UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙසේ වදාළහ. මහරජ! මෙතැන් පටන් මාගේ ශාසනයෙහි මා ඇතිකල්හි වේව’යි නැතිකල්හි වේව’යි දරු කෙනෙකුන් මව්පියන්ට නොකියා මහණ කළ නොහැක්කේය. යැයි ශික්‍ෂාපද පැනැවූහ. මෙම අවස්ථාව කුමක් ද?

පිළිතුර
ශුද්ධෝදන රජතුමා තම මුණුබුරාණන් වූූ රාහුල කුමරු මහණ කළ බව අසා මහත් සේ කම්පාවට පත්වූහ. ඉක්බිති බුදුරදුන් හමුව දෙමාපියන් නොඅනුදත් දරුවන් මහණ නොකරන බවට නියමයක් දෙන ලෙස අයැද සිටියහ. එවිට බුදුන් වහන්සේ ඉහත සඳහන් නියමය පැනවූ සේක.

ප්‍රශ්නය
මෙය බුදු සිරිතේ එක් අවස්ථාවකි.මෙවන් පුතු ඇති යම්

මවුපිය දෙදෙන නිවියහ
බිරිඳද මෙවැනි හිමි සතු
නිවුනිය ඕ සැනසී
නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතා නූන සො පිතා
නිබ්බුතා නූන සා නාරී
යස්සායං ඊදිසො පති

පිළිතුර
‘ජනපද කල්‍යාණී’ නම් රජකුමරිය බෝසතාණන් අබිනික්මන් කොට මහමඟ වඩිනා දැක උඩුමහලේ බෝසතුනට පෙනෙනසේ සිට පළකළ පී‍්‍රති වාක්‍යය නිබ්බුත පද නමින් බුදු සිරිත හා එක්ව පවතී.

ප්‍රශ්නය
උරුවේලාවත් –ගයාවත් අතරමගදී බුදුරජාණන් වහන්සේ මුණගැසුණු එක් තැනැත්තෙක් මෙසේ කියයි.

ඇවත, ඔබ නිසල වූ ගුණ ඇති කෙනෙකි, ස්ථිර වු ගුණ ඇති කෙනෙකි. ගැඹුරුවූ ගුණ ඇති කෙනෙකි.තෙද ගුණ ඇති කෙනෙකි. සොමිගුණ ඇති කෙනෙකි. අමා ප¼ිඩ වැනි කෙනෙකි. මහා පින් පිඬක් වැනි කෙනෙකි. ඇවැත, ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසුදුය. කවර ශාස්තෘවරයෙකු උදෙසා පැවිදි වූයෙහිද? බුදුරදුන් හමුවූ මේ මගියා කවරෙක් ද?

පිළිතුර
“උපක” ආජීවක මුණ ගැසීමය.

ප්‍රශ්නය
සත්වයා යනු රූපාරූප ධර්මයන් ගේ සංයුතියකි. පැහැදිලි කරන්න.

පිළිතුර
රූපා, අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා යැයි සම්මතයට එක්ව ඇත. රූප ධර්ම වලින් වර්ණ රූපය පමණක් අපේ ඇසට පෙනේ. එහෙත් අරූප ධර්ම (නාම) අපේ ඇසට නොපෙනේ. අරූප ධර්ම රූපයෙන් වෙන්වීම (වියෝවීම) අභාවය (මරණය) සිදුවේ. එවිට රූපයට ක්‍රියාකළ නොහැකියි. රූපයෙහි අරූප ධර්ම (නාම) වෙන්වී ඇති නිසාය. එහෙයින් රූපය ක්‍රියා කරවන්නේ අරූප ධර්ම (මනො පුබ්බංගමා ධම්මා මනොසෙට්ඨා මනෝමයා) බව පැහැදිලිය.මෙසේ රූප, අරූප ධර්මයන්ගේ සංයෝගයකි. (එක්වීමකි) පැවැත්මත්,වෙන්වීමත් හැර සත්ව ශරීරයෙහි ආත්ම “යැයි ගත යුතු කිසිවක් නැත. මරණයෙන් ඔබ්බට යන කිසිවක් සත්වයා තුළ නැත.

ප්‍රශ්නය
රූප –අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා බව පෙළදහමට අනුව විවරණය වී නම් රූප ධර්මයන්නෙන් පැහැදිලිවන ධර්මතාව කුමක් ද?

පිළිතුර
සත්වයාගේ ශරීරය රූපය බව අපි දකිමු. අපා,දෙපා, සිවුපා, බහුපා ආදි මිනිස් ලොව වසන හැම සතෙකුටම රූපයක් හෙවත් (ශරීරයක්) ඇත. රූපය රූප සමූහයක් සංයෝගයක් (කොටස් එකතුවක්) රූපස්කන්ධය කැයි ව්‍යවහාර වෙයි. රූප ස්කන්ධය ඒ ඒ අංග (පදාර්ථ) රූප ධර්ම නම් වෙයි. රූපස්කන්ධය මහභූත රූප නමින් කොටස් 04 කට වෙන්ව හඳුනාගත හැකිය.

පඨවිධාතුව –ජීව අජීව වස්තුවල ඇති තද රළු ගතිය
ආපෝධාතුව – එම වස්තුවල ඇති වැගිරෙන ඇලෙන ගතිය
තේජෝ ධාතුව - එම වස්තුවල ඇති සිසිල් ගතිය හා උණුසුම් ගතිය
වයෝ ධාතුව – එම වස්තුවල සැලෙන පුම්බන ගතිය

ප්‍රශ්නය
“කථෝපකථනය” මෑත බෞද්ධ පුනරුදය සඳහාද මෙය ග්‍රන්ථයක් වශයෙන් බෙහෙවින් ආධාරකයක් විය. මෙය කවුරුන් විසින් රචිත ග්‍රන්ථයක් ද?

