UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහළොස් වසරක් සපිරෙන මැදවල පල්කුඹුර රජ මහා විහාරස්ථ ශ්‍රී සෝමරතන දහම් පාසල

පහළොස් වසරක් සපිරෙන මැදවල පල්කුඹුර රජ මහා විහාරස්ථ ශ්‍රී සෝමරතන දහම් පාසල


ආචාර්ය මණ්ඩලය සමඟ ප්‍රධානාචාර්ය විහාරාධිපති අධිකරණ සංඝනායක පොරමඩුල්ලේ රතනජෝති නාහිමි (දකුණේ) ආචාර්ය මණ්ඩලයේ පොරමඩුල්ලේ රතනපාල හිමි (වමේ) වැඩ සිටිති


පොරමඩුල්ලේ රතනපාල හිමි සමඟ දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් කොටසක්

හාරිස්පත්තුව ශාසනික අතින් වැදගත් වන්නේ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආසිරි ලබන බෞද්ධයන්ගේ මාර්ගදේශකත්වයෙන් දහම් පාසල් සියයකට ආසන්න සංඛ්‍යාවකින් යුත් ප්‍රදේශයක් බැවිනි. මෙයින් හාරිස්පත්තුව මැදවල පල්කුඹූර රජමහා විහාරයීය ශ්‍රී සෝමරතන දහම් පාසල ආරම්භකර පසළොස් වසරක් වැනි කෙටිකලයක් තුළ නිසි දහම් මඟ ගමන් කර තිබීම ප්‍රදේශයේ සමස්තයක් වශයෙන් සැළකිලිමත්විමේදී උසස් ධර්ම ජයග්‍රහණයකි.

අපවත් වී වදාළ සෝමරතන ලොකු හාමුදුරුවෝ සිහිපත් කරමින් සිය ගුරුදේවයන්ගේ නාමයෙන් සිය ශිෂ්‍ය වත්මන් විහාරාධිපති හාරිස්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක කර්මාචාර්ය පොරමඩුල්ලේ ධර්මකීර්ති ශ්‍රී‍්‍ර සෝමරතන රතනජෝත්‍යාභිධාන නාහිමි විසින් 1997 පෙබරවාරි 01 දින ශිෂ්‍යයන් දෙසිය දෙනෙකුගෙන් හා ධර්මාචාර්යවරුන් දහදෙනෙකුගෙන් යුක්තව ආරම්භ කළ ශ්‍රී සෝමරතන දහම් පාසලේ වත්මන් ප්‍රධානාචාර්ය ලෙස ධර්ම සේවය ඉටුකරනු ලබන්නේ රතනජෝති නාහිමියෝය.

පොරමඩුල්ලේ රතනපාල වැල්ලගිරියේ විමලජෝති හිමිවරු ඇතුළු ආචාර්ය මණ්ඩලය දහදෙනෙකුගෙන් යුක්ත වෙති.

ධර්මවිනය ශිෂ්‍ය සමිතිය අනුපමා සෙව්වන්දි තිළිණ නුවන් කරුණාරත්න ශිෂ්‍ය නායිකාව, නායක ලෙස සිසු ක්‍රියාකාරකම් බාරව සිටිති. වෙසක් පොසොන් භක්ති ගීත වැඩසටහන් දාන ශීල සමාදන් වැඩසටහන් වාර්ෂිකව පවත්වාගෙන සෝමරතන දහම් පාසල වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මැයි මස 12 වෙනිදා පැවැත්වීමට විධි විධාන යොදා ඇත.සෝමරතන දහම් පාසල මේ රටට හිතැති දැහැමි සමාජයක් බිහි කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

 

 

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09 අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]