UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරු දිරි සහන පදනම

දරු දිරි සහන පදනම

කොළඹ 07, ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමියන් විසින් තම ගුරු දෙවෝත්තම අස්ගිරි විහාරපාර්ශවයේ මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහනාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාද ඇතිව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ද සක්‍රිය සහභාගිත්වය ඇතිව පසුගියදා ‘දරු දිරි සහන පදනම’ නමින් සමාජ සත්කාරක පදනමක් පිහිට වූහ.

ආර්ථික හැකියාව නොමැති දුෂ්කරතා මැද දිවිගෙවන පවුල්වල දරුවන් තිදෙනෙකුට වඩා වැඩියෙන් ප්‍රසුත කළ සහ කරන මව්වරුන්ට මාසිකව රුපියල් පන්දහසක දිරි දීමනාවක් පිරිනැමීම හා එක් පවුලකට කිරි ගවයෙකු බැගින් ලබාදීම මෙම දරු දිරි සහන පදනම මගින් සිදු කෙරෙන අතර 2013 වසරේ පෙබරවාරි මස 3 වන දින වැලිවේරිය නාරන්වල ගුණරත්න සම්බෝධි සෙවණේ දී පවුල් 07ට ද, පෙබරවාරි මස 10 වන දින අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ රත්මල් ගහවැව ආලෝක පබ්බතාරාමයේ දී පවුල් 25 ට ද මෙලෙස පරිත්‍යාග කළ අතර මාර්තු මස 17 වන දින මහනුවර සෙන්කඩගල ඓතිහාසික සිරි දළදා මැදුරේ වැඩසිටින දළදා වහන්සේගේ ආරක්‍ෂාවට ලක්වැසි සැදැහැති පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් සදා නිමකළ රිදී දොර දෙකෙන් එකක් දළදා වහන්සේට පූජා කිරීමේ මහඟු පින්කම පැවැත්වෙන අවස්ථාවේ දී පවුල් 100කට මෙම මාහැඟි පරිත්‍යාගය සිදු කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. ඒ සෑම පවුලකටම වියළි ආහාර මල්ලක් පරිත්‍යාග කරමින් උතුම් දළදා පින්කමක් ද සිදු කොට එදිනට 85 වන වියට පා තබන අස්ගිරි මහ නා හිමිපාණන් වහන්සේට දිගාසිරි පැතීමද සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන් විසින් සැලසුම් කර ඇත.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]