UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

බේරුවල, කාලවිල, කරපිංචගහවත්ත දර්ශික නිවසේ පදිංචි නිරෝෂි මධුමාලි (අවු. 25) එක්දරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇයට “බී, ඕ” ඕනෑම වර්ගයක වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මාලිගාවත්ත වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කොට ඇත. ඒ සඳහා ඇය පරිත්‍යාගශීලීන්ගේ ආධාරය පතයි. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ආධාර ලබා දෙන ලෙසද ඇය ඉල්ලීමක් කරයි. එම මුදල් ආධාර ධර්ගා නගරයේ ලංකා බැංකු ශාඛාවේ එන්.එම්.කේ. ලොකුගමගේ නමින් ඇති අංක 8030133 දරන ඉතිරි කිරීමේ ගිණුමට යොමු කළ හැකියි. 077 2740914 දුරකථන අංකයෙන් වැඩිදුර තොරතුරු විමසිය හැකියි.



 


කඩුගන්නාව කදන්ගම 226/ඒ නිවසේ පදිංචි එල්.එන්.සිල්වා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත් කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා ප්‍රකාශ කැර තිබේ.

වයස අවුරුදු 42 ක් වන සිල්වා මහතාට අවශ්‍ය වන “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින් කැමති අයෙකු වෙතොත් 077 8908047 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති.


 

පන්නිපිටිය, ඇරැව්වල විරෝධාර මාවත අංක 507/3 ලිපිනයෙහි පදිංචි අනිල් ජයලත් ප්‍රනාන්දු මහතා දරුණු වගුකඩු රෝගයකින් පෙලෙන බැවින් හැකි ඉක්මණින්් වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සඳහා ’ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිග්‍යාගශීලියකු වෙතොත් 0710408666 දරණ දුරකතන අංකයට දන්වන ලෙස ඉල්ලා සිටීයි.

ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් දැරීමට සිදුවන බැවින් ඔබගේ් ආධාර ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ රෝගියාගේ නමින් ඇති 72322779 දරණ ගිණුමට බැර කරන ලෙසද ඉල්ලීමක් කෙරේ.


ආධාර පතයි

මොළයේ හටගෙන ඇති ගෙඩියක් නිසා දරුණු ලෙස රෝගී වී සිටින අංක 80 ඒ, මැල්ලවගෙදර ග්‍රාම නිලධාරී වසමේ දළුපත්ගෙදර මැල්ලවගෙදර ලිපිනයේ පදිංචි එච්.කේ. අරුණී මධුෂිකා (අවු. 07) දරුවා සුවපත් කර ගැනීම සඳහා ඇයගේ දෙමාපියන් පරිත්‍යාගශීලීන්ගේ සහාය පතයි. දරුවාගේ මොළයේ ගෙඩිය ඉවත් කිරීම සඳහා විශාල මුදලක් වැයවන බව වෛද්‍යවරු පවසා ඇති බවද කියයි.

දරුවාගේ දෙමාපියන්ට මෙතරම් මුදලක් සොයා ගැනීම අපහසු වී ඇති බව ද කියන අතර එම දැරියගේ සැත්කම සාර්ථක කර ගැනීම සඳහා පරිත්‍යාගශීලීහු වෙතොත් එම පරිත්‍යාග පන්නල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 137 – 2 – 001 – 30049755 ට බැර කරන මෙන් දැරියගේ මවුපියන් ඉල්ලීමක් කරති. වැඩි විස්තර දුරකථන අංක, 0716 964172 න් ද ලබා ගත හැකි බවද කියයි.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]