UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 පෝදා පින්කම්

අනුරාධපුර ජයසිරි මහ බෝධිය

මහාවිහාර පුන් පොහොය වැඩසටහන මෙසේ ය. මැදින් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

මැදින් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය මත පැවැත්වේ. මෙම මැදින් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

27 වැනිදා, පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6. 00 – 6. 30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, ශ්‍රී ජයශේඛරාරාමාධිකාරී රජවත්තේ වප්ප හිමි, 7. 00- 7. 30 ට සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8. 00 – 9. 00 භාවනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති, රජවත්තේ වප්ප හිමි, 9. 15 – 10. 15 ට ධර්ම දේශනය, ජයශේඛරාරාමවාසී ගැට්ටුවානේ සුමේධ හිමි, 10. 30 – 11. 00 දක්වා සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 12. 15 – 12. 30 ට බුද්ධානුස්සති භාවනාව - විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය. පස්වරු 2.1 5 – 3. 15 ට ධර්ම දේශනය, ජයශේඛරාරාම වාසි, කෙසෙල්පොත සුමනවංශ හිමි, 3. 30 – 4.30 ට භාවනාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 4. 30 – 5. 30 ධර්ම දේශනය, 6. 00 ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි, 6. 45 – 7. 45 දක්වා සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 8.00 – 9.00 ට රාත්‍රි ධර්ම දේශනය (පටිගත කරන ලද )


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ දී මැදින් පුන්පෝදා පෙරවරු 6.00 සිට පසුවදා අළුයම 6.00 දක්වා දාන, සීල, භාවනා, ධර්‍මදේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ‘වීතදොශී’ සංවිධානය කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන් සඳහා දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, වේවැල්දූවේ ධම්මකිත්ති, අම්බලන්ගොඩ සුමනන්ද. හුණුවල පියදස්සි, හසලක අමිතසිරි යන හිමිවරුන් හා ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාවද වැඩමවනු ලැබේ. ගිහි දේශනය පර්සි විජේරත්න මහතා විසිනි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

පෝ දින වැඩසටහන් විස්තර මෙසේ ය.

පෙරවරු 6.30 සිට 7.30 දක්වා උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම සහ මෛත්‍රී භාවනාව සිදු කිරීම ධර්මයතාධිපති හිමි, පෙරවරු 8.00 සිට 9.00 දක්වා භාවනා වැඩසටහන හිල්මල්ගොඩ සද්දාවිහාර හිමි, 9.00 සිට 10.00 දක්වා ජනාධිපති මැදුරේ සිට විකාශනය වන ධර්ම දේශනය, 10.00 සිට 10.45 දක්වා වදුරඹ ඤාණාලෝක හිමි, 10.45 සිට 12.00 දක්වා දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 3.15 සිට 4.00 මහ පිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව 4.00 සිට 5.00 දක්වා ධර්ම දේශනාව මාගල්කන්දේ සුදන්ත හිමි, 5.00 සිල් පවාරණය, දම්පහළ ඤාණසුධීර හිමි, 6.30 අෂ්ඨපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම, ධර්මායතනාධිපති නා හිමි.

මෙයට සමගාමීව පෙරවරු. 8.00 බුදුසරණ පත්‍ර බෙදා දීම නිලන්ත පෙරේරා මැතිතුමා සහ මල්කාන්ති මහත්මිය, මහේෂ් පෙරේරා, ටානියා පෙරේරා ප්‍රධාන පවුලේ සැම.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෝදින වැඩසටහන් මෙසේ ය.

