UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව - 30 බුදු ගුණ කීමෙහි අනුසස් පවසන පුණ්ණ ථෙර චරිතාපදානය

පුනරුප්පත්ති ලිපි මාලාව - 30

බුදු ගුණ කීමෙහි අනුසස් පවසන පුණ්ණ ථෙර චරිතාපදානය

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ගෞතම බුදු සසුනෙහි සීහනාද පවත්වන්නවුන් අතර අගතැන් පත් පිණ්ඩෝල භාරද්වාජ ථෙරාපදානයයි. අද අප විමසා බලන්නේ ගෞතම බුදු සසුනෙහි ධර්ම කථික භික්‍ෂූන් අතර අගතැන්පත් පුණ්ණ මන්තානිපුත්ත මහ රහතන් වහන්සේගේ චරිතාපදානයයි. පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ වේදයේ පරතෙරට ගිය බ්‍රාහ්මණ ආචාර්ය වරයෙක් වූ මෙතුමන් වහන්සේ පැහැදුණූ සිතින් යුක්තව ඒ සම්බුදුරජාණන් වහන්සේ වෙත ශිෂ්‍ය පිරිස සමග පැමිණ බුදුගුණ ප්‍රකාශ කර ඇත. ගෞතම බුදු සසුනෙහි ධර්ම කථික භික්ෂූන් අතර අගතැන් ලැබීමට හේතු වී අත්තේ එම කුශලයයි. මෙතැන් සිට පුණ්ණ මන්තානිපුත්ත ථෙර චරිතාපදානය විමසා බලමු.

වේදය උගන්වන්නාවූ වේදයේ පරතෙරට ගියා වූ ශිෂ්‍යයන්ට ගුරු වූ මෙම ශිෂ්‍ය පිරිස විසින් පිිරිවරන ලදුව මනුෂ්‍යෝත්ම වූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි. පුදසත්කාර පිළිගැනීමට අතිශයින් සුදුසු වූ තුන්ලෝ තතු මනා ලෙස දැන ගත්තා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ කර්මයන් කෙටියෙන් දේශනා කළහ.මම ඒ ධර්මය අසා බුදුරජාණන් වහන්සේට ඇඳලි බැඳ අභිවාදනය කොට,දකුණු දෙසට මුහුණලා පැදකුණූ කළෙමු. පිටත්ව ගියෙමි. මා බුදුරජාණන් වහන්සේගෙන් ඒ කෙටියෙන් ඇසූ ධර්මය මාගේ ශිෂ්‍යයන්ට දීර්ඝව විස්තර කළෙමි. මාගේ වචනය අසා ශිෂ්‍යයෝ අතිශයින් සතුටට පත්වූහ.මා ඔවුන්ට බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙටියෙන්ද විස්තර වශයෙන්ද කීවෙමි. ඒ ඇසූ ඔවුහු ස්වකීය දෘෂ්ටීන් හැරදමා බුදුරජාණන්වහන්සේ කෙරෙහි පැහැදුණහ. ඉන්පසු ඒ ආත්ම භාවයෙන් මිදුණේ මෙයින් කල්ප පන්සියයකට පෙර සතර මහ දිවයිනෙහි අධිපති වූ සුප්පාසක නම් මහත් බලැති සක්විති රජෙක්ව උපන්නේ ය.

දැන් මා ගෞතම සම්බුදු සසුනෙහි පැවිදිව ආශ්‍රව රහිත වූයේ අභිධර්මය දැනගත්තේ දශකතා වස්තුවෙහි විසුද්ධීන් සියල්ලන්ට අවබෝධ කරවා වාසය කරමි.

“මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයන් නසන ලදිමි.හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලැබුවෙමි. මේ සිව්පිළිසිඹියාවෝද, අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩ්අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කරන ලදිමි.”

සටහන: බණ්ඩාර පිළවල


පුනරුප්පත්ති ලිපි මාලාව - 29 සැදැහැ සිතින් මල් පිදීමේ අනුසස් පවසන පිණ්ඩෝල භාරද්වාජ ථෙර චරිතාපදානය

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.

මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]