UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්කඩුව පුරාණ විහාරය

ඉමදුව, ගල්කඩුව පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරයේ සියලුම වැඩ කටයුතු අවසන්කර මෙවර වෙසක් පොහොයට සමගාමීව නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම විහාරාධිපති මාපලගම පේ‍්‍රමරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එයට සමගාමීව මැයි 18 වැනි දා 6.30 ට අටවිසි බෝධි පූජාවද, 19 වැනිදා උදෑසන 8.00 ට ධර්ම දේශනාව ද, එදිනම සවස 7.00 ට අටවිසි බෝධි වන්දනාව ද, 20 වැනිදා 6.30 ට අටවිසි බුද්ධ පූජාව ද, 21 වැනිදා රාත්‍රී 8.00 කාව්‍යයම ධර්ම දේශනාව ද, 22 වැනිදා රාත්‍රී 7.30 ට අටවිසි බෝධි පූජාව හා අනතුරුව පරිත්‍රාණ ධර්ම දේශනාව ද සිදු කිරීමට නියමිතය. 23 වැනිදා උදෑසන නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම සිදු කිරීමට නියමිත අතර 24 පුන් පෝදා උදෑසන සීල සමාදාන පින්කම් දවස පුරා පැවැත්වේ. එදින සවස 7.00 ට විශේෂ අටවිසි බෝධී පූජාවක් පැවැත්වේ.

බෞද්ධයා මාධ්‍ය ජාලය හා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ මෙහෙයවීමෙන් රුවන්වැලි මහසෑ රදුන් හා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස අසදෘශ මහා පින්කමක්

වසර 2500ට වඩා ඈත අතීතයට දිවයන ලාංකීය රාජ නාමාවලිය හැඩකළ ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය සුරක්‍ෂණය කොට නගා සිටුවන්නට දිරි දුන් දුටුගැමුණු මහ රජතුමන් ප්‍රමුඛ හෙළ රජ දරුවන්ට මෙන්ම එදා මෙදා තුර ශ්‍රී ලාංකීය හෙළ බොදු අනන්‍යතාව පෙරට ගෙන එන්නට තම දිවි කැප කළ ජාතියේ පියාණන් ලෙස බුහුමන් ලද යුතු බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමන් ප්‍රධාන සියලුම දේශ හිතෛශීන් හට පින්පෙත් පුදා සකල ලක්වැසි ලෝවැසි ජනතාවට සාමය සතුට සෞභාග්‍ය හා තුණුරුවන්ගේ අනන්ත ආශීර්වාදය පතා සිදුකෙරෙන මහා අසදෘශ පූජාවක් අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අබිමුව මෙන්ම විජයශ්‍රී ජයශ්‍රී මහාබෝසමිඳුන් පාමුලදී සිදු කිරීමට කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලය මඟින් කටයුතු සම්පාදනය කොට ඇත.

ඉතිරිය»

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]