UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී සුධර්මා දහම් පාසල

ශ්‍රී සුධර්මා දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමි සමඟ උපහාර ලැබූ ආචාර්ය මණ්ඩලය

තථාගත බුදුපියාණන් වහන්සේ පාද ස්පර්ශයෙන් අති පවිත්‍රයට පත් ලක්දිව මිහිදු මහා හිමියන් වැඩම කිරීමෙන් පසු ශ්‍රී‍්‍ර සද්ධර්මය පැතිරෙන්නට විය.ධර්මාශෝක මහ රජු ගේ උසස් ධර්මදූත මෙහෙවරේ ප්‍රතිඵලයක් වශයෙන් මිහිඳු හිමියන් ප්‍රධාන රාජකීය පිරිස විසින් පිහිටුවන ලද සම්බුද්ධ ශාසනය කුඩා පැල්පත සිට සුවිසල් මන්දිරය දක්වා පැතිර යන ලදී. ආගමික අධ්‍යාපනික ක්‍රම ද බුදු දහම අනුව හැඩ ගැසුණි. ඒ අනුව පන්සල පිරිවෙන ආදිය ආගමික අධ්‍යාපනය බෙදා හරින ආයතන වූහ.

1963 ජනවාරි 23 දින ශ්‍රී සුන්දරාරාම විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි ශාසනතිලක බඹරගම රතනජෝති ස්වාමීන් වහන්සේ දරුදැරියන් 80 ක ගෙන් ආරම්භ කර නාවලපිටිය ශ්‍රී සුධර්මා දහම් පාසල පළමු අත්පොත තැබුවේ දෙරුවාදෙනියේ ධම්මදස්සි හිමියන් විසිනි.රජයේ ලියාපදිංචි කළේ අංක 5992 යටතේ ය. එහෙත් දහම් පාසලේ දියුණුවට බාධාවක්ව පැවතුණේ ගුරුවරුන් නොමැති වීමයි. නමුත් අභියෝග කරා ගෙන 1966 වන විට දරුදැරියන් 150 ක් දක්වා වැඩි කරගෙන දියුණුව ජය ගෙන යන ලදී. 2006 වන තෙක් මෙම දහම් පාසල විවිධ බාධක මධ්‍යයේ පෙරට ගෙන එන ලදී. 2006 වසරේ සිට ශ්‍රී සුධර්මා දහම් පාසල නව මගකට ගෙන යන වස් විධිමත් ක්‍රියා මාර්ග රැසක් ගන්නා ලදී. ඒ සඳහා දහම් පාසලට දරු දැරියන් බඳවා ගැනීමේදී අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී. පළමුවන ශ්‍රේණියේ සිට පහ වසර දක්වා වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව ක්‍රමය යටතේ ලියාපදිංචි කරන ලදී. 2006 වසරේ ශ්‍රී සම්බුද්ධ ජයන්තියට සමගාමීව වැඩසටහන් රාශියක් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු විය. ඒ අතුරින් ප්‍රදේශය පුරා විහාරස්ථානවල සහභාගිත්වයෙන් පැවැත්වු භක්ති ගීත සංදර්ශනයේදී අප ඉදිරිපත් කර සංදර්ශනය විශේෂ තැනක් ගන්නා ලදී. පොසොන් පෝය දින මිහිඳු පෙරහර විශේෂ තැනක් ගන්නා ලදී.


සම්මාන පුදකරන අයුරු

එමෙන්ම අප ගමට අවශ්‍යව තිබූ පුස්තකාලය අප දහම් පාසලට ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ප්‍රදේශ වාසීන්ගේ දායකත්වයෙන් ලබාදෙන ලදී.


ශිෂ්‍ය නායක නායිකා ලාංඡන පළඳවන අයුරු

සුවිනීත ධර්මකාමී බාල පරපුරක් දායක කිරීමේ පරමාධ්‍යාශයෙන් කරුණා මෛත්‍රියෙන් යුක්තව සති පතා පැමිණ ධර්මය ඉගැන්වීමෙන් අපගේ ආචාර්ය මණ්ඩලය කරන මහගු කැප කිරීම ඇගයිය යුතුය. අද වන විට දරුදැරියන් 250ක් ඉගෙනුම ලැබුවත් භෞතික සම්පත් හිඟය දැඩි ලෙස පවතී. ඒ අතුරින් ගොඩනැගිලි ඩෙස්පුටු නොමැතිව වසර 50 ක් ආ ගමන් මග ඉතා කටුකයි. නමුත් දරුදැරියන් ලබන අධ්‍යාපනයෙන් හා ජයග්‍රහණවලින් අප එම කටුක බව නැති කර ගන්නවා.

වසර 50 ක් පිරීම නිමිත්තෙන් වසර 10 ට වැඩි සේවය කළ ගුරුභවතුන්ට සම්මාන උපහාර පිදීම 2013 ශිෂ්‍ය නායක නායිකා ලාංඡන පැළදවීම 2013 වර්ෂයේ පංති නායක නායිකා ලාංඡන පැළඳවීම 2011 –2012 වසරවලදී තරගවලින් ජය ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතික ලබා දීම විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.


දහම් පාසල දරු දැරියන් ගීතයක් ගායනා කරන අයුරු

 

 

 

 

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09 අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]