UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013

බෞද්ධ ශිෂ්ටාචාරය - 1

අභ්‍යාසය අංක 01

එක් පිළිතුරකට ලකුණු 2 බැගින් ලැබේ.

එක් එක් ප්‍රශ්නයෙහි 1, 2, 3, 4, 5 යන පිළිතුරු වලින් වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න.

01. ඊශ්වර නිර්මාණවාදී දේව සංකල්පය මූලික බ්‍රාහ්මණ නියමයට අනුව ආගමික, ආර්ථික, පාලක සහ කම්කරු යන වෘත්තීන් පිළිවෙළින් හිමි වූයේ,

1. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර වර්ණ වලට යි
2. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, ශුද්‍ර හා වෛශ්‍ය වර්ණ වලට යි
3. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂත්‍රීය, ශුද්‍ර වර්ණ වලට යි
4. වෛශ්‍ය, බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය හා ශුද්‍ර වර්ණ වලට යි

02. විපත් හෝ හදිසි දුර්භික්ෂ වැනි අහිතකර අවස්ථාවන් පවතින කාලවලදී කිරීමට නියමිත කාර්යයන් බමුණන් හඳුන්වා දෙනු ලැබුවේ,

1. ආශ්‍රම ධර්ම යනුවෙනි,
2. ස්වධර්ම යනුවෙනි,
3. ආපද්ධර්ම යනුවෙනි,
4. වර්ණ ධර්ම යනුවෙනි,
5. නියාම ධර්ම යනුවෙනි.

03. සත්මුතු පරම්පරාවෙන් මව්පිය දෙපසින් පිරිසුදු වීම, වේද, වේදාංග හදාරන්නෙකු වීම අතිශය රූප සෝභාවෙන් යුක්ත වීම, සිල්වතෙකු වීම, ඤාණවන්තයෙකු වීම යන කරුණු වලින් අංග සම්පූර්ණ වීම,

1. පුරෝහිත වීමේ ලක්‍ෂණයන් ය
2. බ්‍රාහ්මණයෙකු වීමේ ලක්‍ෂණයන් ය
3. ගුරුවරයෙකු වීමේ ලක්‍ෂණයන් ය
4. ක්ෂත්‍රීයකු වීමේ ලක්‍ෂණයන් ය
5. මහා බ්‍රහ්මයා වීමේ ලක්‍ෂණයන් ය

04. ගංගා, අචිරවතී, සරභූ, මහී යන සිව් මහා ගංඟාවෝ මහමුහුදට ගලා බැසීමෙන් පසු එහි මුල් නම් ගොත් නොමැතිව එකම කරදිය වන්නා සේ සිවි කුලයෙන්ම සසුන්ගත වන්නන් ඔවුන්ගේ කුල නාමයන් නොමැතිව එකම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ යන නමින් හඳුන්වන්නේය යන බුදුරදුන්ගේ ප්‍රකාශයෙන් විද්‍යාමාන වන්නේ,

1. ස්වභාව සෞන්දර්ය අගය කළ බවයි.
2. වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කළ බවයි.
3. බමුණු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ බවයි.
4. කරදියට වඩා මිරිදිය හොඳ බවයි.
5. ශ්‍රමණ භේදය ප්‍රතික්ෂේප කළ බවයි.

05. සෘග් වේදයේ 10 වන මහණ්ඩලයේ 90 වැනි පුරුෂ සුත්තයට අනුව ක්‍රි.පූ. 06 වන සියවසේ බ්‍රාහ්මණසමාජ සංකල්පයෙහිලා මහ බඹුගේ ශරීර අවයවයන්ගෙන් වර්ණ 04 ක් යටතේ මිනිස් ප්‍රජාව බිහි වූ බව පැවසේ. මින් ප්‍රකට වන්නේ,

1. වර්ණ ධර්ම න්‍යාය මහ බඹුන්ගේ මැවීමක් බවයි.
2. මහා බඹුගේ නියමයට අනුව වර්ණ ධර්ම ප්‍රභවය වූ බවයි.
3. චතුර් වර්ණයන් තීරණය වනුයේ දේව නිර්මාණ වාදයට අනුකූල වන බවයි.
4. හේතුඵල වාදය සපුරා ප්‍රතික්ෂේප කර ඇති බවයි.
5. මිනිසාගේ ස්වාමියා මහ බඹු බවයි.