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ගේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරිසාරානන්ද හිමි, පස්වරු 1.00 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි,


කළුතර බෝධිය

පෝ දින ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම ගැටඅරළුවේ විපුලධම්ම හිමි, 8.00 – 11.15 ධර්ම දේශනය ගම්පහ සිරි සීවලි හිමි, ප.ව. 1.00 – 3.00 ධර්ම දේශනය පුලියද්දේ සුධම්ම හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ශ්‍රී ධර්මරක්‍ෂිත වංශාලංකාර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වජිරාරාමාධිපති ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනා හිමි, 5.15 – 7.30 ධර්ම දේශනය යාගොඩ සද්ධාලෝක හිමි.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී පුන් පෝදා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් චෛත්‍යයට පැලඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්මදේශනාව කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී කොබවක දම්මින්ද හිමියන් විසින් අටවිසි බෝ මළුවේ දී පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැනින් නෑවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සිදුකෙරේ. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල්පහන් ගිලන්පස පූජා කර බෝධි පූජාව පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

මැඳින් පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේය

පෙරවරු 6. 00 – 7. 00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව කඩවත සමින්ද හිමි, 8. 00 – 9. 00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10. 00 ධර්ම දේශනාව, 10. 00 – 11. 15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12. 30 – 1. 00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1. 00 – 2. 00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3. 00 ගිහි දේශනය – කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා, 3. 00 – 4. 00 ධර්ම දේශනාව පිටිගල ගුණරතන හිමි, 4. 15 – 5. 00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි 5. 00 – 6. 00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි 6. 00 – 6. 30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, විනයාචාර්ය රන්වල ඥානාවාස හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී උලහිටියාවේ විභාවි හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව බංගලිදේශයේ සද්ධානන්ද හිමි, බලංගොඩ බෝධිධම්ම හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සංඝරක්‍ඛිත හිමි, බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කරපුටුගල රේවත හිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහ නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණගම මුදිත නාහිමි, 5.00 – 6.00 ධම්ම පදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

පෝ දින වැඩසටහන් විස්තරය මෙසේය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින අලුයම 5. 30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූ මහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6. 00 සිට පස්වරු 6. 00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 සිට පෙරවරු 09. 45 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද, පෙරවරු 10. 00 සිට 11. 00 දක්වා මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව ද පෙරවරු 11. 00 දහවල් බුද්ධ පූජාව පස්වරු 12. 30 සිට 1. 00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද 1. 00 සිට 2. 00 දක්වා පොල්ගස්ඕවිට දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී දාස්වත්තේ සුමනසීල හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව ද 2. 30 සිට 5. 00 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව ද, අනතුරුව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6. 00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූ මහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබයි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෝ දින වැඩසටහන් විස්තරය මෙසේය

පෙරවරු 6. 00 - සීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8. 00 - වෙසෙසි දෙසුම දර්ශනපති ආනන්ද සිල්වා මහතා, 10. 00 – ධර්ම දේශනය ශ්‍රී බෝධි පිරිවෙන් ආචාර්ය කොහුලියද්දේ දේවානන්ද හිමි, 11. 00 – දහවල සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12. 45 - තෙරුවන් ගුණ හා පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමඟ සිල් පිරිස, 3. 00 – ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 4. 00 – ධර්ම දේශනය කොහොලකෙල කෝවිද හිමි, රාත්‍රී‍්‍ර 7. 00 – රාත්‍රී‍්‍ර විශේෂ ගිලන්පස මල් පහන් පූජාව සහ බුද්ධ - බෝධි වන්දනාව මෙහෙයවීම - සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමියන් ප්‍රධාන ධර්මායතනවාසී මහා සංඝරත්නය

මෙදින ද බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදා දීමෙන් දායකත්වය දරනු ලබන්නේ ගුණසීලි වානගුරු මහත්මිය විසිනි.


මහනුවර තරුණ බෞද්ධ සංගමය

පෝ දින වැඩසටහන් විස්තරය මෙසේය.

