UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අමාවක 2013 අප්‍රේල් 09 වන දා

සුබ අලුත් අවුරුද්දක් වේවා!

බක් මහේ උදාවත් සමඟ සිංහල අවුරුදු උදාව, උදාර සංස්කෘතිකාංග රැසක් මනසට නන්වන දෙනෙතට පෙන්වන වාසනාවන්ත සමයකි.

දොළොස් මහක් ගෙවී අලුත් දොළොස් මහකට පියවර තැබීමට සූදානම් වන මොහොතේ සිය යුතුකම් හා වගකීම් මැනවින් ඉටු කිරීමට සූදානම් වන අවස්ථාවයි.

මව්පිය දූ, දරු, වැඩිහිටි පවුලේ සියලු දෙනා ඒකරාශී වී පවුලක සතුට, සමගිය, වර්ධනය සිතන පතන මොහොතයි.

වසරේ අන් කවරදාකවත් සිය වැඩිහිටියන් පිදුමට වාසනාව උදාකර නොගන්නා අයෙක් පවා බුලත් හුරුල්ලක් සමඟ තෑගි බෝග ද වැඩිහිටියන් වෙත පුදා ගුණවතකුවීමට උත්සාහ ගන්නා අවස්ථාව නම් මේ අලුත් අවුරුදු උදාවයි.

බක් මහේ උදාවත් සමග ගේ, දොර පවිත්‍ර කිරීම, අතු පැලෙහි සිට මහ මන්දිරය දක්වා සිදු කැරෙන චාරිත්‍රයකි. අතු පැලෙහි පවා අලුතෙන් ගොම මැටි ගා ගෙදර දොර නැවුම් බවක් ඇති කරවයි.

සොබා දහම පවා ඒ අසිරිමත් නැවුම් බව ගතට සිතට දනවන බක් මහේ අලුත් අවුරුදු උදාව නිසාම යම් අතපසුවීමකින් හෝ පවුලේ ඤාතීන් අතර යම් අසතුටක් එතෙක් පැවතියේ ද අලුත් අවුරුදු උදාවත් සමග නෑ ගම් යාමෙන් ඒ සියලු අසමඟිකම මග හැරී සමඟිය සහජීවනය උදා කරවයි.

පරණ අවුරුද්ද ගෙවීයත් ම අලුත් අවුරුද්ද උදාවන අසිරිමත් අවස්ථාවට මුලින් ම පා තබනුයේ පුණ්‍යකාලයේ දී ගමේ පන්සලට ගොස් තෙරුවන් නැමදීමෙනි.

ගෙවී ගිය පරණ වසරේදී සිය ජීවිතය දෙස නැවතත් හැරී බලා තමාගෙන් මව්පිය, වැඩිහිටි ආදීන් වෙත කෙතෙක් දුරට යුතුකම් හා වගකීම් ඉටු කළේදැ’යි මොහොතක් මෙනෙහි කර ඒ පිළිබඳ සැනසිය හැකිවේ ද?

එසේ නොවන්නේ, නම් තවමත් පමා නොවේ. උදාවන අලුත් අවුරුද්දේ දී හෝ යුතුකම් සමුදාය නොපිරිහෙලා ඉටු කිරීමට යහපත් අධිෂ්ඨානයක් සිත් තුළ ඇති කරගත හැකි වේ.

ජීවිතය ගෙවනවාද? ගෙවී යනවාදැ’යි සිතා කල්පනාකාරීව ජීවිතය ගෙවිය යුතු වේ.

වසරේ වෙනත් දිනක දී වියපත් මව්පිය දෙපළට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමේ අතපසු කළ දරුවෙක් වෙතොත් අලුත් අවුරුදු උදාවේදී මව්පියන්ගේ දෙපා වැඳ සමාව අයැද බත් පිඬක්වත් ඔවුන් වෙත කවා පොවා සංග්‍රහ කළ හැකි නම් උදාවන අලුත් අවුරුද්දම අලුත් දවසකට සාර්ථක පියවරක් තැබුවා සේ සලකා සතුටු විය නොහැකි ද?

වසරකට වරක් තම වියපත් මව්පිය දෙපළට සංග්‍රහ කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.

මේ අලුත් අවුරුද්දේ නව සිතුම් පැතුම් හැකිතාක් ගුණ දහමට යොමු කළ යුතුවන්නේ අපේ චාරිත්‍ර අප අද නිසි අයුරෙන් ඉටු කළහොත් පමණක් අපේ උදාර සංස්කෘතිය නිරුපද්‍රිතව පවතින බැවිනි.

මිනිස්කම මෙන්ම බෞද්ධකමද සුරැකීමට නම් අප සංස්කෘතියට අදාළ චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමෙන් හෙළ සංස්කෘතිය පෝෂණය වීමෙහිලා සැපයිය හැකි දායකත්වය සුළු පටු නොවේ.

අපට ම ආවේණිකවූ අපේ ම සිරිත් විරිත් අප විසින් ම අනුගමනය කරමින් ආරක්‍ෂා කළ යුතු වේ.

බොදුනුවා මව්පිය දෙපළට මෙන් ම වැඩිහිටි ඤාතීන් වෙත ද කවදත් ගෞරව දක්වන, පූජා සත්කාර කරනු ලබන ආදර්ශවත් පිරිසක් වේ.

මව්පියවරුන්ගේ අගය, බොහෝ දරුවන් දන්නා අතර ඇතැම්විට කලාතුරකින් හෝ දරුවෙකුට දැනෙනුයේ තමා ද එවන් මව්පිය පදවියක් ලැබීමෙන් අනතුරුවය. එසේ නැතහොත් තම මව් පිය දෙපළ ජීවිතයෙන් සමුගත් දාට ය.

එබැවින් බොදුනුවා යනු නිරන්තරයෙන් ම මව්පිය වැඩිහිටියන් වෙත සංග්‍රහ කරන, ගෞරව කරන, වඳින පුදන අයෙක් වේ. ඒ නිසාම බොදුනුවාට යුතුකම් හා වගකීම් පිළිබඳ කිසිවෙකු හෝ සිහිපත් කරවිය යුතු නොවේ.

සැබවින්ම අලුත් අවුරුදු උදාවේදී පමණක් නොව ජීවිතය පවතිනතාක් දරුවන්, මව්පියන්, සතුටෙන්, සමඟියෙන් දිවි ගෙවිය යුතුම ය.

සැම හට අතමිට සරු වී යුතුකම් ඉටු කොට සතුටෙන්, සමඟියෙන්, සහජීවනයෙන් කාලය ගත කරන්නට තෙරුවනෙහි අපමණ ගුණ බලයෙන් සුබ අලුත් අවුරුද්දක් උදාවේවා! හැම සිතකම පින් සිතිවිලි පහළ වේවා!

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09 අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]