UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ගුණය භාවනාවට නංවන ක්‍රමය සෝ භගවා ඉතිපි බුද්ධෝ

බුද්ධ ගුණය භාවනාවට නංවන ක්‍රමය

සෝ භගවා ඉතිපි බුද්ධෝ

මෙම ලිපියෙහි මුල් කොටස ඇසළ පුර පසලොස්වක පෝදා පතුයේ පළවිය.

46. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය අපූරු දහමක් බැවින් අබිභූත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

47. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ නිදුක් ස්වභාවයක් ඇති බැවින් අනිතිකධම්ම නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

48. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ දුකක් නැති බැවින් අනීතික නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

49. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ වෛරී බවක් නැති බැවින් අඛ්‍යාපජ්ඣ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

50. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ඉතා පිරිසුදු බැවින් සුද්ධි නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

51. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සියලු දුකින් මිදුනු බැවින් මුක්ති නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

52. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය උතුම් දිවයිනක් බැවින් දීප නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

53. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය දුක්ඛිත සත්වයාට ආරක්‍ෂිත ස්ථානයක් බැවින් ලේන නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

54. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය රැකවරණය ලබා දෙන බැවින් තාණ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

55. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සියලු බිය නසන බැවින් සරණ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

56. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සංසාරයාගේ කෙළවර බැවින් අච්චන්ත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

57. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය කිසිවෙකු විසින් නොකළ බැවින් අකත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

58. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය කෙළවරක් නැති බැවින් නිර්වාණය අනන්ත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

59. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය මනා පිහිටක් ඇති බැවින් පරායන නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

60. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සියලු දුක් කෙළවර කරන බැවින් දුක්ඛක්ඛය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

61. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සියලු දුකින් මුදවන බැවින් මොක්ඛ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

මතු සම්බන්ධයි

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.

මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]