පිළිතුර
හෙන්රි ඕල්කට් තුමා විසින් පලකරන ලද ප්‍රශ්න –උත්තර සහිත ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය 45 වතාවක් මුද්‍රණය කර විදේශීය භාෂා 18 කට පරිවර්තනය කොට ඇත.

ප්‍රශ්නය -
ශ්‍රී‍්‍ර ලංකාවේ විශාලතම ස්ථූපය වන ජේතවනාරාමය කරවන ලද්දේ කවුරුන් විසින් ද?

පිළිතුර
ශ්‍රී‍්‍ර ලංකාවේ පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයේම සුවිසල් දාගැබ ලෙස සැලකෙන ජේතවන ස්ථූපය මහසෙන් රජතුමා (ක්‍රි.ව.276 – 304) විසින් කරවන ලද්දකි. දැනට එහි උස අඩි 231 පමණ වුවත් මුල් යුගයෙහි දී අඩි 400 ක් වූ බව සඳහන් වෙයි. දාගැබ් මලුව අක්කර 07ක බිමක් වසා සිටියි.

ප්‍රශ්නය
ලොව ඇති විශාලතම බෞද්ධ විහාර ස්ථානය පිහිටා තිබෙන්නේ කුමන රටකද? එම විහාරස්ථානය හැඳින්වෙන්නේ කුමන නාමයකින්ද?

පිළිතුර
ඉන්දුනීසියාවේ බෝරෝ බුදුර් විහාරය

ප්‍රශ්නය
දළදා වහන්සේ පොළොන්නරු රාජධානියෙහිදී නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද ගොඩනැගිල්ල හැඳින්වෙන්නේ කුමන නාමයකින් ද?

පිළිතුර
හැටදාගෙය මෙම ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජු විසින් ඔහුගේ රාජකීය මන්දිරය මෙන් පැය හැටක් ඇතුළත නිමවන ලද බව සඳහන් වෙයි. ඒනිසා මෙම ගෘහය හැටදා ගෙය නමින් හඳුන්වා ඇත.

ප්‍රශ්නය
ඉපැරැණි රාජධානියක් තුළ ඒකිය ජන කොට්ඨාශයක් වශයෙන් මෙම රාජධානිය තුළ ජීවත්වූ ජනතාවගේ ජාතික හා ආගමික සමඟිය සංකේතවත් කරන දැනට නටබුන් බවට පත් සිද්ධස්ථානයන් පිරි නගරයකි. මෙහි නාමය කුමක් ද? එහි ඇති පූජනීය ස්මාරක මොනවා ද?

පිළිතුර
පුලස්ථිපුර හෙවත් පොළොන්නරු රාජධානියයි. පොළොන්නරුවෙහි සොයා ගනු ලැබූ පැරැණිම හින්දු ස්මාරකය. අංක 02 ශිව දේවාලය යි. පැරැණි නගරයෙන් බටහිර දිසාවෙන් දක්නට ලැබෙන දේවාල දෙක මහා ශිව සහ ශිවගේ පුත්‍ර ‘ගණේෂ්’දේවාලය යි.

ප්‍රශ්නය
කර්මය සත්වයා හීන වශයෙන් හා ප්‍රණීත වශයෙන් ප්‍රභේද කරයි. (කම්මං සත්තෙ විභජති යදිදං හීනපණීත තායාති ම:නි: චුල්ලකම්ම විභංග සූත්‍ර 3.432) මෙම බුද්ධ දේශනා පාඨයට අනුව කර්මය නියතිවාදී අදහසක් හැඟී යැයි පැහැදිලි කරන්න.

පිළිතුර
තෝදෙය්‍ය පුත්‍ර “ සුභ” මානවකයා බුදු හිමියන් වෙත පැමිණ තම සැක දුරුකරගැනීම සඳහා කර්ම විපාක පිළිබඳව පැහැදිලි කරදෙන ඉල්ලීය එයට පිළිතුර දුන් බුදුරජාණන් වහන්සේ

”ප්‍රාණඝාත හේතුවෙන් අල්පායුෂ්ක බවද (ආයුෂ අඩු) ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් දීර්ඝායුෂ්ක බවද සත්ව හිංසා හේතුවෙන් රෝගී බවද සතුන්ට දයාව දැක්වීම හේතුවෙන් නිරෝගී බවද මානයෙන් හීන කුලයක් උපත ලබන බවද මානයෙන් තොරව ගරු කළ යුත්තන්ට ගරු කිරීමෙන් කුලීන බවද (උසස් කුල උපතද) ආදී ලෙසින් කරනලද කර්මයට අනුරූපව පුද්ගල විෂමතා දක්නා ලැබෙන බව බුදුහු වදාළහ.

මෙසේ සුභ මානවකට තවදුරටත් පැහැදිලි කරමින් මානවකය, අල්පායුෂ්ක ප්‍රතිපදාව අල්පා යුෂ්ක පලයක්ම ලබයි. දීර්ඝායුෂ්ක ප්‍රතිපදාව දීර්ඝායුෂ්ක පලයක්ම ලබයි. මෙසේම බොහෝ ආබාධ ඇති බව හා නැති බව ඒ ඒ ඵලයන්ම ලබයි. දුර්වර්ණ බව පිණිස පවත්නා ප්‍රතිපදාව හා ප්‍රසාද පළවන බව පිණිස විද්‍යාව එලෙසම ප්‍රතිඵල ලබයි. මෙසේ අල්පේශාඛ්‍ය, මහේශාක්‍ය, අල්පභෝග මහාභෝග නීච කුලීන හා උච්චාකුලීන බව පලයක්ම ලබන බව බුදුහු වදාළහ.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]