UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විචිත්‍ර ධර්ම දේශක හිමිවරුන්ගේ ධර්ම දේශනා ඇතුළත් කොට විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් විසින් සම්පාදිත ‘රුහුණේ ධර්ම දේශනා’ කෘතිය එළි දැක්වීම පසුගිය දා සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. එහිදී එහි මුල් පිටපත කර්තෘ ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වූ අයුරු. මෙම උළෙලට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, ආචාර්ය අලුත්වැවේ සෝරත නා හිමි, සිතුල්පව්ව රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති, මැටරඹ හේමරතන නාහිමි, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධිකරණ ලේකම්, ගැටමාන්නේ ගුණානන්ද හිමි, සිත්තම් ගල්ලෙන රජමහා විහාරාධිපති, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක, රාජකීය පණ්ඩිත, අගලබඩ පියසිරි නාහිමි, තිස්සමහාරාම කන්දේ විහාරාධිපති කුඩාපාන ගුණානන්ද හිමි ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

පිච්ච මල් පූජා මහෝත්සවය

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, ශාන්ති පදනම විසින් 1990 වසරේ දී ඉතා චාම් පින්කමක් ලෙස අනුරාධපුර උඩමළුවේ දී ආරම්භ කළ පිච්ච මල් පූජාව මේ වන විට මහා දැවැන්ත ආගමික ව්‍යාපෘතියක් බවට පත් වී ඇත. පිච්ච මල් සුවඳට ආකර්ශනය වූ මනුෂ්‍යයෝද, දෙවියෝද, සපිරිවරින් එදිනට මහමෙව්නාවට මුළු දෙන්නාහ. පිච්ච මල් පූජාවේ අන්තර්ගත කරුණු කීපයකි. ඉන් එකක් වන්නේ බෞද්ධයන් එක් තැනකට ඒකරාශී කොට බෞද්ධ පණිවුඩයක් එකවර ලබාදීමයි. දෙවැනි කරුණ වන්නේ ජාතික සංවර්ධනයක් සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ සිතුම් පැතුම් පෙළ ගැස්වීම සහ ආකල්ප වල වෙනසක් ඇතිකරලීමට මඟ පෙන්වීමයි.

ඉතිරිය»

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]