාන වේලාවෙන් 6.15 ට හැද දුරය හේවිසි වාදනය වීමෙනි.ප.ව.6.30 ට අලුයම හා දවල් දොරවල් විවෘත කළ අයුරින්ම යතුරු පයින්ඩකොට දොරවල් විවෘත කරයි.අනතුරුව අලුයම සිදුකළාක් මෙන් බුද්ධෝපාස්ථානය සිදුකරනු ලබයි. මෙම තේවාවෙන් පසු මඳවේලාවකට පසුව ප.ව. 7.00 ට පමණ පළමුවන ගිලන්පස පූජාවත්, තවත් විනාඩි 30 ක පමණ පසුව දෙවන ගිලන්පස බුද්ධ පූජාවත් සිදුකරනු ලබයි. ඉක්බිතිව සැදෑහැවතුන්ට දළදා වහන්සේ වන්දනා කිරීමට ඉඩදී මාලිගාවේ දොරවල් වැසීමට කටයුතු කර යි.මෙම ගිලන්පස බුද්ධ පූජාව සඳහා දිනපතා ගන්නා ද්‍රව්‍ය අතර සීනි, සුකිරි, මීපැණි, ඉඟුරු, ගිතෙල්, දොඩම්, උක්පැණි, අන්නාසි යුෂ නොවරදවාම දක්නට ලැබේ. දොරවල් වැසීමේදී තේවාභාර නායක හිමියන් නැවත එය නිවැරදිව වසා තිබේදැයි පරික්‍ෂා කොට බලයි. මෙහිදී උදෑසන මෙන්ම වට්ටෝරුරාළ විසින් සුවඳපැන් ඉස සුවඳදුම් අල්ලා ප්‍රධාන දොරටුව වසා එහි ඇති පඩිකඳට හිස තබා වැඳ ඊලඟ දොරටුව වසනු ලැබේ.මෙලෙස වට්ටෝරුරාල දොරටුව වසා යතුරු රැගෙන පහතමාලයට පැමිණෙද්දී සෙසු තේවාවට සම්බන්ධ සියලු දෙනා ඇත්දත් වහල්කඩ දී රැස්වෙති. මෙහිදී තේවාකාරක භික්‍ෂූන් ඉදිරියෙහි සෙසු මුලාදෑනිහු ද,හේවිසිකාරයෝද පෙනී සිටිති. එකල්හි තේවාභාර නායක හිමියන් විසින් මුර සමන්වීම කරනු ලැබේ. මුර විචාරකයා , නායක හිමියන් ඉදිරියේ මෙසේ අනිකුත් මුලාදෑනින්ගෙන් විමසති. ‘අද මුර කවුද?’ එවිට එහි එක් මුලාදෑනියෙකු පිළිතුරු දෙන්නේ “අසවල් අසවල් අය අසවල් තැන මුර සිටිනවා” යනුවෙනි. පසුව මුර විචාරකයා නායක හිමියන්ට මෙසේ කියයි. ‘නායක හාමුදුරුවනේ අසවල් අසවල් අය අසවල් තැන මුර කරනවා ‘ යනුවෙනි. එවිට නායක හිමියෝ ‘එසේනම් හොඳින් රැකබලා ගන්න ‘ යනුවෙන් සිරිත් ලෙස ප්‍රකාශ කරති. අනතුරුව යතුරු පයින්ඩ කර පෙර පරිදිම වට්ටෝරුරාල ආදි පිරිස නායක හිමියන්ගේ කුටියට ගොස් යතුරු තැන්පත් කොට නමස්කාර කොට පිටත්ව යති. මුර භාරදීමෙන් පසු දළදා මාලිගාවේ දොරවල් විවෘත නො කෙරේ. එසේ කළ හැක්කේ නායක හිමියන්ගේ අවසරයකින් පමණි. නැවත අලුයම තේවාව සඳහා දොර විවෘත කරන තෙක් යළි දොර විවෘත නො කිරීම සිරිතකි. මෙලෙස දිනපතාම මෙම තේවා කටයුතු නිසි වෙලාවට චාරිත්‍රානුකුලව නොවරදවාම සිදුකරනු ලබයි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]