UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

අනුරාධපුර ජයසිරි මහ බෝධිය

බක් පුන් පොහොය වැඩසටහන පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්වෙන වැඩසටහන මෙසේය.

පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ. බක් පුන් පොහෝ දින පස්වරු 5.15 ට අනුරාධපුර ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී පදවීතිහාර පූජාව පැවැත්වේ.

මෙහිදී මහාවිහාර පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් තබන තබන පියවරක් පාසා බුදුගුණ මෙනෙහි කරමින් ජයසිරි මහ බෝ සමිඳුන් පැදකුණු කරනු ඇත. මෙම පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වෙන අතර, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


ස්වර්ණමාලී චෛත්‍යය

අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍යයරාජයාණන් වහන්සේ අභියසදී මැයි 04 දින අලුයම සිට මැයි 05 දින උදෑසන දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.

මැයි 04 වන දා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ ක්‍ෂීරපායාස සහිත බුද්ධ පූජාව, ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස, ගල්දූව යෝගාශ්‍රමාධිකාරී කහගොල්ලේ සෝමවංශ හිමි, 8.00 – 9.30 ධර්මානුශාසනාව සහ භාවනාව, ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස, හම්බන්තොට වෙහෙරගල උඩමලල ආරණ්‍ය සේනාසනාධිපති නාගොඩ සද්ධාලෝක හිමි, 9.30 – 10.30 ධර්මානුශාසනාව, ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස, පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම පිරිවෙන්වාසී කුකුල්පනේ සුදස්සී හිමි, 10.30 –11.00 සම්බුද්ධ පූජාව, ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස, පුහුල් වැල්ල ආරණ්‍ය සේනාසනවාසී මොරගොල්ලේ සුමනයෝගී හිමි, පස්වරු 12.30 – 02.00 බුදුගුණ ධර්මදේශනාව, ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස, ත්‍රිපිටක විශාරද ඉඟුරුවත්තේ ධම්ම ගවේසී හිමි, 2.30 – 3.30 ධර්මානුශාසනාව, ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස, ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනයේ ගෞරවනීය ස්වාමීන්වහන්සේ නමක්, 3.30 – 5.00 කප්රුක් පූජාව, ස්වර්ණමාලී සෑරදුන් අභියස, 5.00 – 8.00 සත් බුදුරජාණන් වහන්සේලා ඇතුළු ලොව පහළ වී වදාළ අනන්ත අපරිමාන සම්බුදුරජාණන් වහන්සේලාගේත්, පසේබුදුරජාණන් වහන්සේලාගේත්, නික්ලේෂීය මහ රහතන් වහන්සේලාගේත්, මහා රහත් මෙහෙණින් වහන්සේලාගේත් උතුම් ගුණ මහිමය සිහිකර ආමිස සහ ප්‍රතිපත්ති පූජාව, ස්වර්ණමාලී සෑරදුන් අභියස, ගල්දූව යෝගාශ්‍රමාධිකාරී, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමි, 8.30 – 5.00 සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව, ස්වර්ණමාලී සෑරදුන් අභියස. මැයි මස 05 වන ඉරිදා පෙරවරු 5.00 – 6.30 ක්‍ෂීරපායාස සහිත බුද්ධ පූජාව සහ භාවනාව, ස්වර්ණමාලී සෑරදුන් අභියස, ගල්දූව යෝගාශ්‍රමාධිකාරී, ත්‍රිපිටක විශාරද, කහගොල්ලේ සෝමවංශ හිමි. 6.30 – 7.30 සංඝගත දක්‍ෂිණාව පැවැත්වේ.


තෙලවල විජයරූපාරාම විහාරය

කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිසාවේ සංඝනායක දම්පහල ඥාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන වැඩසටහන් විස්තර මෙසේ ය.

පෙරවරු 6.30 සිට 7.30 දක්වා උපෝසථ සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව ධර්මායතනාධිපති නා හිමි, 8.00 සිට 9.00 දක්වා භාවනා නිර්මල්ගොඩ සද්ධවිහාරි හිමි, 9.00 – 10.00 දක්වා ජනාධිපති මැදුරේ සිට විකාශනය වන ධර්ම දේශනාව 10 සිට 10.45 භාවනාව වදුරඹ ඤාණාලෝක හිමි, 10.45 සිට සම්බුද්ධ පූජාව දම්පහල ඤාණසුධීර හිමි, පස්වරු 1 සිට 2 දක්වා අමාදහර කවිබණ වැඩසටහන, 2 සිට 3දා දක්වා ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා 3.15 සිට 4 දක්වා මහ පිරිත් දේශනා ධර්මායතන හිමිවරුන් විසින්, 4 සිට 5 දක්වා කාව්‍ය ධර්මදේශනාව හඟුරන්කෙත ඤාණින්ද හිමි, 5.00 ට සිල් පවාරණය දම්පහල ඥාණසුධීර හිමි, 6.30 ට අෂ්ඨපාන සහිත සම්බුදු ගිලන්පස පූජාව ධර්මායතනාධිපති නා හිමි විසින්, එදින පෙරවරු 8 ට බුදුසරණ පුවත්පත බෙදාදීම නිලන්ත පෙරේරා මහ මල්කාන්ති මිය, මහේෂ් පෙරේරා, මාතියා පෙරේරා ඇතුළු පවුලේ සැම.


බම්බලපිටිය සිරි වජිරාරාමය

බම්බලපිටිය සිරි වජිරාරාමයේ වැඩසටහන් විස්තර මෙසේ ය.

