UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක්පුර පසළොස්වක 2013 අප්‍රේල් 25 වන දා

බුදුගුණ මෙනෙහි කරමු

තුරුලිය මලින් මෙන් ම පලයන්ගෙන් ද ගැවසී ගිය නොයෙක් සියොත් කැලගේ මනහර නදින් ද ප්‍රමුදිත වූ බක් මාසය සත් සිත් සනහන සමයකි.

ශාන්තිනායක තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ගුණ වෙසෙසින් ම සිරිලක බොදු දනන්ගේ මනසට සිහි ගන්වන ඓතිහාසික දිනයකි බක්මහේ පුර පසළොස්වක.

එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දානාදී දස පාරමී දම් සපුරා සිදුහත් මහ බෝසත්තුමා ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ ලෝ වැසියන් වෙත මහා කරුණාවෙන් ම ය. මහා ප්‍රඥාවෙන් ම ය.

ලොව දුකෙන් පෙළෙන අනන්ත, අප්‍රමාණ සත්වයනට පිහිටවූයේ ද මහා කරුණාවෙන් ම ය.

අපේ රට දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පවිත්‍ර වූ ඒ අසිරිමත් දින තථාගතයන් වහන්සේගේ අපරිමිත සම්බුදු ගුණ සිහියට නගා ගත හැකි වෙතොත් එය අපගේ ජීවිත සඳහා අප විසින්ම උදාකර ගනු ලබන මහා සැනසිල්ලකි.

ජීවිතයේ ඉඩ ලැබෙන හැම මොහොතක් පාසා තථාගත සම්බුදු ගුණ සිහියට නගා ගනිමු. එවිට සිතට නොයෙක් විට විවිධ අයුරෙන් ගලා එන අවුල් තැවුල් නිවී, සැනසීම උදාවනු ඒකාන්ත ය.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ මා වෙනුවෙන් ම ය. මා කෙරෙහි කරුණාවෙන් ම ය යනුවෙන් මෙනෙහි කරමින් හදවතේ ජීවමාන බුදුරුවක් නිර්මාණය කර ගනිමින් අසිරිමත් සම්බුදු ගුණ අපගේ මනසට ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතු වේ.

මෙවන් ඓතිහාසික දිනයක ඒ අසිරිමත් සම්බුදු ගුණ මෙනෙහි කරමින් ජීවිතයට යම් අධිෂ්ඨානයක් ද ඇති කර ගත යුතු ව ඇත.

මේ බක් මහෙන් පසු උදාවන උත්තරීතර ඓතිහාසික මාසය වෙසක් මාසයයි. වෙසක් සඳ උදාවන විට ලොව පුරා බොදු ජනතාව සැදී පැහැදී සූදානම් වනුයේ ඓහතිහාසික පරම පූජනීය වූ අසිරිමත් සම්බුදු තෙමඟුල සිහි කිරීමට ය.

ආමිස, ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරදුන් පුදන ඒ උතුම් දිනය අනුස්මරණය කිරීමට සූදානම් වෙමු. හෙළ බොදු සංස්කෘතිය ද පෝෂණය කරමින් ඒ උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් මේ මොහොත වන විට ද වෙසෙසින්ම අපේ බොදුනුවෝ විවිධ පින්දහම් නිරතවීමට සූදානම් වී ඇත.

වෙනත් දිනයක පන්සලට යාමට අතපසු වුව ද වෙසක් පෝදා හිමිදිරියේ සුදුවතින් සැරසී පන්සලට ගොස් පෙහෙවස් සමාදන්වීමෙන් සිල්වතකු ලෙස එදින කටයුතු ඇරඹීමට සූදානම් වෙමු.

හැකි තරමින් දන් සිල් භාවනා පින් දහම් වල නිරත වෙමු.අනුන්ගේ දුක දැක ඒ දුක වෙත හදවතින් පිහිට වෙමු.අනුන්ගේ දුක වෙත කරුණාවෙන් පිහිට වෙමු.

අපේ ජීවිතයට යමක් අලුතෙන් එකතු කරගත හැකි දිනයක් බවට එදින පත් කර ගනිමු.

ශක්ති පමණින් අනුනට පිහිට වී නොසිඳෙන නොමැකෙන අනුස්මරණීය දිනයක් බවට පත්කර ගැනීමට කල් ඇතිව සූදානම් වෙමු.

එසේ වුවහොත් අසිරිමත් වෙසක් පෝදා බුද්ධානුස්සතිය වඩා ජීවිත කාලය පුරා ම අනුස්මරණීය ජීවිතයක් ගත කිරීමට සාර්ථක පියවරක් තබා ඇතැයි තමාට තමා ගැනම සිත සිතා සතුටු විය හැකිය.

කුඩා දරුවාගේ පටන් වියපත් තැනැත්තා දක්වා සෑම තරාතිරමකම බොදුනුවා වෙතින් වෙසක් මහ උදාවන විට නන් අයුරෙන් සූදානම් වනුයේ ඒ උත්තරීතර ඓතිහාසික පරම පූජනීය ආගමික දිනය ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දෙමින් අනුස්මරණය කිරීමටය.

එබැවින් එළඹෙන වෙසක් සමයේදී වෙසක් සතිය පුරා අසිරිමත් සම්බුදු තෙමඟුªල අනුස්මරණය කිරීමට සූදානම් වෙමු.

 

බක් මස පුර පසළොස්වක පෝය

 අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]