UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

බටුවන ඤාණිස්සර හිමි

1983 ඔක්තෝම්බර් 14 වැනි දින වරකාපොළ බටුවන නම් ග්‍රාමයේ ජයකොඩි ආරච්චිලාගේ ඉන්ද්‍රාණි ජයකොඩි මෑණියන්ටත් අත්තන ගමරාළලාගේ මත්තෝසිංඤෝ පියාණන්ටත් දාව උපත ලැබූ මේ දරුවා බටුවන කනිෂ්ඨ විද්‍යාලයෙන් හා ගලපිටමඩ වළගම්බා මහා විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබීය.

2002 අප්‍රේල් 27 වැනි දින බටුවන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති අනුරාධපුර ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි පිරිස්යාල සේනානායක මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මඩිතියවෙල ශ්‍රී මේධංකරාභිධාන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් බටුවන ඤාණිස්සර හිමි නමින් සසුන් ගත විය.

ඉන් පසු පිරිස්යාල සේනානායක මහ පිරිවෙන් විහාරස්ථානයෙන් දහම් අධ්‍යාපනය ලැබීමත් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් බුද්ධ ධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීය. 2004 සිට කීණදෙනිය ශ්‍රී වර්ධනාරාමය විහාරස්ථානයේ විහාරාධිපති ධුරයත් ලැබීමත් මෙතෙක් අනුනා මාහිමියන්ගේ දැරූ අනුරාධපුර ශ්‍රී මහා මහින්ද පිරිවෙන් කෘත්‍යාධිකාරි තනතුර ව 2011 වර්ෂයෙහි ඤාණිස්සර හිමියන් වෙත පිරිනමන ලදී.

මේ අතර තුර වසර 05 තුළ කීණදෙනිය ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය සංවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලදී. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීම, ආරක්‍ෂක පැති බැම්ම නිර්මාණය කිරීම, දොළොස් මහේ පහන් ටැඹ, මෙන්ම ප්‍රවිෂ්ට වන මාර්ගය පිළිසරණ කිරීම මේ කාලය තුළ කළ සංවර්ධනයෙන් බිඳක් පමණි. එසේම ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිපාදන මඟින් අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ මූලිකත්වයෙන් තෙමහල් දාන ශාලාව සහිත සංඝාවාස ගොඩනැගිල්ල නිර්මාණය කිරීම විහාරස්ථානයේ නව පරිච්ඡේදයකය පිටුවක් පෙරළීය.

වසර 80 පමණ පැරණි අප විහාරස්ථානයේ මෙතෙක් අඩු පාඩුවක්ව පැවැති චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් නායක හාමුදුරුවන්ගේ සසුන් දිවියට වසර 10 පිරීම නිමිති කර පැවැත් වූ පින්කම් මාලාවට සමගාමීව අමිල සුරවීර මහතා හා එම මැතිනියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දින 90ක් වැනි කෙටි කලක් තුළ සාදා නිම කරවා, 2012 ඔක් 29 වැනි වප් පොහෝ දින නිරාවරණය කරන ලදී.

දැනට අසරණ දරුවන්ට මසක් පාසා ශිෂ්‍යත්ව පිරිනැමීම, පාසල් පොත්පත් බෙදාදීම, විහාරස්ථාන සංවර්ධනය, පාසල් සංවර්ධනය, දිළිඳු පවුල් සඳහා වියළි ආහාර පාර්සල් බෙදාදීම වැනි සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළහ.


ගලගෙදර රතනවංස හිමි

ගලගෙදර රතනවංස හිමියෝ කටුපොත, මොරගනේ ගලගෙදර නම් ග්‍රාමයේදී උපත ලබා කුඩා කලදී සසුන් ගත විය. කොබෙයිගනේ, පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් සේවය කරන උන්වහන්සේ ගිහි පැවිදි දෙපක්ෂය වෙනුවෙන් කරනා මහඟු සේවය ඉතා විශාලය.

මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරස්ථානයෙහි දැනට නේවාසිකව හිඳිමින් භික්ෂුවකට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍රයත්, භාෂා ඤාණයනුත්, විෂයානුබද්ධ කරුණුත් පිළිබඳ උන්වහන්සේ ගවේෂණාත්මකව පසුවන්නේය.

ත්‍රිපිටකාගත දහම් කරුණු කියවා ඒවා ලිහිල් බසින් පුවත්පත් ඔස්සේ ලක් වැසියාගේ දහම් පවස නිවා දැමීමට මග සලස්වන වස් උන්වහන්සේ කරන ක්‍රියාව ඉතා අගනේය. කිසිදු ලාභ ප්‍රයෝජන, කීර්ති ප්‍රශංසා නොතකමින් භික්ෂුවකගෙන් විය යුතු සේවය නොපිරිහෙලා සසුන් කෙතට ඉටුකිරීමට උන් වහන්සේ නිරතුරුවම උත්සාහවත් වනු ඇත.

මැයි මස 08 වෙනි දිනට උන්වහන්සේට වසර තිස්නමයක් පිරීමේ ජන්ම දිනය නිමිත්තෙන් මාස්පොත බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාදීමට කටයුතු යොදා තිබු අතර, තුණුරුවන්ගේ සරණින්, ගලගෙදර රතන වංස හිමියන්ට තව බොහෝ කාලයක් රටටත්, සසුන් කෙතටත් සේවය කිරීමට නිදුක් නිරෝගී සුවයත්, චිර ජීවනයත් ප්‍රාර්ථනා කරමි.

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]