06. බ්‍රාහ්මණ ස්වධර්ම න්‍යායට අනුව මහා බඹුගේ මුවින් උපන් බමුණන්ගේ ස්වධර්ම ලෙස මනුස්මෘතියේ සඳහන් වනුයේ යාග කිරීම, දන්දීම, දන්පිළිගැන්වීම, ඉගෙනීම, රාජ්‍ය අනුශාසක ධූරය දැරීමයි. උක්ත ප්‍රකාශයට අනුව පැහැදිලි වන්නේ,

1. බමුණන්ගේ ස්වධර්මය සඳහන් වන්නේ මනුස්මෘතියේ බවයි.
2. උප්පත්ති ස්ථාන අනුව ස්වධර්ම තීරණය බව බවයි.
3. මහ බඹුගේ මැවීමට අනුව ඒ ඒ වර්ණයන්ට නියමිත කාර්යයන් උපතින්ම හිමිවන බවයි.
4. බ්‍රහ්ම නිර්මිතයට අනුව බමුණන්ට සමාජ ප්‍රභූත්වය හිමි වූ බවයි.
5. මනුස්මෘතියේ සඳහන් බමුණන්ට ස්ව කාර්යයන්ට අමතරව වෙනත් කාර්යයන් කළ නොහැකි බවයි.

07. අම්බට්ඨ, අස්සලායන, මධුර, සෝණදණ්ඩ, සාමඤ්ඤඵල, වසල ආදී සූත්‍ර වලට අනුව ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක සහ ඓතිහාසික ආදී සාධක ඇසුරෙන් බුදු සමය වර්ණ ධර්ම සංකල්පය විචාරයට ලක් කර ඇත. ඉන් පිළිබිඹු වන්නේ,

1. කුල භේදය අර්ථ ශූන්‍ය එකක් බවයි.
2. සමාජ සඵලතාවයට කුලය බලනොපාන බවයි.
3. ආගම ඇදහීමට කුලය බාධකයක් නොවන බවයි.
4. කවර කුලයකට අයත් වුවද රජුගේ නීතිය සමාන බවයි.
5. ක්‍රියාව අනුව කුලය තීරණය වන බවයි.

08. පශ්චාත් වෛදික යුගයේ භාරතීය වනිතාවට ආර්ථික, සමාජීය, දේශපාලනික, ආගමික හා අධ්‍යාපනික යන කිසිදු අංශයක නිදහසක් නොවීය. ඉන් ගම්‍ය වන්නේ,

1. කාන්තාව ගෘහයට පමණක් සීමා වී සිටි බවයි.
2. කාන්තාවට ස්වාධීනත්වයක් නොතිබුණු බවයි.
3. මානව අයිතීන් නොසලකා හරින ලද සමාජ ක්‍රමයක් පැවැති බවයි.
4. බ්‍රාහ්මණයන්ගේ අයෝමය හස්තයට කාන්තාව හසු වී සිටි බවයි.
5. කාන්තාව බමුණන්ගේ ද්වේෂයට ලක්ව සිටි බවයි.

09. මවක්, ගෘහනියක්, උපාසිකාවක් හා භික්‍ෂුණියක් ලෙස ගෞරවාන්විත සමාජ තත්ත්වයක් බුදු සමය යටතේ කාන්තාවට හිමි විය. ඒ අනුව පැහැදිලි වන්නේ,

1. කාන්තාවට වුවද විමුක්තිය සලසා ගත හැකි බවයි.
2. පුරුෂයාටසේම කාන්තාවට නිසි සමාජ වරප්‍රසාදයන් නොඅඩුව හිමිවිය යුතු බවයි.
3. ගෘහ ආධිපත්‍යය කාන්තාවන්ට ලබා දිය යුතු බවයි.
4. මවට සුවිශේෂී තැනක් ලබා දී ඇති බවයි.
5. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සමාන බවයි.

