UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර පුෂ්පදාන සමිතියේ විජය දහම් පාසල

මහනුවර පුෂ්පදාන සමිතියේ විජය දහම් පාසල


වත්මන් ප්‍රධානාචාර්යඅයි.පී. පෙරේරා

දහම් පාසලේ 15 වසරක් ප්‍රධානාචාර්ය අනුර එදිරිසූරිය

සියවස සම්පූර්ණ කළ මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අතර සනිටුහන්නේ ශ්‍රී දළදා සමිඳුන් වෙත සුවඳ මලින් වන්දනාමාන කිරීමට මල් වට්ටිය සිය දෝතට ගන්නාවිටය. ශ්‍රී දළදා සමිඳු වෙත පිදෙන මෙම භක්තිය සිය වසරකට පෙර ඇති කරවූ ශ්‍රී පුෂ්පදාන සමිතිය වසර 104 ඉක්මවා ගියත් අදත් පසළොස්වක පෝය දින මේ මල්වන්දනාව සිදුකරන බෞද්ධ සමිතියක් ලෙස සමිති ඉතිහාසයට එක්වේ.

මෙම පුණ්‍ය කටයුත්තට දරුවන් බාල අවධියේදීම හුරුකිරීමේ දහම් සිතිවිලි මධ්‍යයේ උසස් අරමුණු රැසක් පෙරදැරි කරගෙන විජය දහම් පාසල, සමිතිය මඟින් 1967 සැප්තැම්බර් 18 දින ආරම්භ කෙරුණි. පණ්ඩිත නෙළුවේ නාගිත නාහිමි අනුශාසකත්වයෙන් සහ විශ්‍රාමලත් ප්‍රධානාචාර්ය ඩී.සී. අතපත්තු, විදුහල්පති, ඩී.හේ. විජේකෝන් මහත්වරුන්ගේ මූලිකත්වයෙන් දරුවන් 135කගෙන් සහ ආචාර්ය මණ්ඩලය, නව දෙනෙකුගෙන් (09) පිහිටුවන ලද දහම් පාසලේ මුල් ප්‍රධානාචාර්ය වූයේ පණ්ඩිත නාගිත හිමියෝ ය. ඩී.සි. අතපත්තු, ඩී.හේ. විජේකෝන් මහත්වරුන්ගේ දහම් සේවයෙහි ප්‍රධානාචාර්යවරුන් ලෙස කැපවීම නිසා අද අඩසියවසකට පත් දහම් පාසල දිවයිනේ ප්‍රධාන පෙළේ දහම් ප්‍රතිපල ප්‍රකාශ කරන තත්ත්වයකට පත්වූයේ වසර විසිතුනක දහම් සේවයක් ලබාදී වසර දහහතක් එහි ප්‍රධානාචාර්ය වශයෙන් විශිෂ්ට සේවයක් සිදුකළ අනුර එදිරිසූරිය මහතා නිසා බව සඳහන් කළ යුතු ය. ඉංගි‍්‍රසි දැනුම දහම් පාසල් විෂයන්ට ඇතුළත් කළ අනුර එදිරිසූරිය මහතා විජය දහම් පාසලේ ශිෂ්‍යයෙකු වීමට තවත් විශේෂතාවයකි. 2002 දක්වා අනුර මහතා විජය දහම්පාසල වෙනුවෙන් සිදු කළ ධර්ම කැපවීම පාසලේ වත්මන් දියුණුවට ද අඩිතාලමක් විය. අස්ගිරිය මහාවිහාරයේ හාලියාලේ ඥාන විමල ‘නුගතැන්න බුද්ධරක්‍ඛිත’ ‘පලීපාන රාහුල’ මල්වතු මහා විහාරයේ රඹුක්වැල්ලේ පඤ්ඤාලංකාර යන පණ්ඩිත හිමිවරුන්ගේ එම යුගයේ දී සිදු කරන ලද දහම් සේවය අනුර එදිසුරිය මහතා කෘතවේදීව සඳහන් කළ අතර 2002 දී ප්‍රධානාචාර්ය ධුරයට පත් වූ අයි.පි. පෙරේරා මහතාට අද අඩසිය වසර ආසන්නව ඇති විජය දහම් පාසලේ වගකීම් උසස් තත්ත්වයට පත් කර ගැනීමට පසුබිමක් විය.


නොබෝදා පවත්වන ලද ශ්‍රී පුෂ්පදාන සමිතියේ 104 වන සංවත්සර උළෙලට සමගාමීව විජය දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය ද පැවැත්විණ. සමිතියේ ප්‍රධාන ලේකම්, වෝලටර් රණසිංහ මහතා අතින් ශිෂ්‍යාවක් ත්‍යාගයක් ලබාගත් අවස්ථාව. සමිතියේ හිටපු සභාපති වෛද්‍ය ආනන්ද බෝවත්තේ මහතාද (දකුණේ) මෙහි සිටී.

වත්මන් ප්‍රධානාචාර්ය අයි.පි. පෙරේරා මහතා ප්‍රධාන දොළොස් දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයට විජය දහම් පාසලෙන් සමස්ත ලංකා මට්ටමෙන් දහම් දරුවන් බිහිකිරීමට හැකි වී ඇත්තේ විශිෂ්ට කැපවීම නිසා ය. ප්‍රධානාචාර්ය පෙරේරා මහතාට පුෂ්පදාන සමිතියේ මෙම සත්කාරය සඳහා ලැබෙන මාර්ගෝපදේශකත්වය සහ ප්‍රධානත්වය විශිෂ්ට තත්ත්වයක ඇත. ඒ නිසාම අද විජය දහම් පාසලට සෑම විෂයන්ගෙන්ම සම්මාන ලබාගත් කේ. ඒ.එම්. ඒ.පී. දුලාෂා මධුභාෂණි, ගුණතිලක කාවන්දි කුමාරි විජේසිංහ අශින්ද චමල් උඩුකුඹුර වැනි දක්‍ෂ දරු දැරියෝ බිහි කිරීමට සමත් වූහ.

ශ්‍රී පුෂ්පදාන සමිතියේ 104 සංවත්සර උත්සවයේ දී, නව සභාපති ලෙස පත්වූ හිටපු උප සභාපති එම්.ඩී. නිමල්සිරි මහතා විජය දහම් පාසලේ අනුශාසක වන අතර පාසලේ අනාගතය දිවයිනේ අග්‍රගණයේ දහම් පීඨයක් බවට පත් කිරීම නව සභාපති නිමල්සිරි මහතාගේ අරමුණයි. මෙම දහම් සත්කාරය ශ්‍රී දළදා සමිඳු වැඩසිටින දහම් අඩවියේ සිට ක්‍රියාත්මක කිරීමට විජය දහම් පාසල් ධර්මාචාර්ය මණ්ඩලයට ශක්තිය හා ධෛර්යය ලැබේවායැයි ප්‍රාර්ථනා කරමු.

 

 

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]