UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක 2013 අප්‍රේල් 03 වන දා

අවබෝධයෙන් සිටිමු

දිගාමඩුල්ලේ ඓතිහාසික බෞද්ධ හා ජාතික උරුමය යළි ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු තිස් එක් නමක් හිමිවරුන් රුදුරු කොටි ත්‍රස්තවාදීන් විසින් අරන්තලාවේ දී ඝාතනය කළහ. ඒ 1987 ජූනි මස 02 වන දා ය.

පුරා වසර තිහක් තිස්සේ රට ම පීඩාවට පත් කළ ත්‍රස්තවාදය නිසා සෑම ජාතියකටම, ආගමකටම විනාශයක් මිස යහපතක් සිදු නොවුණු බවත්, අරන්තලාවේ භික්‍ෂු ඝාතනය මෑත ඉතිහාසයේ සිදු වුණු විශාලතම ආගමික ඛේදවාචකය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළ බව ඉකුත් දා (26) “දිනමිණ” වාර්තා කර තිබිණි.

ජනාධිපතිතුමන් එසේ ප්‍රකාශ කළේ අරන්තලාව ඉන්ද්‍රසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රුදුරු කොටි ත්‍රස්තවාදීන් විසින් හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු හිමිවරුන් තිස් එක් නමක් ඝාතනය කළ අරන්තලාවේ එම පුදබිම ඉදිකර තිබේ.

එම ස්මාරකය ගොඩනැඟුවේ ජාතියකට වෛර කරන්නට හෝ ගරහන්නට නොව අප රටේ භික්‍ෂු පරපුර බෞද්ධාගම සහ ජාතිය රැක ගැනීමට කළ කැපවීම අනාගත පරපුරට ඉගෙන ගැනීම උදෙසා බව ජනාධිපතිතුමා එම උත්සවයේ දී පැවැසීය.

මේ රටේ සාමය සහ, සමාදානය ඇති කරන්නට නම් අධ්‍යාපනයෙන් පරිපූර්ණ පුද්ගලයන් බිහිකළ යුතු බව පැවසූ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය යළිත් මෙරට ඇති නොවීමට නම් යහපත් දරු පරපුරක් බිහිකොට රට සංවර්ධනය කර ඉදිරියට යායුතු බවත් අවධාරණය කළ බව ද වාර්තා විය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මඟින් පුරා වසර තිහක පමණ කාලයක් රටට කළ විපත, හානිය ගණනකින් සීමා කළ නොහැකි තරම් මහ විපතක් ම සිදු කළ බව සමස්ත රටම දන්නා කරුණකි. ලොවම දන්නා කරුණකි.

වත්මන් ජනාධිපතිතුමන්ගේ දූරදර්ශී නුවණ මෙහෙයවීම නිසා ම එම ත්‍රස්ත උවදුරෙන් රටත්, ජනතාවත් මෙයට වසර කීපයකට පෙර මුදා ගත්හ.

එසේ ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට සෑම අංශයකින්ම ඉදිරියට ගෙන යාමට ද අභීතව ක්‍රියා කිරීම ද පැසසිය යුතු ය.

රටේ සමගියත්, අභිවෘද්ධියත් පිළිබඳ ඉවසුම් නොදෙන දෙස් විදෙස් බලවේග විවිධ පටු අරමුණු මුදුන්පත් කරගැනීමට විවිධ උත්සාහයන් දරන බව පෙනේ. තමිල්නාඩුවේ දී ශ්‍රී ලාංකිකයන්ට හිතා මතා සිදු කෙරෙන පහරදීම් ද එවන් පටු අරමුණු වෙනුවෙන් අන්තවාදීන්ගෙන් සිදුවන අකටයුතු ය. සාමය සමඟිය සමාදානය අගයන මෙරට බහුතර බෞද්ධ, ජනතාව සමඟ අන්‍ය ආගමික, ජාතික ජනතාව සුහදත්වයෙන් කටයුතු කරති. එය රටේත්, ජනතාවගෙත් වාසනාවක් ලෙස කල්පනා කළ යුතුව ඇත.

රට ට බාහිර, අභ්‍යන්තර කවර උපද්‍රවයක් පැමිණි විට වුවද, ඊට මහ සඟරුවන ද ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රට එම උරුමය රැක ගනිමින් අනාගතයට ද අපේ මහ සඟරුවන ඒ ආදර්ශය ලබා දෙන බව ද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

රට අපකීර්තියට පත් කරවීමට උත්සුක වන විදෙස් බලවේග කලක පටන් අපේක්‍ෂා කළ බලාපොරොත්තු අපේක්‍ෂා භංගත්වයට පත් වූයේ තිස් වසරක ත්‍රස්තවාදය මෙ රටෙන් තුරන් කිරීම නිසා ය. ත්‍රස්තවාදයට පණ පොවමින් ඔවුන්ට ඉටු කර ගත නොහැකි වූ දේ ගැන සිතා ඇතැම්විට වෛරයෙන් පසුවනවා විය හැකි නොවේද?

ජාතිවාදී පටු අරමුණු ඉටු කර ගැනීමට වෙර දරමින් ඊට සහාය දෙන ඇතැම් විදේශීයයන් අපේ රටේ දිගුකාලීනව පවතින සාමය ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට බාධාවක් වන හෙයින් මොවුන් විවිධ උපායමාර්ග යොදමින් එය විනාශ කිරීමට දරන උත්සාහයන් පිළිබඳ සියලු දෙනා දැඩි අවබෝධයෙන් හා අවධානයෙන් පසුවිය යුතු ය. එය රටේත්, ජනතාවගේත් අනාගත සුබ සිද්ධිය සඳහාම හේතුවිය හැකි බැවිනි.

 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]