පෙරවරු 06. 45 – 07. 30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව - මහනුවර, අස්ගිරි මහා විහාරිය හිමි, 8. 30 – 09. 30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව - පල්ලේකැලේ භාවනා අසපුවාසී හිමි, 09. 30 – 10. 45 භාවනාව හා සාකච්ඡාව - පල්ලේකැලේ භාවනා අසපුවාසී හිමිනමක් ද , 10. 45 – 11. 15 දහවල් බුද්ධ පූජාව - මහනුවර අස්ගිරි මහා විහාරිය හිමිනමක් ද, පස්වරු 12. 30 – 01. 30 ධර්මානුශාසනාව - පේරාදෙනිය විශ්වවිද්‍යාල විහාරවාසී, නාපාන ධම්මානන්ද හිමියන් ද, 01. 30 – 02. 45 ධර්මානුශාසනාව හා සාකච්ඡාව - පණ්ඩිත සාලියපුර විපස්සී හිමියන් ද 03. 15 – 04. 15 භාවනාව හා සාකච්ඡාව හා සිල් පවාරණය – කඩුගන්නාව භාවනා මධ්‍යස්ථානයේ බලංගොඩ සුමංගල හිමියන් ද මෙහෙයවති.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෝ දින වැඩසටහන් විස්තරය මෙසේය.

පෙරවරු 6. 00 – 7. 00 - සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7. 00 – 7. 30 - තෙරුවන් වන්දනාව, 8. 30 – 9. 30 – භාවනාව කම්මට්ඨානාචාර්ය දියසෙන්පුර විමල මාහිමි, 9. 45 – 10. 45 – ධර්ම දේශනාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 12. 30 – 1. 00 - සූත්‍ර සජ්ඣායනව පණ්ඩිත අළුත්වල ධම්මසති හිමි, 1. 00 – 2. 00 – ධර්මදේශනය ශාස්ත්‍රපති වතවන සිරිසුමන නාහිමි, 2. 00 – 3. 00 – ධර්ම සාකච්ඡාව ෂේන් බ්ලොක් මයා, 4. 00 – 5. 00 – ධර්ම දේශනය නිග්ගහ ඤාණින්ද හිමි, 5. 00 – 6. 00 – ධර්ම දේශනය ශාස්ත්‍රපති මඩිහේ සුගතසිරි මාහිමි

ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් රචිත, ප්‍රඥා, ප්‍රභා සංවිධානය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන මාසික ධර්ම ග්‍රන්ථය, මෙදින උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.


බම්බලපිටිය වජිරාරාමයේ පින්කම්

පෙරවරු 6. 00 – 07. 15 - සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව සිරිවජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමි, 8. 00 – 09. 00 – ධර්මානුශාසනාව - රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඥානවීර හිමි, 09. 00 – 10. 00 – ධර්මසාකච්ඡාව වෙරළුගොල්ලේ උදයානන්ද හිමි, 10. 00 – 11. 00 – භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදිත හිමි, 11. 00 – 11. 15 – බුද්ධ පූජාව පැරකුම් පුර විශාරද හිමි, පස්වරු 12. 30 – 01. 30 - සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනාව සිරිවජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, 01. 30 – 02. 30 – ධම්මපදය පිටිපන සාසන රතන හිමි, 03. 00 – 04. 00 – ධර්මානුශාසනාව - දියතලාවේ පියදස්සි හිමි, 04. 00 – 05. 00 – ගිහි දේශනාව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා, 05. 00 – 06. 00 – ධර්මදේශනය වේරදූවේ මහින්ද හිමි, 06. 00 – 06. 30 – අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරිවජිරාරාම ස්වාමීන් වහන්සේලා


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

පෙරවරු 6.00 සිට 7.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි, 8.00 – 9.00 ධර්මදේශනාව වේරදූවේ මහින්ද හිමි, 9.00 – 10.00 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්මානුශාසනාව 10.00 – 11.00 මහාචාර්ය ගුණසේන දේශපි‍්‍රය මහතා, පස්වරු 12.00 – 1.00 පිරිත් දේශනාව 1.00 – 2.30 භාවනාව -ශාන්ත ජෝතිවංශ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව පිටිපන සාසනරතන හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව රත්කරව්වේ පේමානන්ද නාහිමි, 5.30 – 6.00 ගිලන්පස බුද්ධ පූජාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]