10. ක්‍රි.පූ. 6 වන සියවසේ භාරතීය සමාජයේ ආගමික පසුබිම තුළ වූ සුවිශේෂී සිදුවීම් වන්නේ සාම්ප්‍රදායික බ්‍රාහ්මණ ඉගැන්වීම් බැහැර කරමින් විවේචනය කරමින් නව ආගමික සම්ප්‍රදායන් රැසක් බිහිවීමයි. මින් ප්‍රකට වන්නේ,

1. ශ්‍රමණ සම්ප්‍රදාය බමුණන්ට අභියෝගයක් වූ බවයි.
2. ක්‍රි.පූ. 6 වන සියවසේ භාරතීය සමාජීය ප්‍රබෝධයක් පැවැති බවයි.
3. නිදහස් චින්තනය අර්ථවත් වන්නේ විවිධ දාර්ශනික සම්ප්‍රදායන් පවත්නා පසුබිමක් තුළ වූ බවයි.
4. මිථ්‍යා ඉගැන්වීම් තුළින් මිනිසා සතු නිදහස් චින්තනය සැමදා ආවරණයකොට තැබිය නොහැකි බවයි.
5. නිදහස් චින්තනය තුළ විවිධ ආගම් දර්ශන වාද බිහිවන බවයි.

11. බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට ප්‍රතිපක්ෂව ගොඩනැඟුණු නව ආගමික සම්ප්‍රදායන් අතර ෂඩ් ශාස්තෘවරුන් වැදගත් කොට සැළකිය හැක්කේ ඔවුන්,

1. නිර්මාණ වාදය බැහැර කළ නිසා ය.
2. කාන්තා සමාජය පිළිබඳව සුඛනම්‍ය අදහසකින් ක්‍රියා කළ නිසාය.
3. ඔවුන් බ්‍රාහ්මණ ඉගැන්වීම් විචාරයට ලක් කරමින් මිනිසා ප්‍රඥා මූලික සමාජයකට යොමු කිරීමට ක්‍රියා කළ නිසාය.
4. පරම අවිහිංසාවාදී දර්ශනයක් අනුගමනය කළ නිසාය.
5. උග්‍ර ව්‍රත සමාදානයෙහි යෙදෙමින් ස්වකීය තපස් චර්යාව තුළින් ජන හදවත් වෙත සමීප වූ නිසාය.

12. තුන්ලෝ තතු අතැඹුලක් සේ දත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ෂට් ශාස්තෘන් ඇතුළු ශ්‍රමණ ගුරු කුලවල ඉගැන්වීම් දැඩි සේ විවේචනයට ලක් කර ඇත. ඊට හේතුව වූයේ,

1. ඔවුන්ගේ ශාසනයන් තුළ වාසය කිරීම තුළින් මෙලොව පරලොව හා නිර්වාණය යන ත්‍රිවිධ අංශයන්ගෙන් කවර අංශයකට හෝ යහපත් ප්‍රතිඵලයක් උදා කර ගත නොහැකි නිසා ය.
2. අකිරියවාදී ඉගැන්වීමක් ඉදිරිපත් කිරීම නිසා සමාජයේ බොහෝ දුරාචාරයනට මඟ පෑදීම නිසාය.
3. අන්තගාමී ප්‍රතිපදාවන් තුළින් විමුක්තිය උදාකර ගත හැකි යැයි ඉගැන්වීම නිසාය.
4. නියති වාදය වැනි ඉගැන්වීම් තුළින් මානව සක්‍යතාවය නිශ්ක්‍රිය කළ නිසා ය.
5. සියල්ල පෙර කර්මයෙන් සිදුවන බව ඉගැන්වුණු නිසා ය.

