UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් පොහොයට මෙවරත් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය අනුග්‍රහයෙන් ධර්මදානය පතා බුදුසරණ පිටපත් ලක්‍ෂ තුනක්

වෙසක් පොහොයට මෙවරත් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය අනුග්‍රහයෙන් ධර්මදානය පතා බුදුසරණ පිටපත් ලක්‍ෂ තුනක්


ප්‍රධාන ධර්ම දේශනය පැවැත් වූ නියංගොඩ විජිතසිරි අනු නායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ආර්.පී. බන්දුල තිලකසිරි මහතා පිරිකර පූජා කළ අවස්ථාව

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය රාජ්‍ය වෙසක් උත්සවයේ දී ප්‍රධාන ධර්ම දේශනාවට සවන් දුන් අවස්ථාව

බුදුසරණ පුවත්පත පෙහෙවස් සමාදන් වූ පිරිස වෙත නොමිලයේ ලබා දෙන අවස්ථාවක්

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අනුග්‍රහයෙන් අටවන වරටත් “බුදුසරණ” පුවත්පතේ පිටපත් ලක්‍ෂ 03ක් එළඹෙන වෙසක් පුන් පොහෝ දිනයේ දී සහ රාජ්‍ය වෙසක් උත්සවයේ දී නොමිලයේ බෙදා හැරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇත.

සීලයෙන් සුවඳවත් වූ ප්‍රඥාවෙන් ඔපවත් වූ සාරධර්ම සපිරි සමාජයක් ගොඩනැඟීමේ උදාර කර්තව්‍යයට උරදෙමින් පළමුව පුද්ගලයා සංවර්ධනය කර එමඟින් පවුල සංවර්ධනය කරා ගම ගොඩනඟා රට ගොඩ නැංවීමේ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම නම් වූ උදාර සංකල්පය සාක්‍ෂාත් කරනු පිණිස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

මෙවර වෙසක් උත්සවය අළලා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් රාශියක් වේ.මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුදගනාව රජමහා විහාරස්ථානයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 25 වන සෙනසුරාදා දින පස්වරු 2.00 සිට 4.00 දක්වා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතය. එම අවස්ථාවට සහභාගීවන්නන් සඳහා ‘බුදුසරණ’ පුවත්පතේ පිටපත් 5000ක් ද නොමිලයේ බෙදා හැරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත.

ඊට අමතරව වෙසක් පුන් පොහෝ දිනය යෙදෙන මැයි මස 24 වන සිකුරාදා දිනයේ දී සෑම සමෘද්ධි කලාපයකට එක් විහාරස්ථානයක් මූලික කරගෙන ‘සුමධුර ධර්ම දේශනා දහසක්’ පැවැත්වීමට ද නියමිතය. ධර්ම දේශනා පවත්වන ගෞරවනීය ස්වාමීන්වහන්සේලා වෙත පිරිකර පූජාව සමෘද්ධි බැංකු සංගම් 1072ක කාර්යය මණ්ඩලය විසිනි.

වෙසක් පුන් පොහෝ දිනයේ සිල් සමාදන්වන සියලුම උවසු උවැසියන් සඳහා ‘බුදුසරණ’ පුවත්පතේ පිටපත් ලක්‍ෂ 03ක් නොමිලයේ බෙදාහැරීම සඳහා ද දායකත්වය සපයනුයේ ද සමෘද්ධි බැංකු සංගම් මගිනි. එදිනම සවස සමෘද්ධි ළමා සමාජ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ‘වෙසක් පහන් කූඩු තරග‘ පවත්වා ත්‍යාග ප්‍රදානය කිරීමට ද නියමිතය. මෙම කර්තව්‍යයට උරදෙනුයේ සමෘද්ධි ළමා ඉතුරුම් ගිණුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ද ඇතිවය.

රාජ්‍ය වෙසක් උත්සවයේ දී පැවැත්වෙන ප්‍රධාන ධර්ම දේශනය ජාතික රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කිරීම සඳහා පූර්ණ දායකත්වය සැපයීම හා ධර්මදේශනය පවත්වන ගරු ස්වාමීන් වහන්සේට පිරිකර පූජාවද සුපුරුදු පරිදි සමෘද්ධි බැංකු සංගම්වල දායකත්වයෙන් සිදු කෙරෙනු ඇත.

2006 වසරේ ‘බුදුසරණ’ පුවත්පතේ පිටපත් ලක්‍ෂ 02ක් ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීමෙන් ආරම්භ කළ මෙම උදාර වැඩසටහන තුළින් 2007 වර්ෂයේ දී පුවත්පතේ පිටපත් ලක්‍ෂ 03ක් 2008 දී ලක්‍ෂ 03ක්, 2009 දී ලක්‍ෂ 03ක්, 2010 දී ලක්‍ෂ 3 ක්, 2011 දී ලක්‍ෂ 03ක්, හා 2012 දී ලක්‍ෂ 03ක් ලෙස නොමිලයේ පුවත්පත් බෙදාහැර ඇත. 2013 වසරේ දී ද පිටපත් ලක්‍ෂ 03ක් බෙදාහැරීමට ද දායක වී ඇත.

‘බුදුසරණ’ පුවත්පත සමඟ නොමිලයේ සපයන වර්ණ තිළිණය සඳහා බැතිබර දායකත්වය සපයන්නේ ද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මඟිනි. මෙම උතුම් සද්කාර්යය ක්‍රියාත්මක කරමින් මහින්ද චින්තන ඉදිරි දැක්ම ක්‍රියාත්මක කරවන අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජයටත් සියලු රටවාසීන්ටත් සුවසෙත ප්‍රාර්ථනා කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.

 

 

බක් මස පුර පසළොස්වක පෝය

 අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]