UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසළ පෙරහර ආගමික හා සංස්කෘතික පූජෝත්සවයක්

ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකන සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ඉතාමත් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ප්‍රමුඛස්ථානයෙහි තබා සෙංකඩගල පුරවරයෙහි වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහර ආගමික මෙන්ම සංස්කෘතික මහා පූජෝත්සවයකි.

අනුරාධපුර කිත්සිරි මෙවන් මහරජතුමාගේ කාලයේ පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ මහ රජතුමාගේ කාලය දක්වා රාජ රාජ මහාමාත්‍යාදීන් හා සාධු ජනයා ශ්‍රී‍්‍ර දන්තධාතුන් වහන්සේ විෂයෙහි නානාවිධ පුද පූජා පැවැත්වූහ.මෙකී පූජෝපහාරයන් අතර චිරාගත සම්ප්‍රදායික පුද සිරිත් නොකඩකොට පවත්වාගෙන යනු ලබන සෙංකඩගලපුර ඇසළ මහා පෙරහර හෙළ සංස්කෘතිය විදහා දක්වන මහා සංස්කෘතික කලා උළෙලකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් වැලිවිට පිණ්ඩපාතික අසරණසරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේද අනුශාසනා ලබා නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාලයන්හි පෙරහරද දළදා පෙරහරට එක් කළ අතර එදා සිට අද දක්වා ශ්‍රී දළදා පෙරහර පවත්වාගෙන යනු ලැබේ.

මෙවර ඇසළ පෙරහර සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන අතර පෙරහර නැරඹීමට පැමිණෙන සියලුම දෙනාට ත්‍රිවිධරත්නයේ හා ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවායි ආශිංසනය කරම්හ.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]