13. කෘෂි ආර්ථිකය පදනම් කොට ගනිමින් ගොඩනැඟූ වෙළෙඳ ආර්ථිකය මත මුදල වටිනාකම ඒකකය බවට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ සමාජය තුළ අසද්ධර්මය බහුල වීම ය. මින් ප්‍රකට වන්නේ,

1. සදාචාරයෙන් තොර ආර්ථික සංවර්ධනය සමාජයට අහිතකර බව යි.
2. මුදල මිනිසා දුරාචාරයට යොමු කළ බව යි.
3. සමාජ සංවර්ධනයට මුදල ප්‍රබල ලෙස බලපාන බව යි.
4. වැඩ වසම් සමාජ ක්‍රමය ආර්ථික සංවර්ධනය මගින් බිඳ වැටෙන බව යි.
5. අසද්ධර්ම බහුල වීමට මුදල බලපාන බව යි.

14. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවියට සංක්‍රමණය වූ ජීවීන් කල් ගත වීමේ දී විෂම චර්යාවන්ට නැඹුරු විය. මින් ප්‍රකට වන්නේ,

1. තණ්හා මූලික ක්‍රියාකාරිත්වය බොහෝ ප්‍රශ්න වලට හේතුවක් බවයි.
2. භාණ්ඩ රාශීකරණය නුසුදුසු ක්‍රියාවක් බවයි.
3. ප්‍රාණ ඝාතයට සොරකම හේතුවක් වූ බවයි.
4. සොරකම දුරු කිරීම සඳහා දඬුවම් පැමිණ විය යුතු බවයි.
5. සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස විෂම චර්යාවන් ඇති වන බවයි.

15. ක්‍රි.පූ. 6 වන සියවසේ ආර්ථිකයේ නව ප්‍රවණතාවක් වූයේ,

1. කාර්මික හා වානිජ ප්‍රබෝධය යි.
2. භාණ්ඩ හුවමාරු ක්‍රමය යි.
3. නව කෘෂිභෝග හඳුන්වා දීම යි.
4. ගව පාලනයට මූලිකත්වයක් ලබාදීම යි.
5. ධනවාදය අභියෝගයට ලක් වීම යි.

16. සොළොස් මහා ජනපද අතර ප්‍රමුඛ රාජ්‍යයක් වූ මගධයේ ‘අමිතභෝගී’ සිටුවරු බොහෝ දෙනකු වූහ. මෙහි සඳහන් අමිතභෝගි සිටුවරු යනු,

1. නිර්ලෝභී සිටුවරුන් ය.
2. ලෝභී සිටුවරුන් ය.
3. භෝග පමණක් රැස් කරන සිටුවරුන් ය.
4. භාණ්ඩාගාරයේ ධනය පුරවාගත් සිටුවරුන් ය.
5. ආදායම හා වියදම තක්සේරු කළ නොහැකි සිටුවරුන් ය.

17. දීඝ නිකායානුගත සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවේ සඳහන් වන පරිදි ‘මෙලොවක් නැත’ පරලොවක් නැත, පියෙක් නැත, මවක් නැත, ඕපපාතික සත්වයෙක් නැත. දානයේ විපාක නැත...’ මෙලෙස භෞකිනවාදී අකිරියවාදී දහමක් දෙසූ ශාස්තෘවරයා වන්නේ,

1. මක්කලී ගෝසාල
2. පූර්ණකස්සප
3. අජිත කේසකම්බලී
4. නිගන්ඨනාතපුත්ත
5. පකුධ කච්චායන

18. ‘මාගේ ශ්‍රාවක පිරිස ව්‍යක්ත විනීත, විශාරද, බහුශ්‍රැත ධර්මානු ධර්ම තත්ත්වයට පත්ව ලෝකයා සුවපත් කිරීමට සමත් වන තෙක් මම පිරිනිවන් නොපාන්නෙමි’ යනුවෙන් බුදුරදුන් මාරයාට කළ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ,

1. බුදුරදුන් මාරයාට බිය නොවූ බවයි.
2. සිව්වනක් පිරිසකගේ කාර්යභාර්ය කුමක්ද යන්න වටහා ගත් බව යි.
3. මාර පරාජය බුදු දහමින් තහවුරු කර ඇති බව යි.
4. ඕනෑම අයෙකු සඳහා ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බිය නොවූ බව යි.
5. බුදුරදුන් ලෝකයා දෙස පමණක් බලා ඇති බව යි.