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරිවජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනුනා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 9.00 – 10.00 ජාතක කතා පොත පිටිපන සාසන රතන හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදිත හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විශාරද හිමි, 12.30 – 1.30 සෙත්පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනාව සිරිවජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.30 ධර්ම සාකච්ඡාව රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඥානවීර හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව දියතලාවේ පියදස්සී හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව ඉරිදා දිවයින ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකර මහතා, 5.00 – 6.00 ධර්මදේශනය මීගොඩ සුඛිත හිමි, 6.00 සිට අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරිවජිරාරාම ස්වාමීන් වහන්සේලා.


කළුතර බෝධිය

පොහෝදා වැඩසටහන් මෙසේය

පෙරවරු 6.30 - 7.30 සිල්දීම වැලිකල ප්‍රඥාකර හිමි, 8.00 –11.15 භාවනාව හා ධර්ම දේශනය ලේනව මංගල හිමි, 11.15 ගවයන් නිදහස් කිරීම හා එහි අනුශාසනාව ගැටඅරළුවේ විපුලධම්ම හිමි, පස්වරු 1.00 – 3.00 ධර්ම දේශනය පුලියද්දේ සුධම්ම හිමි, 3.15 - 5.15 ධර්ම දේශනය - ශේන් බ්ලොක් මහතා , 5.30 – 6.30 ධර්ම දේශනව කොබෝදූවේ දේවසිරි හිමි, 7.15 – 8.00 පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජාව (පටිගතකළ එකකි) 8.15 – 8.45 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදි පහන් පූජාව, 8.00 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


ශ්‍රී සම්බෝධි විහාරය

අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමඟින් බෞද්ධයා විකාශනය ආරම්භ වීම. පෙරවරු 6.00 – 7.15 සීල සමාදාන, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මාදුළුවාවේ සෝභිත හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව වැලිමඩ ප්‍රසන්න මානස හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව, ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 ධම්සභා මණ්ඩපය ශාස්ත්‍රපති නෙලුවාකන්දේ ඤාණානන්ද නා හිමි, මහාචාර්ය ගාමිණී සේනානායක මහතා, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා, කථිකාචාර්ය, වෛද්‍ය පණ්ඩුක මහමිතව මහතා, මෙහෙයවීම, නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව නාවල ධම්මානන්ද හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව කොටපොල අමරකිත්ති නා හිමි, ප.ව. 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය හාපිටිගම විජිත හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පසළොස්වක පෝය දින වැඩසටහන් විස්තර මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත බංග්ලාදේශයේ ධම්මපාල හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංග්ලාදේශයේ සුමනවංශ හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය මනෝවිද්‍යා උපදේශක කැළුම් ගයාන සෞම්‍යසිරි මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ඇඹිලිපිටියේ ආනන්ද හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

බක් මස පුර පසළොස්වක පෝය දින වැඩසටහන් මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, විනයාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වේපතඉර හේමාලෝක නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව බංගලිදේශයේ සද්ධානන්ද හිමි, මාගම සුජාත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් තෙරුවන් ගුණ බංගලිදේශයේ සංඝරක්‍ඛිත හිමි, බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති හෝකන්දයායේ බුද්ධසිරි නාහිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහ නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ලේව්කේ ඤාණිස්සර හිමි, පස්වරු 5.00 – 6.00 ධම්ම පදය ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.


කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම විහාරස්ථානයේ පසළොස්වක පොහෝ දා වැඩසටහන් මෙසේ ය. පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව ශ්‍රී ජයශේඛරාරාමාධිකාරී රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ට ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.30 බුද්ධානුස්සති භාවනාව, 2.15 – 3.15 ට ධර්ම දේශනය 3.30 – 4.30 ට භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය නාවල ධම්මානන්ද හිමි, 6.00 ට සිල්පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 ට රාත්‍රි ධර්ම දේශනය (පටිගත කරන ලද)


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා, ධර්මදේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 සිට 9.00 වත්තල අරියරතන හිමියන් ද 9.15 සිට 10.00 දක්වා ඕපනායක නිරාශා දසසිල් මෑණියන් ද 10.00 සිට 11.00 ආටිගල අමිතදේව හිමියන් ද 11.00 දවල් බුද්ධ පූජාවන් පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද, 1.00 සිට 2.00 දක්වා දාස්වත්තේ සුමනසීල හිමියන් ද 2.15 සිට 5.00 දක්වා පිළියන්දල සංඛපාලී දසසිල් මෑණියන් විසින් මෙහෙයවන භාවනා වැඩසටහන ද පැවැත්වේ.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ බක් පෝදා වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.30 උපෝසථ ශීලය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව ලේනබටුවේ මිත්තාලෝක නා හිමි, 8.00 වෙසෙසි දෙසුම කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, 10.00 ධර්ම දේශනය හටංගල අමරවංශ හිමි, 11.30 දවල් සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 පිරිත් සජ්ඣායනය සහ තෙරුවන් ගුණ නැමදීම, ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 1.30 ධර්ම සාකච්ඡාව, විජේසිරිවර්ධන මහතා, 3.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 4.00 ධර්ම දේශනය කොහොලංකල කෝවිද හිමි, 7.00 ගිලන්පස මල් පහන් බුද්ධ පූජා, බෝධි වන්දනාව, ලේනබටුවේ මිත්තාලෝක නා හිමි ප්‍රධාන ධර්මායතන මහා සංඝරත්නය. මෙදිනද බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ ටිරානි ඉන්දිකා මහත්මියයි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පසළොස්වක පොහෝ දින පවත්වනු ලබන වැඩසටහන් මෙසේ ය.

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන කැලණියේ ධම්මජෝති හිමි, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව, පස්වරු 1.00 ධර්මදේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව සාරානන්ද හිමි, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය.

 

බක් මස පුර පසළොස්වක පෝය

 අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]