19. රජවරුන් විසින් අනුගමනය කරනු ලැබූ මූලධර්ම දසරාජ ධර්ම නමින් හඳුන්වන අතර එහි දිළිඳුකම දුරු කිරීම යන්න අර්ථවත් වන්නේ,

1. ශීලයෙනි,
2. තපස තුළිනි
3. අවිහිංසාව තුළිනි
4. පරිත්‍යාගයෙනි
5. දානයෙනි

20. අන්‍යාගමිකයන් සසුනට එක්වීමේ දී ඔවුන් සඳහා සිව් මසක අධ්‍යයන කාලසීමාවක් බුදුරදුන් විසින් පනවන ලදි. එසේ එක්වන පිරිස හඳුන්වනු ලැබුවේ,

1. අන්තේවාසික නමිනි,
2. සහවාසික නමිනි.
3. සද්විහාරික නමිනි.
4. තිත්ථියපරිවාස යනුවෙනි.
5. සාමණේර යනුවෙනි.

21. භාරතීය ආර්ථතික විෂයෙහි යම් පමණකින් හෝ දායකත්වයක් සැපයූ සුළු පිරිසක් වශයෙන් පංචම කුලය හැඳින්විය හැකිය. දඩයම මූලික කොට ගත් එම කුලය නියෝජනය කරනු ලැබුවේ,

1. වේණ කුලය
2. නේසාද කුලය
3. රථකාර කුලය
4. පුක්කුස කුලය
5. චණ්ඩාල කුලය

22. ‘නත්ථි ගෝ සමිතං ධනං’ මෙම පාඨය භාරතීය කෘෂි ආර්ථිකය විමසීමේ දී වඩාත් අර්ථවත් වන්නේ,

1. සෘජු පරිභෝජන ආර්ථිකය
2. කෘෂි ආර්ථිකය
3. හස්ත කාර්මික ආර්ථිකය
4. කාර්මික ආර්ථිකය
5. සත්ත්ව පාලන ආර්ථිකය

23. ආපද් ධර්ම සංකල්පයට අනුව යමින් බුද්ධ කාලීන භාරතයේ ඒකනාලා බමුණු ගමෙහි සියලු කුඹුරු අයත්ව පැවැති ඉඩම් හිමි ධනවත් පන්තියේ සිටුවරයෙක් පිළිබඳ තොරතුරු සඳහන් වේ. ඔහු නම්,

1. කෝසිය ගොත්තය
2. කසී භාරද්වාජ බමුණාය
3. අස්සලායන බමුණාය
4. අම්බට්ඨ බමුණාය
5. අග්ගික භාරද්වාජ බමුණාය.

24. භාරතීය අධ්‍යාපන විද්‍යාපීඨයන් පිළිබඳ විස්තර විමසීමේ දී ටිබෙටයේ ‘තන්කා’ නමැති චිත්‍ර කලාව අතිශයින් ජනපි‍්‍රයව පැවැති ප්‍රධාන විද්‍යායතනයක තොරතුරු හමුවේ. එම විශ්වවිද්‍යාලය වනුයේ,

1. ඕදන්තපුරි සරසවිය
2. සෝමපුර සරසවිය
3. ජගද්දලා සරසවිය
4. වික්‍රමශීලා සරසවිය
5. නාලන්දා සරසවිය

25. ‘මම ද අසූවැනි වියේ පසුවෙමි. භාග්‍යවතුන් වහන්සේ ද අසූ හැවිරිදි වියේ ය. මම ක්ෂත්‍රීය වංශිකයෙකි. ඔබවහන්සේ ද ක්ෂත්‍රීය වංශිකයෙක්මි .’ යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ එක්තරා ආකාරයකින් තමා හා සමාන බව පවසන ලද්දේ,

1. විඩුඪභ රජුය
2. බිම්බිසාර රජුය
3. උදේනි රජුය
4. පුක්කුසාති රජුය
5. කොසොල්රජුය

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]